Saturday, February 5, 2011

ගංජා බබ්බු !!!


පොලිසියේ ජරාව - මාධ්‍යය ආචාර ධර්ම

දිනේෂ්  ප්‍රියංකරව පානදුර උතුර පොලිසියේ වැඩබලන ස්ථානාධීපති රම්‍ය සිල්වා විසින් අත්අඩංගුවට ගෙන නීති විරෝධී ලෙසට රදවා තබාගෙන වධහිංසා පමුණුවා අධිකරණයට ඉදිරිපත් කළේ, හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකු විසින් ඉදිකරන සුවිසල් මන්දිරයක ටයිල් සොරකම් කල බවට චෝදනාකරමිනි. wOslrKhg bosrm;a kf<a Bg y;amiaku fjkia lreKq u;h

තමාට වධහිංසා පැමිණවූ බව ඔහු අධිකරණයට ප්‍රකාශ කළේය.  ඒ අනුව ඔහුව අධීකරණය විසින් පානදුර රෝහලට යොමු කළේය.

නීති විරෝධී අත්අඩංගුවට ගැනීම, ව්‍යාජ චෝදනා නැගීම, වධහිංසා පැමිණවීම ගැන පළමුව ඔහුගේ බිරිද ද, දෙවනුව ඔහුද අදාල බළධාරීන්ට පැමිණීලි කළේය.

පොලිසිය - දිණමිණ හා ලංකාදීපයට නම් දෙකකින් පෙනී සිටින පුවත් සපයන වාර්තා කරුවකු ලවා බොරු ලියවෙව්වේය. ඒවා පිළීවෙලින් 2011. 01. 28 දින දිණමිණ පුවත්පතේද, 2011.02. 01 දින ලංකාදීප පුවත්පතේද පළ විය.

කියවන්න දිනේෂ්  ප්‍රියංකර විසින් කමල් ලියනාරච්චි (ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිෂම), ප්‍රධාන කතෘ - දිණමින හා ප්‍රධාන කතෘ - ලංකාදීප යන අයට කල පැමිණිල්ල.

...............................................................................................

ඒ. ඒ. දිනේෂ් ප්‍රියංකර පෙරේරා,
43/1, ශ්‍රී ධම්මානන්ද මාවත,
ගොරකාන,
කෙසෙල්වත්ත.
2011. 02. 03

01. කමල් ලියනාරච්චි මහතා,
  වැ.බ.ප්‍රධාන විධායක නිළධාරී (සිංහල පැමිණීලි),
  ශ්‍රී ලංකා පවත්පත් පැමිණිලි කොමිෂම,
   96, කිරුල පාර,
   කොළඹ 05.

02. ප්‍රධාන කතෘ
      දිණමිණ,
      ලේක් හවුස්,
      ඩී. ආර්. විජේවර්ධන මාවත,
      කොළඹ 10.

03. ප්‍රධාන කතෘ,
      ලංකාදීප,
      අංක 08, හුණුපිටිය හරස් පාර,
      කොළඹ 02.


මහත්වරුණි,

ටයිල් කොරකම්කළ ගංජා බබා අත්අඩංගුවට
                                දිණමිණ - 2011. 01. 28 (3 පිටුව)

         නිවසකින් කොල්ල කෑ ලක්ෂ දෙකක ටයිල් සමග ගංජා බබා පොලිස් දැලේ
                                ලංකාදීප - 2011 . 02. 01 (කොළඹ) (පිටුව 04)

01.මෙම පුවත - ඔබ පුවත්පත් දෙකටම සපයා ඇත්තේ එකම පුද්ගලයාය.

02. 1. දිණමින පුවත්පතට  - මොහු - බණ්ඩාරගම සමූහ - බිමල් එස්. ජයසංක ය.
      11. ලංකාදීප පුවත්පතට මොහු - බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ ය.

03. මෙම පුවතින් , කියැවෙන සිද්ධියේ සැකකරු මම බව ප්‍රකාශ කරමි.

04. නීතියෙන් බේරීම සදහා - පොලිසිය හා එක්ව මට ගංජා බබා නමින් නමක් පට බැද ඇත.

05. මා ත්‍රී රෝද රියදුරෙකි. ප්‍රෙද්ශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යයි කියාගන්නා
      පුද්ගලයකුගේ විශාල ගොඩනැගිල්ලක ටයිල් සොරකමකට මා සැක පිට අත්අඩංගුවට ගන්නා
      ලදි.

06. එසේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව මාහට කෘෘර වධහිංසා පමුණූවා පානදුර මහේස්ත්‍රාත්
      අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

07. මට පමුණූවා ඇති වධහිංසා අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමත් සමග - ගරු මහේස්ත්‍රාත්වරයා
      මා පානදුර මූලිකරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී වෙත යොමු කළේය.

08. ඒ අතර, මාගේ බිරිද - කෙසෙල්වත්ත පොලිසියේ වැ.බ.ස්ථානාධිපති රම්‍ය සිල්වා ඇතුඵ
      නිලධාරීන්ට එරෙහිව අදාල බළධාරීන්ට පැමිණීලි කලා.

09. මා රෝහලෙන් පිටවූ පසු සියඵ විස්තර අන්තර්ගත කර - අදාල බළධාරීන්ට පැමිණීලි කලා.

10. මෙම තත්වය යටතේ කෙසෙල්වත්ත පොලිසියේ වැ.බ.ස්ථානාධීපති බණ්ඩාරගම සමහ බිමල්
      එස් ජයසංක හා බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ යන නමින් පෙනී සිටින පුද්ගලයා ලවා
      ඔබ පුවත්පත් දෙක උපයෝගී කරගෙන ව්‍යාජ තොරතුරු වාර්තා කර තිබේ.

11. මේ සමග, මා හා මාගේ බිරිද විසින් කරන ලද පැමිණිලිවල ජායා පිටපත්ද, අධිකරණ
      නියෝගය හා මට සිදුකල තුවාල පිළිබදව වෛද්‍ය සටහනේ ජායා පිටපතක් ද එවමි.

පොලිසියේ අවශ්‍යතාව මත, පොලිසියෙන් අයුතු ලාබ  ප්‍රයෝජන ලබා අසත්‍ය පුවත්, විකෘති කරන ලද පුවත් පල කිරීම - ඔබ පුවත්පත් විසින් අඛණ්ඩව කරගෙන යමින් , පාඨකයින් නොමග යැවීමට පියවර ගෙන තිබෙන බව මා හොදින් දනිමි.

අඩුව වශයෙන් කෙසෙල්වත්ත පොලිසිය (පානදුර උතුර) විසින් පානදුර මහේස්ත්‍රාත් උසාවියේ මට විරුද්ධව පවරා ඇති නඩුවේ මා හා අදාල චෝදනාව කුමක්දැයි විමසීමට තරම්වත් සාදාචාරයක් ඔබට නොතිබුනු බව ප්‍රකාශ කරමි.
මෙය ලියන්නේ ඔබගේ සහන අපේක්ෂාවෙන් නොවේ. ඔබ ලොව පිළිගත් ජනමාධ්‍ය ආචාර ධර්ම කෙළෙසමින් කටයුතු කරන බව - පාඨකයින් හොදින් වටහා ගෙන සිටින බව දැනුම් දීමටය.

ඔබ කර ඇත්තේ මේ රටේ අන්ත දූෂිත ආයතනයක් වන, අකාර්යක්ෂම අදක්ෂ පොලිසියේ, දූෂිත පොලිස් කාරයින්ට ඉනිමං බැදීමකි.

මෙය ලැබුනු බව දන්වන්න.

ඒ. ඒ. දිනේෂ් ප්‍රියංකර පෙරේරා.

JS

No comments:

Post a Comment