Wednesday, June 1, 2016

මුස්ලිම් අන්තවාදයට ස්විට්සර්ලන්තය වැට බඳියි.



එරට සංස්කෘතියට අනුව, සිසුන් තම ගුරුවරු ගුරුවරියන්ට අතට අතදී ආචාර කළ යුතුය.

සමහර ඉස්ලාම් අන්තවාදීන් අතට අතදීම ඉස්ලාම් ආගමික ඉගැන්වීම්වලට එරෙහි ක‍්‍රියාවක් ලෙසට පිළිගනී.

ස්විට්සර්ලන්තයට පදිංචියට පැමිණ සිටින ඉස්ලාමීය නායකයකු (ඉමාන් වරයෙකු* ගේ පුතුන් දෙදෙනෙකු තම ගුරුවරුන්ට අතට අත දීම ප‍්‍රතික්ෂේප කර ඇත.

මෙයට ඉඩදීම ප‍්‍රතික්ෂේප කළ ස්විට්සර්ලන්තය, ඔවුන්ට පුරවැසි භාවය ලබාදීම ගැන සලකා බැලීමටද, අතට අත නොදීමේ වරදට වරදකරුවන්වූ සිසුන්ගේ දෙමාපියන්ට ඇමරිකානු ඩොලර් 5000 දඩයක් නියම කිරීමටද පියවර ගෙන තිබේ.

මෙම ප‍්‍රශ්ණය මූලිකව එරට මුස්ලිම් ප‍්‍රජාව අතර බෙදීමක් ඇතිව තිබේ. අතට අතදීමට පක්ෂ මුස්ලිම්වරු පිරිස්, මුස්ලිම් අන්තවාදීන්ට ඉඩ නොදිය යුතු යයි තීරණයේ සිටිති. 



No comments:

Post a Comment