Saturday, February 5, 2011

63 වන නිදහස සිතුවිල්ලක්ද?



සාධාරණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලංකාවක් එක්සත් ජනපදයේ බලාපොරොත්තුව බව අද ශ‍්‍රී ලංකාවෙි 63 වන නිදහස් සැමරුම වෙනුවෙන් හිලරි ක්ලින්ටන් මහත්මිය ප‍්‍රකාශ කළාය. මෙයින් මතුවන ගැටලු දෙකකි. ලංකාවෙි සාධාරණත්වය අනාගත බලාපොරොත්තුවක් බව සහ ලංකාවෙි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද අනාගත බලාපොරොත්තුවක් බවයි.

සාධාරණත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන්නෙහිි පදනම නිදහසයි. 1948 පෙබරවාරි 04 වැනිදා අපට අධීරාජ්‍යයවාදින් ගෙන් නිදහස ලැබිිණි. එහෙත් අපට අද දවසේ අපේම පාලන තන්ත‍්‍රයකිින්  නිදහසක් ලැබෙයිද?

නීති විරෝධි අත්අඩංගුවට ගැනිමි සහ වධහිංසා පැමිණවිමි වලින් අප නිදහස්ද?

මාධ්‍යය වාර්තා අනුව ආණමඩුව පොලිසියේ සිව් දෙනෙකු පහරදී සපා කෑමට ලක්වූ බව කියන තරුණයෙක් නිකවැරටිය රෝහලට ඇතුළත් කර ලැබ සිටියි. මෙසේ රෝහල් ගත කර ඇත්තේ නවගත්තේගම කෝන්කඩවල පදිංචි ලලිත් කුමාර මහතාය ඔහු වැලි ට්රැක්ටරයක රියැදුරෙකි ඔහුට පහරදුන් බවට පුත්තලම සහකාර පොලිස් අධිකාරි එස් එස් වික්රමසූරිය මහතාට පැමිණිලිකර ඇත





නිදහස යනු ජනතාවට සාධාරණ යුක්තිය පසිදලිමකින් ආරක්ෂාව සහ සහනයක් ලැබිමයි. යුක්තිය අහිමිවිම තරමි ජනතාවට පිඩා ගෙනෙන වෙන දෙයක් නොමැති තරමිය. ලංකාවෙි නීතිය ගැන යුක්තිය ගැන කතා කරනකොට නීතිපති දෙපාර්ථමෙින්තුව කිසිසේත් අමතක කළ නොහැක. අපේ නීතිපති දෙපාර්ථමෙින්තුව ජනතාවගේ නිදහස රැුකෙන පරිදි කටයුතු කරයිද? 

මාධ්‍යය වාර්තා කළ ආකාරයට හිටපු නියෝජ්ය ඇමැතිවරයකු හා කැස්බෑව ශ්රීලනිප සංවිධායක චන්දන කත්ත්රිආරච්චි ඇතුළු සිවුදෙනෙක් පිළියන්දල නාම්පමුණුව මිනීමැරුම් නඩුවේ පළමු චෝදනාව වන අයුතු ජනරාශියට වරද පිළිගත්හ වසර 15කට පෙර කේ දොන් චන්ද්රරත්න කත්රිආරච්චිට වෙඩි තබා මරා ඔහුගේ සොයුරු කේ දොන් කරුණාරත්නට තුවාල කළැයි චෝදනා තුනක් යටතේ පී ජී සුනිල් පෙරේරා රුවන් චන්දන ප්රනාන්දුල එම් මහේෂ් පීරිස් හා චන්දන කති්රආරච්චිට එරෙහි මේ නඩුව පවරා තිබිණි වෙඩි තැබූ බව කියන සිව්වැනි විත්තිකාර ඒ නිහාල් සුරේෂ් නොමැතිව නඩුව විභාග විය 

දෙවැනි තෙවැනි චෝදනා වූ ඝාතනය හා තුවාල සිදු කිරීමේ චෝදනා නීතිපති විසින් ඉන්පසු ඉල්ලා අස්කැර ගැනිණි විත්තිකරුවන්ගේ ඇඟිලි සළකුණු ගන්නැයි නියෝග කළ කොළඹ දිසා විනිසුරු කුමුදුනී වික්රමසිංහ මහත්මිය දඬුවම් පැමිණවීම මාර්තු නව වැනිදාට කල් තැබුවාය

නඩුව මුලින්ම විභාග වූයේ පානදුර මහාධිකරණයේදීය තීන්දුව දීමට ඔන්න මෙන්න කියා තිබියදී ජූරි සභාවේ 
නායකයාට මරණ තර්ජන එල්ලවිය ඉන්පසුව නඩුව කොළඹට මාරු කැරිණි

පොලිසිය සහ නීතිපති දෙපාර්ථමෙින්තුවෙි  තත්වය මෙබදුවිට අපට අනෙක් ක්ෂේත‍්‍ර ගැන තව තවත් උදාහරණ දිදි පැහැදිිලිි කිරිමි කිරිම අවශ්‍යය නැත.

දේශපාලනයට නතුවු සහ ගැතිිවු මහජන මුදලින් යැපෙන ආයතන පද්ධතියෙන් සාමාන්‍යය ජනතාවට අහිමිවු නිදහස දිනා ගැනිම එතරමි පහසු කටයුත්තක් නොවෙි. නමුත් කළ නොහැක්කක්ද නොවෙි. මෙි 63 වන නිදහස් සැමරුමෙිදි අපි දේශපාලනයට නතුවු  අපේ යුක්තිය පසිදලිමෙි ආයතන පද්ධතිය එයිින් මුදවා ගැනිමට අඩු තරමෙි අල්ලාප සල්ලාපයේවත් යෙදෙමු.











හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි

No comments:

Post a Comment