Wednesday, June 15, 2016

රු.500/= පගාව දෙන්න බැහැ කිව්වාම රු.550/= දඩ කොළයක් දෙයි.


කිසිදු වරදක් සොයා ගන්න බැරිවූ පානදුර දකුණ පොලිසියේ රථ වාහන අංශයේ සැරයන් 24394 චන්ද්‍රරත්න, රුපියල් 500/= දීලා යන්න යයි කිව්ව විට, වරදක් නැතිව සල්ලි දෙන්නේ මොකටද ඇහුව්වම, උඹට රු.500/= නේ දෙන්න බැරි කියා, මූට රු.550/=ක  දඩ කොළයක් දෙන්න යයි සිය සගයාට කියා ඇත.

දඩය නොගෙවන්නේනම්, 28 දින උසාවියේ පෙනී සිටින ලෙසටද සැරයන් 24394 චන්ද්‍රරත්න නියම කර ඇත.

තම දඩ මුදල නොගෙවන බව ලිඛිතව පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට හා ජාතික පොලිස් කොමිෂමට දැනුම් දෙන කුමාර පෙරේරා මයා, පොලිසිය නියම කරන ලද පරිදි 28 දින උසාවියේ පෙනී සිටින බවද දන්වමින්, මෙම බොරු පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට හා මෙම ¥ෂිත පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටද ඉල්ලා සිටී.

2016.06.15 දාතමින් ඔහු මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති අමතන ලද එකී පැමිණිල්ල පහත දක්වමු.

අල්ලස් ලබා නොදීම නිසා, ව්‍යාජ චෝදනා නගා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම.


2016.06.14 වන දින, රාත‍්‍රී 8.40 පමණ, මාහට අයත් ්ඊණ 1608 ත‍්‍රී රෝද රථයෙන් කර්මාණ්තපුරයේ සිට ගාලූ පාරට පැමිණ, වාද්දුව දෙසට ගමන් කරමින් සිටියදී, පානදුර ”ලංකා ටයිල්” ඉදිරිපිටදී, පානදුර දකුණ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් විසින් මාව නැවැත්වූවා. එක් නිලධාරියෙක් සැරයන් 24394 චන්ද්‍රරත්න වන අතර, අනෙක් නිලධාරියාගේ නම නොදන්නා මුත්, දුටුවොත් අඳුනාගත හැකිය.

ඔවුන් මාගේ වාහනය පරීක්ෂා කල අතර, ලියකියවිලිද පරීක්ෂා කරනු ලැබුවා. මාගේ ලියකියවිලි වල කිසිඳු අඩුපාඩුවක් තිබුනේ නැහැ.

සැරයන්වරයා මා යන්නේ කොහේද කියා ඇසුවා. මා රාජකාරි වැඩකට ගිය බව ඔවුන්ට පවසා සිටියා. 

එ් අවස්ථාවේ සැරයන්වරයා පවසා සිටියා, ගොඩින් ප‍්‍රශ්ණෙ විසඳාගන්න රුපියල් 500/=ක් දෙන්න කියා.

ඔහුගේ කතාවෙන් මා පුදුමයට පත්වුනා. මා ඔහුගෙන් ඇසුවා මහත්තයා මම රුපියල් 500/=ක් දෙන්න වරදක් කරලා නැහැනේ, මම හදිසියේ ගෙදරින් ආවේ, මහන කට් එකක් දෙන්න ගිහින් එන ගමන්, කියා.

එ් අවස්ථාවේ ඔහු ‘‘ආ උඹට රුපියල් 500/= නේ දෙන්න බැරි, එහෙනම් 550/=ක් දීපන්කෝ කියා, අනෙක් නිලධරියාට කිව්වා ”මෙයාට දඩකොළයක් දෙන්න” කියා. 

එම නිලධාරියා දඩ කොළය ලියන අතරදී, සැරයන්වරයාගෙන් ඇසුවා ‘‘සර් මොකක්ද වරදේ සොභාවය දාන්නේ” කියා.  ‘‘වැරදි ලෙස ඉස්සර කලා කියලා දාපන්” යයි සැරයන්වරයා පැවසුවා. එ් අනුව ව්‍යාජ චා්දනාවක් නගා දඩ කොළය ලියා, ‘‘උඹ 28 වෙනිදා උසාවියට වරෙන්” කියා සැරයන් 24394 චන්ද්‍රරත්න විසින් මාහට දඩකොළය දුන්නා.

මා ප‍්‍රකාශ කර සිටින්නේ,
මාගේ ලියකියවිලිවල හෝ මාගෙන් කිසිඳු රථවාහන වරදක් සිදු නොවී, මාගෙන් අල්ලස් ලබාගැනීමට සූදානම් වී, මා එයට එකඟ නොවූ බැවින්, නීති විරෝධී ලෙස කටයුතු කරමින්, මට එරෙහිව ව්‍යාජ චෝදනාවක් නගා මා අධිකරණයට ඉදිරිපත් කරවීමට, පානදුර දකුණ පොලිසියේ රථවාහන අංශයේ සැරයන් 24394 චන්ද්‍රරත්න හා එ් අවස්ථාවේ ඔහු සමග රාජකාරි කරනු ලැබූ දුටුවොත් අඳුනාගතහැකි අනෙක් නිලධාරියා විසින් කටයුතු කරනු ලැබූ බවයි.

මා ඉල්ලා සිටින්නේ,
නීති විරෝධී ලෙස කටයුතු කරමින්, මාහට ව්‍යාජ චෝදනා නගා මා හිරිහැරයට අපහසුතාවයට පත්කල, පානදුර දකුණ පොලිසියේ රථවාහන අංශයේ සැරයන් 24394 චන්ද්‍රරත්න හා දුටුවොත් අඳුනාගතහැකි අනෙක් නිලධාරියාට එරෙහිව නිතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටය

No comments:

Post a Comment