Wednesday, June 8, 2016

අපරාධ චෝදනා වලට වරදකරු වූ කොස්තාපල් එ් පොලිසියේම වැඩ. පො.ප. පුජිත ට විවෘත ලිපියක්


රුපා නන්දශිලි හා රමණි
පහත දැක්වෙන්නේ අපරාධ චෝදනා වලට වරදකරු වූ පො.කො. 32807 පානදුර දකුණ පොලීසියේ වැඩ කරමින් අසල්වැසි වැන්දඹවන් දෙදෙනෙකුට කරන අඩම්තෙට්ටම් පිළිබඳව පො.ප පුජිත් ජයසුන්දරට ලියන ලද විවෘත ලිපයයි. මේ ගැන පුදුම විය යුතු නැත. එහෙත් මෙවන් දේ අභියෝගයට ලක්කරන දිරිය ලියන් අගය කළ යුතුයි.  


ලියා පදිංචි තැපෑලෙනි


පූජිත ජයසුන්දර මයා
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

අපරාධ චෝදනා වලට වරදකරු වූ පොලිස් කොස්තාපල්වරයාට නිදැල්ලේ සිටිමින් 
තව තවත් අපරාධ කරන්නට ඉඩදීම

නම : ලියනගේ දිල්රුක් ගුණතිලක නොහොත් ලාල්
අංකය : පො.කො.32807
සේවා ස්ථානය : පානදුර දකුණ පොලිස් ස්ථානය
නඩු අංකය : 63000- පානදුර මහේස්ත‍්‍රාත් උසාවිය
නඩු අංකය : 08/ 2013 -  පානදුර මහාධිකරණය

2006.06.12 වන දින කොළඹ විශේෂ විමර්ශණ එ්කකයේ ස්ථානාධිපති විසින්, චෝදනා 13 ක් යටතේ, මොහු ඇතුලූ පොලිස් නිලධාරීන් 05කුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ නඩු පවරන ලදි. 

එම නඩුවේ තීන්දුව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය 2013.04.05 ප‍්‍රකාශයට පත්කරනු ලැබීය.

පිටු 161 කින් සමන්විත එම නඩුවේ තීන්දුවෙන්, සෙසු පොලිස් නිලධාරීන් නිෙදාස් කොට, නඩුවේ දෙවන චූදිතයා වූ අදටත් පානදුර දකුණ පොලිසියේ රාජකාරි කරන, පො.කො. 32807 ලියනගේ දිල්රුක් ගුණතිලක නොහොත් ලාල් චෝදනා දෙකකට වරදකරු කරනු ලැබීය.

එ් අනුව, 2013.04.26 වන දින, 
01 වන චෝදනාව සඳහා මාස 06ක බරපතල වැඩ සහිත සිරි දඬුවමක් හා රු: 1000/=ක දඩයක්ද, 04 වන චෝදනාව සඳහා අවුරුදු 01ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා 
රු. 1000/= ක දඩයකට යටත් කරනු ලැබීය.

පෙරවැරදි නොමැතිවීමේ හේතුව මත අවුරුදු 01යි මාස 06 සිර දඬුවම අවුරුදු 10කට අත්හිටුවා, රු.2000/= දඩ මුදල ගෙවිය යුතු බවත්, එය නොගෙවන්නේ නම් තවත් මාස 06ක බරපතල වැඩ සහිත දඬුවමක් නියම කළේය.

මෙම තීන්දුවට එරෙහිව මොහු අභියාචන පෙත්සමක් පානදුර මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එම අභියාචනයේ අංකය , ම.අභියාචන 08/2013 වේ.

මහාධිකරණයේදී, මහේස්ත‍්‍රාත් අධිකරණයේ වැරදිකරු කිරීමේ නියෝගය අභියෝග නොකරන බවයි. එහෙත් නියම කල දඩ මුදල රජයේ ගාස්තුවක් බවට පත් කිරීම එකම ඉල්ලීම බව කියා සිටින ලදි.

රජයේ නීතිඥවරිය, රජය වෙනුවෙන් එ් පිලිබඳව එකඟතාවය පළකරනු ලැබීය.
එ් අනුව, නියම කරන ලද දණ්ඩ නියෝගයෙහි සඳහන් දඩ මුදල පමණක් රජයේ ගාස්තුවක් ලෙසට පරිවර්ථනය කිරීමේ සංශෝධනයට යටත්ව, අභියාචනය ගාස්තු රහිත කරනු ලැබීය.

මෙයින් ප‍්‍රකාශ වූයේද මොහු, එනම් පො.කො.32807 ලියනගේ දිල්රුක් ගුණතිලක නොහොත් ලාල් අපරාධ චෝදනා 2කට වරදකරු වී ඇති බවයි.

එසේ තිබියදී, මෙම අපරාධකරු තවමත් පොලිසියේ රාජකාරි කිරීමයි.

එපමණක් නොව, තවමත් ඔහු සේවය කරන්නේ පානදුර දකුණ පොලිස් ස්ථානයේ ය.

මෙම අපරාධකාර පොලිස් කොස්තාපල් - මෙම නඩුවේ අගතියට පත්වූ පාර්ශවයට පොලිස් බලතල උපයෝගී කරගෙන නොනවත්වාම හිරිහැර පීඩා කරනු ලබන්නේය. එයට පානදුර දකුණ පොලිසියේ හා හිරණ පොලිසියේ නිලධාරීන්ගේ සහයද ලැබෙන්නේය. 

ආසන්නතම සිදුවීම

1. 2016 ජූනි 03 දින, මැදියම් රැුයේදී, මොහු හොඳටම බීලා, හෙල්මටයද පැළැඳ ඇවිත් අසල්වැසි රූපානන්දශීලි හත්තොටුව(අවු:64* මට කුණූහරප කියමින් බැණ මරණ තර්ජණය කරමින්, ගේට්ටුවද කඩා දමා හිරිහැර කරනු ලැබීය. එහි අලාභය රු:7500/ක්  පමණ වේ.

විනාඩි 10ක පමණ කාලයක් ඔහු එසේ හිරිහැර කරමින් සිටියදී, ඔහුගේ බිරිඳ හා පුතා පැමිණ ඔහුව අල්ලාගෙන ගෙන යනු ලැබුවා. එසේ ඔහු පිටව යන විට මම තෙපිව මරණවා යනුවන් කෑ ගැසුවා.

එ් පිළිබඳව ඔබගේ 119 හදිසි ඇමතුම් අංකයට තුන්වරක්ම කතා කලද පැමිණියේ නැත. එ් මොහු පොලිස්කාරයකු වූ නිසාය.

2. එදිනම එනම් 2016 ජූනි 04 දින, පෙරවරු 10.00 ට පමණ, හිරණ පොලිසියේ ්ථානාධිපතිවරයා හා තවත් නිලධාරියකු ජීප් රථයෙන් රමණි පෙරේරා වන මාගේ නිවසට පැමිණියා. 

ස්ථානාධිපතිවරයා , මාගේ නිවස සෑදීමට මුදල් පාස්වුනු තැන කොහේද කියා විමසා, එ්වායේ ලියුම් ඔයා ලඟ ඇතිනේ, එ්වත් සේරම අරගෙන සඳුදා (2016.06.06 දින* හවස 5.00 ට හිරණ පොලිසියට එන්න කියා මා හට පවසා සිටියා.

තවද ඔහු පවසා සිටියා - ලාල් කරදර කරනවා, මගෙත් රස්සාව නැති වෙනවා, එ් නිසා පොලිසියට ඇවිත් අත්සනක් දාලා යන්න කියා.

මෙසේ පොලීසියට කිසිදු නීතිමය අයිතියක් නැති කාරණාවලට පො.කො.32807 ලියනගේ දිල්රුක් ගුණතිලක නොහොත් ලාල් නැමැත්තා, පොලිසිය බලය අයුතු ලෙස භාවිතා කරමින්, දිගින් දිගටම හිරිහැර කරනු ලබන බව ප‍්‍රකාශ කරමි.

ඔබ පොලීසිය අධිකරණය මගින් අපරාධ වලට වැරදි කරුවන් සේවයේ තබාගෙන සිටි මෙන් ඔප්පු කර තිබේන්නේ ‘‘පොලිස් අපරාධකරුවන්ට නීතිය අදාල නැත’’ යන්නය. 

මෙයට,

රුපානන්දශිලි හත්කොටුව                                          රමණි පෙ ෙර්රා
හිරණ, පානදුර
2016.06.10

පිටපත්:
1. නියෝජ්‍ය පොලිස්පති බ/ප                             2. සභාපති - ජා.පොලිස් කොමිෂන් සභාව
3. සභාපතිනිය - මානව හිමිකම් කොමිෂන් සභාව
4. ජේ්‍ය.පොලිස් අධිකාරී - පානදුර
5. අධ්‍යක්ෂ නීති, පොලිස් මූලස්ථානය
6. ස්ථානාධිපති - මහජන පැමිණිලි, පොලිස් මූලස්ථානය
7. මූලස්ථාන පොලිස් පරීක්ෂක – පානදුර දකුණ පොලිස් ස්ථානය
8. ස්ථානාධිපති - හිරණ පොලිස් ස්ථානය, පානදුර
9. ලේකම්- නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය
10. අග‍්‍රාමාත්‍ය ලේකම්  11. ජනාධිපති ලේකම්
12. ආයතන අධ්‍යක්ෂ - රාජ්‍ය පරිපාලන.  සහ අදාල සියලු දෙනා වෙත. 

No comments:

Post a Comment