Monday, February 7, 2011

විපතට පත් ජනයාට ප‍්‍රමුඛතාවය දෙමු.



ශ‍්‍රි ලංකාවෙි උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වලට ඇද හැලුනු මහා වැසි හේතුවෙන් මෙි වනවිට පුද්ගලයින් 07 දෙනෙකු මරමුවට පත්වි ඇතිි අතර අවතැනි වු සංඛ්‍යාව මිලියනයක් පමණ වෙයි. අවතැන් වු ජනයා කොවිල් පාසල් සහ පොදු ස්ථාන වල තාවකාලිකව නවාතැන් ගෙන සිටිති.

විිනාශයට පත් වු මුලු නිවාස ගණන 1000ක් පමණ වෙි. උතුරු මැද පළාතේ තත්වය වඩාත් දරුනු වුයේ අනුරාධපුර සහ පොළොන්නරු දිිස්ත‍්‍රික්කයන්ය. නැගෙනහිර පළාතේ ආපදා තත්වයට වැඩියෙන් ගොදුරු වුයේ ත‍්‍රිකුණාමලය, මඩකලපුව සහ අමිපාර දිස්ත‍්‍රික්කයන්ය.

අනුරාධපුර සිරගෙදර ගංවතුර තත්වයට මුහුණ දුන් අතර මෙි නිසා රැදවියන්ට වෙනස් සිරගෙවල් තුනකට මාරුවිමට සිදුවිය.

ගංවතුර තත්වය නිිසා අදාල ප‍්‍රදේශ වල කුඔුරු අස්වැන්නේන් 90%ක් පමණ විනාශයට පත්වි ඇත.

ශ‍්‍රි ලංකා ගවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයකින් බෙිරා ගැනුනු ගර්බනි කාන්තාවක් රැගෙන යමින් සිටියදි උඩු ගුවනේදි දරු උපතක් සිදුවු බව වාර්තා විය.

අයහපත් කාළගුනය නිසා නැගෙනහර පළාතේ දෙහිඅත්තකණ්ඩිය සහ මහ ඔය අධ්‍යාපන කළාප වල හැර සෙසු ප‍්‍රදේශ වල සියලු පාසැල් ලබන බදදා දක්වා වැසිමටද තිරණය කර ඇත.

මෙම ගංවතුර නිසා විපතට පත්වුවන්ට රජය දින සයකට වරක් මාස 06ක කාලයක් වියළි ආහාර සලාකයක් ලබාදිමට තිිරණය කර ඇත.

නමුත් රජය අවතැන් වුවන්ට සහන සැලසිිම සදහා අවශ්‍යය දේ මිළට ගැනිමට ප‍්‍රදේශිය ලේකමිවරුන්ට සහ ග‍්‍රාම නිළධාරින්ට අවශ්‍යය කරන මුල්‍යය ප‍්‍රතිපාදන ලබාදිමට රාජපක්ෂ රජය අසමත් විි ඇතැයිි ජනතා විිමුක්ති පෙරමුණ චොදනා කරයි.

මෙි විපත්තිදායක අවස්ථාවට ආණුඩුව ප‍්‍රමුඛතාවය ලබාදිය යුතුව ඇත. ඒ ශිෂ්ටත්වයයි. එමෙන්ම අපේකමයි.















හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි

No comments:

Post a Comment