Thursday, June 30, 2016

චීවරධාරියකු සනසන්නට ආබාධිත ගැහැනියකුට වධ දෙයි.



හෘදයාබාධයකින් පෙළෙන හා උපතින්ම කථා කිරීමේ ඌනතාවයකින් පෙළෙන ඇය 36 හැවිරිදි තිදරු මවකි.

පානදුර, නල්ලූරුව, ගල්වැටි මෝදර, ශ‍්‍රී සද්ධර්මා රාමයේ සොරකමක් සිදු වී ඇති බවට අනුරපුර ශ‍්‍රී සුමේධ නැමති චීවරධාරියාගේ පැමිණිල්ලකට මෙම රෝගී අබාධිත ස්ත‍්‍රිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පොලීසියේ සී.අයි.ඞී. සුනෙත් නැමති නිලධරියාය. ඔහුගේ කැඳවීමට පොලීසියට ගිය ඇයව එහි කාමරයක් තුළ සිරකරගෙන කුණුහරප කියමින්, නින්දා අපහාස කරමින් කන්නට බොන්නට නොදී වධ දෙමින් භික්ෂුවගෙන් සොරාගෙන ඇයට ලබා දුන් යැයි කියන රු:3000/- ක මුදල ඉල්ලා සිටින බව මව ඩබ්.එච්.මාලනී පැමිණිලි කර සිටී.

නොපමාව මෙම අමානුෂික ක‍්‍රියාව නැවැත්වීම සඳහා මැදිහත්වන ලෙසට මව ඩබ්.එච්.මාලනී බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා ඇත.

2016.06.30 දාතමින්, මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව හා පොලිස්පති අමතන ලද ලිපිය.
                 
   නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධ දීම නතර කරන ලෙසට 
කරන ඉල්ලීම.

ඩබ්.පී. ප‍්‍රියංකා චමින්දනී, අවු: 36, විවාහක, දරුවන් 03 යි, මාගේ දියණිය වේ.

2016.06.29 දින පස්වරු 2.00 ට වාද්දුව පොලීසියේ තිදෙනෙක් සිවිල් ඇඳුමින් පැමිණ ප‍්‍රියංකා කියන්නේ කවුද කියා මාගෙන් ඇසුවා. මම කිව්වා දුව කියා. ඇය මේ වෙලාවේ පානදුර රෝහලේ ලේලි ළඟ ඉන්නවා කිව්වා. 

එවිට මට තුණ්ඩුවක් දී, අද උදේ (2016.06.30) උදේ 10.00 ට වාද්දුව පොලීසියේ සී.අයි.ඞී. එකට ඇවිත් සුනෙත් ව හමුවෙන්න කිව්වා. එ් අනුව මා ප‍්‍රියංකා, ලේලිය වන ශාන්ති සමග වාද්දුව පොලීසියට ගියා.

එහිදී සුනෙත් කියන නිලධාරියා ප‍්‍රියංකාව පොලීසියේ පිටිපස්සෙ කාමරයකට ගෙන ගියා. ඇයව එම කාමරයේ තියාගෙන නින්දා අපහාස කරමින් කුණුහරප කියමින් රු: 3000/-ක් ඉල්ලා සිටිනවා.

මටත් ලේලියටත් බලන්න දෙන්නේ නැහැ. කුණුහරප කියමින් එළවා ගන්නවා. ඇයව තියාගෙන ඉන්නේ පිරිමි පස් හය දෙනෙක්. ඔවුන් සිවිල් පිට ඉන්නේ. හැමෝම කුණුහරප කියනවා. කිසිම කාන්තා නිලධාරිණියක් නැහැ. ඇය හෘද රෝගියෙක්. උපතින්ම කථා කිරීමේ අපහසුතාවය ඇති අයෙක්.

ඇයට මෙසේ වධ දෙන්නේ පානදුර, නල්ලූරුව, ගල්වැටි මෝදර, ශ‍්‍රී සද්ධර්මා රාමයේ අනුරපුර ශ‍්‍රී සුමේධ නැමති චීවරධාරියාගේ අවශ්‍යතාවයට.

මා ඉල්ලා සිටින්නේ,

නොපමාව මැයට පොලිසිය සිදුකරන අපරාධය නවත්වන ලෙසටය.

මෙයට,

ඩබ්.එච්.මාලනී






No comments:

Post a Comment