Thursday, June 9, 2016

මාතෙල් පොලිස් දුෂණ මර්ධකයෝ ලක්ෂ 35 ක සුදු හඳුන් මංකොල්ල කයි.

වින්දිතයා - විමලසුරිය 

ශ‍්‍රී ලංකාවේ පොලීසිය උසාවිය දඩමීමා කරගෙන සිදුකරන සුදු හඳුන් මංකොල්ලා කෑම පිළිබඳ හෙළිදරව්වකි මේ.

මාතලේ ප‍්‍රදේශයේ ආයුර්වේද ඖෂධ වෙළඳාම් කරණු ලබන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලකෂ තිස් පහක් වටිනා සුදු හඳුන් කිලෝ 1100 කට වැඩි ප‍්‍රමාණයක තොගයක් පැහැරගෙන ගොස්, එයින් අඩි 03 ක කෑලි 06 ක් උසාවියට ඉදිරිපත් කර, ඉතිරිය මංකොල්ල කා ඇත.

මෙම මංකොල්ලය සිදුකර ඇත්තේ මාතලේ පොලිස් ස්ථානයේ ¥ෂණ මර්ධන එ්කකයේ නිලධාරීන් පිරිසක්, උසස් නිලධාරීන්ගේ අණූග‍්‍රහය යටතේ ය. මෙම මංකොල්ලය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමට, පොලිස් කොමිෂමට හා පොලිස්පතිට කර තිබෙන ලිඛිත පැමිණිල්ලට අනුව මෙම මංකොල්ලය සිදුකර ඇත්තේ 2011 වසරේ ජූලි මස 19 දින ය.

උ.පො.ප. පනාගොඩ ඇතුලූ පිරිසක්, නීත්‍යානුකූල සන්තකයේ තබාගෙන සිටි කිලෝ 1100 කට වැඩි, අඩි 03 බැගින් කොටස් කර තිබූ සුදු හඳුන් කඳන් 150 කට වැඩි ප‍්‍රමාණයක් ඔවුන් භාරයට  ගෙන ව්‍යාපාරිකයාව ද අත්අඩංගුවට ගනු ලැබීය.

ව්‍යාපාරිකයාව පසුදින මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ, සුදු හඳුන් කඳන් 06 ක් සමගය. ඉතිරි කදන් 144 ම, පොලීසිය සඟවාගනු ලැබීය. ඔහුව, සත්ත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක සංශෝධන පනත යටතේ, බලපත‍්‍රයක් නොමැතිව සුදු හඳුන් සන්තකයේ තබා ගැනීම යන අමූලික බොරු චෝදනාව නගා තිබිණ.

2011 ජූලි 27 වන දින, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු වාර 21 කට පසුව, 2016 මාර්තු 09 දින ඔහුව නඩුවෙන් නිදහස් කරණු ලබන්නේ, සුදු හඳුන් සන්තකයේ තබා ගැනීම වරදක් නොවන නිසා සහ චෝදනාව වැරදි නිසාය.

මෙසේ, රුපිල් ලක්ෂ තිස් පහක් වටින සුදු හඳුන් මංකොල්ලා කෑම ආවරනය කරගන්නේ, අධිකරණය බළල් අතක් කරගෙන ය. නිදහස් වීමට වසර පහක් පුරා, නීතිඥවරුන්ට ගෙවූ මද්ල, ඇතුලුව වැය කළ මුදල රුපියල් ලක්ෂයකට වැඩි මිස අඩු නැත.

මේ මගින් වසර පහක්, මේ සුදු හඳුන් ව්‍යාපාරියකයාව වධහිංසාවට, කෲර අමානුෂික අවමන් සහගත සැලකිලිවලට හා දඬුවම්වලට පාත‍්‍ර කර තිබේ.

මෙවන් පොලිස් මංකොල්ලා කෑම් පිළිබඳව තොරතුරු ඔබ දන්නවා ඇත. එවා පිළිබඳව කරන හෙළි දරව්ව යහපාලනය අර්ථවත් කිරිමට ඉවහල් වනු ඇත. 


No comments:

Post a Comment