Sunday, December 12, 2021

සමරිසි සැකකරුට කොච්චි මිරිස් ප්‍රරතිකර්මය ලබාදී රිමාන්ඩ් කරවයි!

 සමරිසි සැකකරුට කොච්චි මිරිස් ප්‍රරතිකර්මය  ලබාදී රිමාන්ඩ් කරවයි!

 තිස් හැවිරිදි අවිවාහිකයෙක්. කුලී වැඩ කර ජීවත් වන මොහුගේ විනෝදාංශය පරෙවියන් ඇති කිරීමයි.

 මොහු පසුගිය දා පින්වත පොලිසියට යන්නෙ තමාට විරුද්ධව පරවියන් මිලට ගැනීමට  පැමිණි බාල වයස්කාර පිරිමි ළමයකු ඔහුට විරුද්ධව පොලිසියට ගොස් ඇති බව දැනගන්නට ලැබීමෙන් පසුවය

 තම මව සමඟ පොලීසියට යන විට දුටුවේ අදාල පිරිමි ළමයා සිය පියා හා ආච්චි සමග පින්වත පොලිසියට පැමිණ සිටින බවයි

  මොවුන් අසල්වැසියන් නිසා මව,  ආච්චිගෙන් කාරණය විමසීමට  උත්සාහ ගැනීමත් සමග ඉදිරියට පැමිණි කුමාර නමැති පොලිස් කොස්තාපල්වරයා මොහුව පොලිසිය තුළට ඇද අතින් පයින් හා පොලු වලින් පහරදීමට පටන් ගන්නා ලදී

 තම පුතාට පහර නොදෙන ලෙස ඉල්ලමින් මාව කෑගසන විට මවට ද පහර දී තල්ලු කර දැමීම නිසා ඇය සිහි නැතිව වැටිණ.

 සීහි නැතිව ගොස් සිටී මව රෝහල්ගත කරන අවස්ථාවේදී ඇයට සිහ පැමිණ ඇත. ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඇය රෝහලින් පිටව සොයා බැලීමේදී පසුදිනම පුතාව අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට යවා ඇති බව දැනගන්න ලැබිණ.

 බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට ඇය පුතාව බැලීමට ගියද ඒ සඳහා අවස්ථාව නොලැබූ අතර ඔහුගේ අවශ්‍යතා සඳහා රුපියල් දෙදහක මුදලක් නිරෝධායන මධ්‍යස්ථානයේ ආපනශාලාවට බැඳීමට පියවර ගෙන තිබිණි.

  අත්අඩංගුවට ගත් දින රාත්‍රියේ බීමත්ව පැමිණි පොලිස් නිලධාරින් පුතාට අමානුෂික ලෙස පහරදී කොච්චි මිරිස් ඉස්ම යොදමින් වධහිංසා පමුනුවා ඇති බව දැනගන්නට ලැබී තිබේ.

 මෙම අමානුෂික වධ හිංසාව පිළිබඳව නිසි පරික්ෂණ පවත්වන ලෙසට ඇය ලිඛිතව පොලිස්පතිගෙන් හා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

 මොවුන් ගේ ආර්ථික පසුබිම යටතේ මෙම කරුණු විධිමත් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට හා අදාල නීතිමය සහන ලබා ගැනීමට, විශේෂයෙන් ඇප ලබා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග වලට පිවිසීමට හැකියාවක් නැති බව ප්‍රරකාශ කරයි.

 ලංකාවේ පොලිසිය බ්‍රිතාන්‍යයන් පිහිට වූ දා සිට සමාන්‍ය ජනයා මර්ධනය සිදුකරන අතර ඒ සඳහා ආවරණයට යොදා ගන්නේ අධිකරණයයි.

 

 

 

 

No comments:

Post a Comment