Saturday, December 4, 2021

ඡන්ද පොළට පැන - හොර ඡුන්ද දැමූ හිටපු මහ ඇමති, මහින්ද අබේකෝන් ට දුන්න දඬුවම ”නාමික” කරයි. 20 අවුරුද්දක් ගතවීම හා වයසත් සලකා බලයි.

 

2001 මහ මැතිවරණයේදී, ගලහ වත්තේ, ඡන්ද පොළට 13 කු සමග පැනපු, එවක, මධ්‍යම පළාත් මහ ඇමති මහින්ද අබේකෝන්, ඡන්ද පත‍්‍රිකා පැහැරගෙන, ඡුන්ද පෙට්ටි පුරවන ලදි.

මෙම සිද්ධිය අදාළව ඔහුට විරුද්ධව පවරන ලද නඩුව 2015 දී, විභාගයට ගන්නා ලදි. එ අවුරුදු 14 කට පසුවය.

එ වන විට, චූදිතයින් දෙදෙනෙක් මිය ගොස්ය. ඉතිරි 11 දෙනාව, නිදොස් කොට නිදහස් කරන ලදි.

හිටපු මහ ඇමති මහින්ද අබේකෝන් ට, අවුරුදු 2 1/2 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරින.

එම තීන්දුවට එරෙහිව, මහින්ද අබේකෝන් හිටපු මහා ඇමතිවරයා, අභියාචනා අධිකරණය ඉදිරියට  යන ලදි.

එම අභියාචනයේ තීන්දුව 2021.12.02 දින, ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

මහාධිකරණය ලබාදුන්න තීන්දුව ස්ථිර කළ අභියාචනාධිකරණය, වසර 20 ක් ගතවීම හා මහින්ද අබේකෝන් ගේ වයස ගැන සලකා බරපතල වැඩ සහිත වසර 21/2, සිර දඬුවම වසර 2 දක්වා අඩුකර, වසර 5කට  අත්හිටවනු  ලැබීය.

මෙම සිදුවීම බොහෝ දෙනෙක් දන්නේ නැත. දන්නා අයට ද, අමතකය. මෙය තවත් නඩු තීන්දුවක් පමණි. 2001 ට පෙරත්, පසුවත්, මැතිවරණ නීති උල්ලංඝණය සිදුවේ.

එදා, ඡුන්ද පොළට පැන, ඡුන්ද පෙට්ටි ඉස්සීය. අද, මැතිවරණ නීති උල්ලංඝණය වෙනස් ය. ප‍්‍රචණ්ඩත්වය ඩිජිටල් වෙලාය.


CA/HCC/0177/2015

However, the incident in this case had happened twenty years ago. The appellant had to bear the torment of this case for the last twenty years. The appellant has no previous convictions and is in an advanced age. Taking these reasons into consideration, the sentence of two and a half years is reduced to two years and suspended for five years with effect from the date of this judgement, that is 02nd of December, 2021. 

  


No comments:

Post a Comment