Wednesday, February 16, 2011

තවත් අපේ එකියක් සවුදියේ වහලියක් ‍

ලංකාදීප ඊ පුවත මෙිසේය. සිරුරට කටු ඇතුළු කරන ලද කාන්තාවක ඊයේ (15* සවස කරාපිටිය රෝහලේ දී ශල්‍ය කර්මයකට ලක් කළ බව එහි වෛද්‍යවරු කියති. මෙලෙස ශල්‍ය කර්මයට ලක් කර ඇත්තේ හියාරේ පදිංචි කේ.ජී. මල්ලිකා (33)* මහත්මියයි.


2010 නොවැම්බර් 18 වැනි දා ගෘහ සේවිකාවක ලෙස සෞදි අරාබියට ගිය ඇය මෙම හිංසනයට ගෙදුරු වී ඇත. ඇය කියා සිටියේ තමන් සේවය කළ නිවසේ හාම්පුතා තමන්ගේ අතපය බැඳ තම අත් දෙකට කටු පහක් ඇතුළු කළ බවයි. මෙම සිදුවීම තම නිවෙසට දැන්වීමෙන් පසු පවුලේ ඥාතීහු විසින් ඇය පසුගිය 12 වැනි දා මෙටට ගෙන්වා ගත්හ.

ශ‍්‍රී ලංකාව තුළ වහල් නිදහසක් ඇතැයි අපේ ඇතමෙක් කියති. ඉහත සිද්ධයට අනුව අපි අනෙක් රටවලදීද වහලුන්ගේ තත්වයට පත්වි ඇත. අපේකමට හිමිතැන වහල්බාවය විසින් අත්පත් කරගෙන ඇත. එසේ කියන්නේ අපේ එවුන්ට වහලියන් ලෙස සලකද්දි බලය, ධනය සහ ඥාති සංග‍්‍රහය බුක්ති විදින්නන් බුදි නිසාය.

වහල්බාවය පිළිබද ලියවුනු ෆේඩිරික් ඩග්ලස්ගේ ස්වයං චරිතාපදානයේ පෙරවදනින් පහත කොටස උපුටා දක්වමි. ඒ මක්නසාද යත් ඔහු සියසින් දුටු තිරිසන් වහල්බාවයේ ලක්ෂණ මෙම සවුදි සිද්ධිය තුළින් පිළිබිඔු වන නිසාත් වගකිවයුත්තන් ඇතුලු මහජනතාව මෙි සමිබන්දයෙන් දක්වන ඇදහිය නොහැකි නිහඩතාවය නිසාත්ය.

”හෘදයාංගමව මිනිසුන් වැඩි පිරිසක් වහල්බාවයේ ස්වභාවය නොසළකා කටයුතු කරති. ඔවුන් ඉතා මුරණ්ඩු ලෙස වින්දිතයින්ට දිනපතා සිදුකරනු ලබන කෲරත්වය අසන දකින විට ඒවා විශ්වාස නොකරයි. එවැන්නක් දෙස සැකයෙන් බලයි. ඔවුන් වහලුන්ව දේපල ලෙස තබා ගන්නා බව ප‍්‍රතික්ෂේප නොකරයි. නමුත් මෙි බියකරු කාරණය ඔවුන්ගේ සිත්සතන් වල අයුක්තිසහගත දෙයක් ලෙස සටහන් නොවෙි. තවද එය සැහැසි ක‍්‍රියාවක් ලෙසත් වනචර මිලේචිඡුත්වයක් ලෙසත් හෙලිදරවි වන්නේද නැත.”

මෙම සවුදි සිද්ධිය පළමු වැන්න නොවිය. අවසානයද නොවනු ඇත. මෙි ගැන ලියවුනු පළමු ලිපිය මෙය නොවෙි. තව බෝහොදේ ලියන්නට වහල්බාවයට නිහඩව සිටිමෙන් සහය පලකරන්නන් අවකාශය උදාකරනු නොවුනුමානය.








හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි

No comments:

Post a Comment