Saturday, February 5, 2011

නිදහස් දින මවකගේ අදෝනාව





 














01. සභාපති,
    මානව හිමකම් කොමිෂන් සභාව,
    108, බාන්ස් පෙදෙස,
    කොළඹ 07.

02. පොලිස්පති,
    පොලිස් මලස්ථානය,
    කොළඹ.

03. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී,
    ජ්‍යෙ,පො.අධිකාරී කාර්යාලය,
    කලූතර.

04. ස්ථානාධීපති,
    පොලිස් ළමා හා කාන්තා කාර්යංශය, 
    25, වයිසෙට් ගොඩනැගිල්ල,
    ශ‍්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
    කොළඹ 01.


ලිඛීත පැමිණිල්ල.

යමංගේ හේමලතා, අවු: 50යි, විවාහක, දරුවන් 02යි,
ලිපිනය : අක්කර 33, වැලිගොඩැල්ල, බෝම්ඹුවල.
වන මා මෙසේ ප‍්‍රකාශ කර සිටිමි. 2011. 02. 04 දිනදීය.



දෙහිවත්තගේ ධම්මිකා ජයශීලි, අවු: 23යි, අබාධිත - මාගේ දියණීය වේ.

මාගේ දියණිය උපතින්ම ආබාධිත - ඇවිදගැනීමට නොහැකිව එක්තැන්ව සිටින අයෙකි.

2011. 01. 31 දින දහවල් - බෝම්ඹුවල පදිංචිකරුවකු විසින් (නම නොදනී) මාගේ දියණියව දුෂනය කර තිබේ.

එම පුද්ගලයාගේ නම නොදන්නාමුත් ඔහු ගමේ අයකු බැවින් හඳුණන අයෙකි. ඔහු අප ගමේ පේමේ යනුවෙන් හඳුන්වන තැනැත්තාගේ බෑණා වන අතර, අප ඔහුව පේමේගේ බෑණා යනුවෙන් හඳුුන්වනු ලබනවා.

මාගේ සැමියා නිවසේ සපත්තු සෑදීම සිදුකරන අතර, එම පුද්ගලයා දිනක් නිවසට පැමිණ සපත්තු සාදවාගෙන ගියා.

අනතුරුව 2011. 01. 31 දින මා අසල නිවසක දානයකට ගිය අවස්තාවේ නිවසට පැමිණ ඇති එම පුද්ගලයා, නිවසේ තනිව සිටි මාගේ දියණීයව දුෂණය කර තිබෙනවා.

මාගේ දියණීය ඇයට සිදුවූදේ මා නිවසට පැමිණී පසු මට ප‍්‍රකාශ කර සිටියා. එ් වන විටත් ඇය ඉතා අමාරු තත්වයේ සිටියා. එ් අනුව මා සැමියා ද සමග දියණීයව ෙදාඩංගොඩ පොලිස් ස්ථානයට ගෙන ගියා. එවිට වේලාව සවස 2.00 - 2.30 පමණ වේ. පොලිසිය විසින් සිද්ධිය අදාලව මාගේ දියණීයගෙන් පැමිණීල්ලක් සටහන් කරගත්තා. පසුව එම අවස්තාවේම පොලිස් නිළධාරීන් ත‍්‍රී රෝද රථයකින් ගොස් මාගේ දියණියව දුෂණය කල පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ආවා. පසුව අපට පිටව යන්න කිව්වා.

අනතුරුව 2011. 02. 02 දින දහවල් 11.30 ට පමණ ෙදාඩංගොඩ පොලිසියට එන ලෙසට සටහන් කරන ලද, ෙදාඩංගොඩ පොලිසියේ ස්ථානාධීපතිවරයාගේ මුද්‍රාව සහිත තුන්ඩු කැබැල්ලක් පේමේ නැමැත්තා විසින් මාගේ නිවසට ගෙනවිත් දුන්නා. ඔහු එය ගෙනආවේද 2011. 02. 02 දිනම පෙ:ව:11.30 ට පමණ වේ. 
එ් අනුව මා එම අවස්තාවේම ෙදාඩංගොඩ පොලිසියට ගියා. මා යන විට මාගේ දියණීයව දුෂණය කල පුද්ගලයා පොලිස් කූඩුුව තුල සිටියා. මා ගිය පසු ඔහුුව කූඩුවෙන් එළියට ගත්තා. 

පසුුව ස්ථානාධීපතිවරයා මා ඉදිරිපිටදීම එම පුද්ගලයාට බැණවැදුනා. පසුව ස්ථානාධීපතිවරයා මට පවසා සිටියා මාගේ දියණීය ආබාධිත නිසා මට දියණීයව රැුගෙන උසාවිගානේ යන්න බැරි හෙයින් මුදල් ලබාගෙන ප‍්‍රශ්ණය ඉවර කරන ලෙසට. එ් අනුව පේමේ යන පුද්ගලයා මට රුපියල් දසදහසක (10,000/=)මුදලක් ස්ථානාධීපතිවරයා ඉදිරිපිටදීම ලබාදුුන්නා. එමෙන්ම පේමේ යන අය ස්ථානාධීපතිවරයා ඉදිරිපිටදීම ”උඹ සල්ලි දුන්නු බව කාටවත් කියන්න එපා, උඹේ මිනිහාටවත් කියන්න එපා” කියා මට පවසා සිටියා. පසුව ස්ථානාධීපතිවරයා මොනවද ලියන ලද පොතකට මාගෙන් අත්සන් ගත්තා.

ස්ථානාධීපතිවරායා ඇගිල්ල දික්කර මට තර්ජණාත්මකව පවසා සිටියා සල්ලි දීපුබව කාටවත් කියන්නේ එහෙම නැහැ කියා. 

ෙදාඩංගොඩ පොලිසියට පැමිණීලි කිරීමට ගිය අවස්තාවේ පොලිසිය විසින් මාගේ දියණියව රෝහල්ගත කිරිමට පියවර ගත්තේ නැත. අපරාධකරුට එරෙහිව කිසිම නීතිමය පියවරක් ගත්තේද නැත. 

මාගේ දියණීයව අද දින (2011. 02. 04 දින) කලූතර නාගොඩ මහා රෝහලට ඇතුලත්කලා.

මාගේ නිවසේ සිට ප‍්‍රධාන පාරට සෑහෙන දුරක් යායුතු අතර, පවතින කාලගුණික තත්වය අනුව දියණීයව පාරට ගෙනයාමටද නොහැකිය. ඇයව ඔසවාගෙන යායුතුය. මා දැඩි අසනීප තත්වයේ පසුවන අතර, ඇයව ඔසවාගෙන යාමට මට ද නොහැකිය. මාගේ දියණීය මේ වන තුරුත් දැඩි අපහසු තත්වයේ පසුුවන බැවින් මා ඥතීන්ගේද සහාය ඇතුව දින කිහිපයක් ප‍්‍රමාදවී හෝ ඇයව අද දින රෝහල්ගත කරවනු ලැබුවා. මේ වන විට මාගේ දියණිය කලූතර නාගොඩ මහා රෝහලේ 10 බී වාට්ටුවේ ප‍්‍රතිකාර ගනු ලබයි.

මා ඉල්ලා සිටින්නේ, වහාම මේ සම්බන්ධයෙන් මැදිහත්ව -

1. මාගේ දියණීයව දුෂණය කල අපරාධකරුට එරෙහිව නීතිමය පියවර නොගැනීම, මාහට මුදල්  දී තර්ජණය කර, මොනවාද ලියූ පොතකට බලහත්කාරයෙන් අත්සන් ගැනීම, අපරාධකරුව  මුදාහරිමින් අපරාධයක් වසන් කිරීමට උත්සහා දැරීම සම්බන්ධයෙන් - ෙදාඩංගොඩ පොලිසියේ  ස්ථානාධීපතිවරයාට එරෙහිව නීතිමය හා විනායානුකූල පියවර ගන්නා ලෙසත්,

2. මාගේ දියණීයව දුෂණය කල අපරාධකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරනා ලෙසත්ය.

ඉහත කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කරමි.
වයි. හේමලතා.


No comments:

Post a Comment