Wednesday, June 1, 2016

කසිප්පු, ගංජා ජාවාරම් කරුවන්ට දොස්තලාත් එකතු වෙලා.



පයාගල ප‍්‍රදේශයේ කසිප්පු හා ගංජා ජාවාරම් කරුවන් ගේ  ඕනෑ එපාකම් පිරිමහන්න, අත්අඩංගුවට ගෙන පහර දුන්න පුද්ගලයෙකුට, පොලිසියේ කීමට ප‍්‍රථිකාර කිරීම ප‍්‍රතික්ෂේප කළ ෙදාස්තරලා ගැන බේරුවලින් වාර්තා වේ.

මේ බව හෙළි කරන්නේ, පොලිසියේ පහරදීම සඳහා ප‍්‍රථිකාර ලබා ගැනීමට, බේරුවල දිසා රෝහලට ගිය මුනිවරගේ ලලිත් කුමාර ප‍්‍රනාන්දු ට, දින 02 යන තුරු, කිසිදු ප‍්‍රථිකාරයක් නොකර, රෝහලින් පිටමං කිරීම පිලිබඳව - සෞඛ්‍ය බලධාරීන්ට කර තිබෙන පැමිණිල්ලෙනි.

පහර කෑමට ලක්වූ පුද්ගලයකු රෝහල්ගත කල විට, පොලිසියට දැනුම්දීම, අධිකරණ වෛද්‍ය පෝරම ගෙන්වා ගැනීම හා එම රෝගියාව අධිකරණ වෛද්‍යවරයකු හමුවට පත් කිරීම - රෝහල් බලධාරීන්ගේ වගකීම වේ.

මෙම වගකීම බේරුවල දිසා රෝහල පැහැර හැරින ලද්දේ පොලීසියේ අවශ්‍යතාවටය. තමාව  රෝහලින් පිටමං කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසට - මුනිවරගේ ලලිත් කුමාර ප‍්‍රනාන්දු සෞඛ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම තමාට පහර දුන්න පයාගල පොලිසියේ සැරයන් නිශාන්ත 64617, ප‍්‍රදේශයේ නම් දරාපු කසිප්පු හා ගංජා ජාවාරම්කරුවන් සමග ගණු දෙනු කරනු ලබන්නෙක් බව ද මුනිවරගේ ලලිත් කුමාර ප‍්‍රනාන්දු කියා සිටී. 

මේ පිලිබඳව මුනිවරගේ ලලිත් කුමාර ප‍්‍රනාන්දු මයා මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට වරයාටද පැමිණිලි කර ඇත.





No comments:

Post a Comment