Wednesday, June 1, 2016

පොලිස්කාරයාට මළත් නිවනක් නෑ.


කසිප්පු කාරයෙකුගේ උවමනාවට, උන්ගෙන් බීලා බාල වයස්කාරයන්ට වධ දුන්න අම්බලන්ගොඩ පොලිස්කාරයන් දෙදෙනාට විරුද්ධව නඩු පැවරීමට නීතිපති පියවර ගෙන තිබේ.

එ් වසර ෙදාළහකට පසුවය. 2004 දී, අසරණ ළමුන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන වධ දුන්නේ ප‍්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවරාම්කාරයකු ගේ උවමනාවටය.

මෙම ළමුන් ඉතා දිළිඳු ධීවර පවුල්වලට අයත්ය. අද දරු සුරතල් බලන මේ, සිද්ධියට භාජනය වූ දෙදෙනා තම පාරම්පරික රස්සාවේ එනම් මුහුදු ගොස් මසුන් මැරීමෙන් ජීවිකාව ගක ගනී.

කෙතරම් දුප්පත් වුනත් මෙම දෙදෙනාගේ අම්මලා දෙන්නා පොලීසියට විරුද්ධව අඛණ්ඩව අරගලයක යෙදුනාහ.

සිද්ධිය පිළිබඳව විමර්ශනය කළ පොලිස් විශේෂ විමර්ෂණ එ්කකය නීතිපති උපදෙස් යටතේ මෙම වසරේ, මාර්තු මස වධ දුන්න අම්බලන්ගොඩ පොලීසියේ සේවය කළ කරුණාරත්නට සහ රංජිත් සිරිකුමාර යන දෙදෙනාට එරෙහිව බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ අපරාධ නඩුවක් ගොනු කර තිබේ.

මේ වන විට කරුණාරත්න මිය ගොස්ය.

රංජිත් සිරිකුමාර තවමත් රාජකාරියේ යෙදී සිටී.

ජීවත්ව සිටින මෙම පොලිස්කාරයාට තවමත් ආයතන නීති ක‍්‍රියාත්මක කරන්න පොලිස්පති පියවර ගෙන නැත.

අපරාධ චෝදනා ලැබූ රාජ්‍යය නිලධාරීන් වැඩ තහනමට ලක් කළ යුතු බවට වන නීතිය, පොතට සීමාවී තිබීම පොලිස් අපරාධ වැළැක්වීමට නොහැකි වීමට එක් ප‍්‍රධාන හේතුවකි.




No comments:

Post a Comment