Tuesday, June 14, 2016

14 ලක්ෂයේ දිනුම නොගෙවා ඉන්න පොලිසිය බළල් අතක් කරගත් බුකීකාරයෙක් ගැන!!!


දවසක ආදායම රු. 40,000/=කි. හැම දිනුමකින්ම 5% බදු.

පානදුර දකුණ පොලිස් වසම තුළ පිහිටි ‘‘බැටින්’’ සෙන්ටරයකින් ඔට්ටු ඇල්ලූ ‘‘පන්ටර්’’ කෙනෙකු දිනූ රුපියල් දාහතර ලක්ෂ හතලිස් දාහා නොගෙවා ඉන්න, පොලිසිය සමග එකතුව ‘‘බැටින්’’ සෙන්ටර් අයිතිකරුව අත්අඩංගුවට ගෙන වධදි නඩු දැම්මවීම ඇතුලූ ‘‘එ්ජන්ට්’’ ලාගේ අලගිය මුලගිය තැන හෙළි කරන පුවතකි මේ. 
ෂියාක්, ‘‘බැටින්’’ සෙන්ටර් අයිතිකරුය. ඔහුගේ ‘‘එ්ජන්ට්’’ - බණ්ඩාරගම කුමාර නැමැත්තෙකි. අප්‍රේල් මස තමා ගේ ‘‘බැටින්’’ සෙන්ටරයේ ඔට්ටු ඇල්ලූ ‘‘පන්ටර්’’ කෙනෙකුට රුපියල් දාහතර ලක්ෂ හතලිස් දාහක් ඇදුනු බව ෂියාක් කියා සිටී. 
නමුත් එ් තුණ්ඩුවට මුදල් නොගෙවූ ‘‘එ්ජන්ට්’’ කුමාර , පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශයේ එවක ස්ථානාධිපති ටෙරන්ස් නැමැත්තා සමග පැමිණ, අත්අඩංගුවට ගෙන, වධ දුන්න බවත්, ඊට පසුව නඩු පැවරූ බවත් ෂියාක් ප‍්‍රකාශ කරන්නේ, රේස් ඔට්ටු ජාවාරමේ අලගිය මුලගිය තැන්ද හෙළිදරව් කරමින්ය.
මේ වන විට මානව හිමිකම් කොමිෂන් සභාව ආරම්භ කර තිබෙන විමර්ශණයට, ෂියාක් විසින් ඉදිරිපත් කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
‘‘අවු: 43යි, විවාහක, දරුවන් 04, රැුකියාව: රේස් ඔට්ටු බාර ගැනීම-(දැනට රැුකියාව නැත).  
2016.06.14 දිනදීය.
2016.04.06 වන දින, මා බුකියේ වැඩ කරමින් සිටින විට, දහවල් 12.00 ට පමණ, බුකියේ අයිතිකරු වන බණ්ඩාරගම, කුමාර පැමිණ, ඊට පෙර දින රේස් තුණ්ඩු අතුරින් රුපියල් දාහතර ලක්ෂ හතලිස් දාහකට මුදලක් ඇදී තිබූ තුණ්ඩුව පෙන්වා, මෙම තුණඩුව මට ලැබිලා නෑ, ඊයේ තුණ්ඩු හා මුදල් බොල්ගොඩ හරියෙදි, පැහැරගෙන තියෙනවා කියා කිව්වා.
මම ඔහුට කිව්වා, තුණ්ඩු හා මුදල් සවස 6.15 ට කොටසකුත්, ඉතිරි කොටස සවස 6.45 ටද කොටසක් බාර දුන්න බව. එවිට, අයිතිකරු කුමාර, මම පානදුරේට ගිහිල්ලා එන්නම් කියා යන්න ගියා. එදින විශේෂත්වය වූයේ, 2016.04.05 දින, රු.5450/=ක ඔට්ටුවක් දැමූ අයකුට, රුපියල් දාහතර ලක්ෂ හතලිස් දාහකට අධික මුදලක් ඇදී තිබීමය. පානදුරයට ගොස් එන බව පැවසූ අයිතිකරු කුමාර, පැය භාගයකට පමණ පසුව, පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශයේ පො.ප.ටෙරන්ස් හා තවත් දෙදෙනෙක් සමග පැමිණියා. පො.ප.ටෙරන්ස් කඬේ වහලා පොලිසියට යන්න වරෙන් කිව්වා. මම කාරණය ඇහුව්වාම පොලිසියට ගිහිල්ලා බලාගනිමු කිව්වා. ඔවුන් පැමිණි ජීප් රථයේ මා නංවාගෙන පානදුර පොලිසියේ උඩම තට්ටුවට ගෙන ගියා. එහි තට්ටු ඇඳන් තිබුනා. මේස දෙකක් තිබුනා.  පො.ප.ටෙරන්ස්, කොහොමද යකෝ මේ තුණ්ඩුව ලැබුනේ කියමින්, තෝ කැරි තමිබියා, උඹෙන් මම ඇත්ත දැනගන්න හැටි දන්නවා කියමින් මට ඇඳන් සිටි කලිසම හා ටීෂර්ට් එක ගලවපන් කිව්වා. ඊට පස්සේ මගේ අත්දෙක රෙදි පටියකින් බැඳලා, බිම වාඩි කරවා, බැඳපු අත්දෙක අස්සෙන් කකුල් දෙක රිංගෙව්වා. අත් හා කකුල් අස්සෙන් යකඩ බටයක් රිංගවා, එතැන සිටි දෙන්නෙක්, යකඩ බටයේ දෙකෙලවරින් උස්සා, මේසයක් උඩ තිබ්බා. තවත් නිලධාරියෙක් මගේ ඔලූවට පිස්තෝලයක් තියා එ්කෙන් ඇන්නා. එම නිලධාරියාට  ඕක කරන්න එපා කියා පො.ප.ටෙරන්ස් බැණ වැදුනා. පො.ප.ටෙරන්ස් විකට් කූරක් ගෙන යටිපතුල් වලට ගැහැව්වා. එ් විදිහට දෙපාරක්ම මට ගැහුව්වා. දෙවෙනි පාර ගහනකොට, කොච්චි ගෙන ආවා. කොච්චි ගෙන ආවේ ක`ඵ මහත තට්ටේ තියෙන කෙනක්. මගේ කටට කොච්චි දමා හපන්න කිව්වා. එ්වා රෙදි කෑල්ලකට අරන්, ඇස්වල මුහුණෙ හැම තැනම ඇතුල්ලූවා. පැයකට වැඩි කාලයක් මට වධ දුන්නා. ඊට පස්සේ අපරාධ අංශයට ගෙන ආවා. විනාඩි 10කින් පසුව, මට මාංචු දමා, ජීප් එකට නංවාගෙන බුකියට ගෙන ආවා. පහල හිටිය අයිතිකාරයා, කුමාර, පිටිපස්සෙන් ඔහුගේ වෑන් එකේ ආවා. බුකිය මට කියා ඇරවා, එහි ලාච්චුවේ තිබුන තුණුඩ 15 පමණ හා එකතුවී තිබූ රුපියල් එකොලොස්දහස් හත්සියයක මුදල - අයිතිකරු කුමාර පොලිසිය ඉදිරිපිටදීම ගත්තා. ඉන්පසු නැවත, මාව පොලිසියට ගෙන ආවා. මාව කූඩුවට දැම්මා. එසේ දින දෙකක් පොලිසියේ තියා ගත්තා. එ් හැම දවසකම බිරිඳ, නැන්දා, නංගී, පුංචි අම්මා මාව බලන්න ආවා. එයට අමතරව නියා, හුසේන් කමල් යන අයද මාව බලන්න ආවා. 2016.04.10 වන ඉරිදා දින, අපරාධ අංශයට ගෙන ගොස් ඇගිලි සලකුණු ගත්තා. ඔවුන් ලියන ලද ප‍්‍රකාශයකට අත්සන් ගත්තා. කියවන්න දුන්නේ නැහැ. එදින දහවල් 2.00 ට විතර, මාව පානදුර උසාවිය ලඟ, වැඩ බලන මහේස්ත‍්‍රාත් තුමිය වෙත ගෙන ගියා. එදින මගෙන් විස්තර කිසිවක් විමසන්නේ නැතිව, 2016.04.11 දින (පසු දින) දක්වා රිමාන්ඞ් කලා. පසුදින (2016.04.11 දින) නැවත උසාවියට ගෙන ආවා. එදින මාව 2016.04.18 දින දක්වා රිමාන්ඞ් බාරයට පත්කලා. එදින මාව ඇප මත මුදාහැරියා. 2016.04.26, එනම් දින 8කට පසුව, නැවත නිවසේදී මාව අත්අඩංගුවට ගත්තා. එදින මාව අත්අඩංගුවට ගත්තේ පො.ප.ටෙරන්ස්, අමල් හා තවත් දෙදෙනෙකි. එදින මාව අලූබෝමුල්ල කුරුස හංදියෙන් ඇතුල් පාරකට ගෙන ගොස්, හතරමං හංදියක ජීප් රථය නවත්වා, මට බහින්න කියා, මේ හරියේ බෑගයක් ඇති හොයපන් කිව්වා. පො.ප.ටෙරන්ස් පෙන්වපු තැන බෑග් එකක් තිබුනා. මම එම බෑගය, කෝට්ටක් අරන් ගන්න හැදුවම, කෝටු ගහන්න එපා, අතින් ගනින් කිව්වා. එසේ අතින් ගන්න විට, පො.ප.ටෙරන්ස් ඔහුගේ ජංගම දුරකථනයෙන් ඡයාරූප ගත කලා. එම බෑගයද රැගෙන, මාව පොලිසියට ගෙනවිත් අපරාධ අංශයට ගෙන ගියා. එදින රාත‍්‍රියේ මාව අපරාධ අංශයේ තියා ගත්තා. ගෙදරින් බලන්න ආවා. පසුදින, 2016.04.27 දින, සවස 6.30 පමණ, මාව මාගේ ගෙදර ගෙන ගොස් මාගේ යතුරු පැදිය, අමල් නිලධාරියා අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආවා.
රාත‍්‍රී 8.00 පමණ, අමල් නිලධාරියා, උඹලාගේ ගෙදර අය මානව හිමිකම් ගිහිල්ලා තියෙනවා, උඹේ අම්මාට හු... ද එහෙට ගියේ, උඹව තියන්නේ නෑ කිව්වා. එතකොට තමයි මම දැනගත්තේ ගෙදර අය මානව හිමිකම් එකට ගිහින් තියෙන බව. එදින රාත‍්‍රී 9.00 පමණ, පො.ප.ටෙරන්ස් ගෙදර අයව ගෙන්වන්න කියා, මගේ ජංගම දුරකථනය මට දුන්නා. අමල් නිලධාරියා, පොලිසියේ දුරකථනය අරන්, රෝහල ඉදිරිපිට මුස්ලිම් හෝටලයට කිව්වා, ෂියාක් ගෙදර අයට එන්න කියන්න කියා පණිවුඩයක් අරින්න කියා. එ් අනුව, රාත‍්‍රී 9.00 ට පමණ නැන්දා හා නංගී පොලිසියට ආවා. එ් දෙන්නා අපරාධ අංශයට ආවා. නංගිව, පො.ප.ටෙරන්ස් මෙහෙ වරෙන් කියා අඬගහලා, ”මූට - වේස බල්ලට ගහලා මරණවා” කිව්වා.  ඊට පස්සේ පො.ප.ටෙරන්ස් තොට තව නඩුවක් දානවා කිව්වා. එදින  අපරාධ අංශයේ තියා ගත්තා. පසුදින, 2016.04.28 උදේ 3.00 විතර, කූඩුවට දැම්මා. එදින දවල් 12.00 ට විතර, අපරාධ අංශයට ගෙනහින් ඔවුන් ලියපු එ්වාට මගෙන් අත්සන් ගත්තා. එදින දහවල් 2.00 පමණ උසාවියට ගෙනිච්චා. එදින මාව පෙරට්ටුවකට දැම්මා.. පසුව පෙර ඇප මත මුදාහැරියා. 

මාහට වධහිංසා පමුණූවා, බොරු නඩු දැමීමට හේතුවූ පසුබිමට කරුණු පහත දක්වමි.

කුමාර, යන ප‍්‍රසිද්ධ රේස් ඔට්ටු කරු යටතේ, බුකිය, වසර 11 තිස්සේ බාරව කටයුතු කළෙමි. කුමාර සතුව, මෙම බුකියට අමතරව තවත්, බුකී 400 කට වැඩි ප‍්‍රමාණයක් තිබේ. මා යටතේ වූ බුකියේ දිනක ආදායම රුපියල් 40,000/= කට වැඩිය. පඩි දිනවල ආදායම රුපියල් ලක්ෂය ඉක්මවයි.  කුමාරගේ දිනක ආදායම රුපියල් ල්කෂ 3 ඉක්මවයි. මෙයට අමරව සෑම දිනුමකින්ම 5% ක් මොහු බද්දක් අයකර ගනී. මොහු බුකියේ හිමියන්ගේ සංගමයට, වසරකට රුපියල් ලක්ෂ විස්සක් ගෙවනු ලබයි. එ් රුපියල් කෝටි 9කට ආසන්න මාසික ආදායමටය. මොහු සිද්ධිය වූ 2014.04.06 දින පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශය හා සමග එක්ව, එදින රුපියල් දහහතර ලක්ෂයේ දිනුම නොදී සිටීමට කරන ලද කුමන්ත‍්‍රණයක, මා ඉත්තකු කර ඇත. මා ඉල්ලා සිටින්නේ, පානදුර දකුණ පොලිසියේ, අපරාධ අංශයේ පො.ප.ටෙරන්ස්, අමල් හා අනෙක් නිලධාරීන් එක්ව, මා නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධ දී බොරු නඩු දැමීම මාගේ මූගික අයිතීන් උල්ලංඝණය කර ඇති බවයි.’’

No comments:

Post a Comment