Saturday, June 11, 2016

නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස් වරියක් හොර ඔප්පුව ලිව්වේ රු. හැට දහසක් අරගෙන. වටිනාකම ලක්ෂ 100යි. විකුණලා තියෙන්නේ ලක්ෂ 7කට. කොළේ වහලා.



ලක්ෂ 100 කට වඩා වටිනාකමකින් යුතු දෙමහල් ගොඩනැගිල්ල හා ඉඩම, ලක්ෂ 7ක් වටිනාකමක් දමා රවටා විකිනූම්කරයක් ලීවීම මගින් බරපතල මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට චොදනා කරන,  හිමිකාරිය වන ක`ඵතර උතුර පදිංචි, සිරියාවතී මහතිමිය, එම ව්‍යාජ ඔප්පු සකස්කර තමාව හා තම මානසික ආබාධිත පුතාව රවටන ලද්දේ, තම ලේලිය හා එක්ව කලූතර, නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස්, ඉමල්කා විජේවීර බව ප‍්‍රකාශ කර සිටි. දැනට මෙම දේපල අදාලව තහනම් නියෝග පනවා තිබෙන බවද සිරියාවති මහත්මිය කියා සිටි.

ඇය මෙම බරපතල වංචාව පිළිබඳව, ලේකම්, අධිකරණ සේවා කොමිෂම, ස්ථානධිපති,
වංචා විමර්ශණ කොඨටාශය සහ රෙදිස්ට‍්‍රාර් ජෙනරාල් වෙත කර තිබෙන ලිඛිත පැමිණිල්ල සියල්ල පැහැදිලි කරයි.

ලිපිය-
ලක්ෂ 100 කට වඩා වටිනාකමකින් යුතු දෙමහල් ගොඩනැගිල්ල හා ඉඩම, ලක්ෂ 7ක් වටිනාකමක් දමා රවටා විකිනූම්කරයක් ලීවීම මගින් කලූතර, නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස්, ඉමල්කා විජේවීර ව්‍යාජ ඔපුපුක් ලියා  බරපතල මූල්‍ය වංචාව සම්බන්ධවයි.

ඉහත ලිපිනයේ පදිංචි මද්දුමාගේ සිරියාවතී වන මා මෙසේ ප‍්‍රකාශ කර සිටිමි.

1*. 1967 අප්‍රේල් 27 දින මාගේ සැමියා වූ ලියනගේ ධර්මදාස විසින් - ක`ඵතර දකුණ, පලාතොට පාර, ගල්කැටිය හංදිය - ඉඩම මිළට ගන්නා ලදි. එහි දෙමහල් ගොඩනැගිල්ලක් ද ඉදිකරන ලදි.

සැමියා මිය යාමෙන් පසුව, සිය`ඵ දේපල වලින් මාහට හිමි කොටස්, මාගේ ප‍්‍රාණ භුක්තිය තබාගෙන, සම සමව මාගේ දරුවන් 09 දෙනා අතර බෙදා දුන්නෙමි.

2*. එ් අනුව, 2005 අපේ‍්‍රල් 07,  අංක 844 දරණ තෑගි ඔප්පුවෙන්, මද්දුමාගේ සිරියාවතී වන මා, ක`ඵතර දකුණ, පලාතොට පාර, ගල්කැටිය හංදිය ලිපිනය සඳහන් දෙමහල් ගොඩනැගිල්ල හා ඉඩම මාගේ පුතා වන සුජීව ලියනගේ ට, මා වෙත ප‍්‍රාණ භුක්තිය තබාගෙන,  තෑගි ඔප්පුවක් මගින් පිරිනමන ලදි.

මාගේ පුතා වන සුජීව ලියනගේ ස්නායු ආබාධයකින් පෙළෙන්නෙකි.

3*. 2007.01.08 දින එකී ඉඩම ක`ඵතර මහජන බැංකුවට,  මා හා පුතා සුජීව ලියනගේ එක්ව, උගසට තබා ලක්ෂ 28 ක මුදලක් ලබා ගත්තේය. 

3*. 2015.11.26 දින - මාගේ පුතා වන සුජීව ලියනගේ ට නැවත, බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය වූ හෙයින්, එ් සඳහා ඔහුගේ බිරිඳ වන පමෝදා පුෂ්පකාන්ති ඉදිරිපත්ව අවශ්‍ය නීකිමය කටයුතු සකස් කිරීමට බාර ගන්නා ලිදි. ඇය ක`ඵතර අධිකරණයේ කටයුතු කරන, ක`ථතර උතුර, මල්වත්ත පාරේ පදිංචි, නීතිඥ ඉමල්කා විජේවීර මිය හමුවට මා හා පුතා සුජීව ලියනගේ රැුගෙන යන ලදි.

4*.ඉන් පසුව, එකී නීතිඥ ඉමල්කා විජේවීර, ඔප්පු අත්සන් කිරීම සඳහා ක`ථතර දකුණ, පැපොල් ගස් වීදියේ තිබෙන ඇගේ කාර්යාලයට එන ලෙසට දැනම් දුන්නා. 

5*. 2015.12.20 දින දවල් ලේලිය පමෝදා පුෂ්පකාන්ති මා හා පුතාව නීතිඥ ඉමල්කා විජේවීර ගේ කාර්යාලයට රැුගෙන ගියා. එවිට දවල් 2.00ට පමණ ඇත. නීතිඥ ඉමල්කා විජේවීර සිය පුතාව පාසලින් රැුගෙන විත්, උසාවි යාමට හදිසි බව පවසමින්, ණය මුදල ලබා ගැනීම අදාළ ලියවිලි මට හෝ පුතාට කියවන්නට ඉඩ නොදී, හදිසි කරමින්, කලබලයෙන්, ලියවිල්ලේ අත්සන් කරන ස්ථානය පමණක් අපට පෙනෙණ සේ නවන ලද ලියවිල්ලක් අපට ඉදිරිපත් කර, අත්සන් තබන ලෙසට පවසා සිටියා. ඇය එහි සඳහන් කිසිඳු කරුණක් පිළිබඳව අප දැනුවත් නොකල අතර, එම ලියවිල්ල ණය මුදල ලබා ගැනීම සඳහා වන ලියවිල්ල බව පමණක් අපට පවසා සිටියා. මා හා පුතා එයට අත්සන් තැබුවා.

6*. අනතුරුව හය මසක් පමණ ගතවෙද්දී, ණය මුදල් නොලැබුනු හෙයින්, එ් පිලිබඳව විමසීමේදී සුජීව ලියනගේ පුතාට, ඔහු ගේ බිරිඳ පමෝදා පුෂ්පකාන්ති පවසා සිටියේ ණය මුදල ප‍්‍රමාද බවයි.

7*. ඒ අතරදී මා විසින් ඉඩමේ ඔප්පුව පුතාගෙන් හා ලේලියගෙන් ඉල්ලා සිටියා. නමුත් ලේලිය ණය මුදල නොලැබුනු බව පවසමින්, මා මග හරින්නට වුනා. පසුව ඔප්පුව සම්බන්ධයෙන් පුතා හා ලේලිය අතර, බහින් බස් වීමක් සිදුව ඇති අතර, එම බහින් බස්වීම මුල් කරගෙන, පුතා පහර දුන් බවට ලේලිය පමෝදා විසින් පුතාට එරෙහිව ක`ඵතර දකුණ පොලිසියේ පැමිණිල්ලක් කරනු ලැබුවා. 

8*. 2016.05.23 දින, පැමිණිලි විභාගයේදී ලේලිය තරයේ පවසා සිටියා ඔප්පුව ලබා දීමට නොහැකි බවත්, ණයක් ලබා ගැනීම සදහා නොව, ලක්ෂ හතක  මුදලකට, විකිණුම්කරයක් මගින් ඇගේ සොහොයුරා වන යූ.කේ.ඞී.චාමර සම්පත් ට, මා හා පුතා විසින් එම ඉඩම විකුණා ඇති බවත්.

9*. අප විසින් ලක්ෂ හතක මුදලක් ලබාගෙන ඉඩම විකිණුවායයි කියන චාමර සම්පත් නැමැත්තා අවුරුදු ගණනාවකින් අප දැක නැති අතර, ඔහු හෝ වෙනත් කිසිඳු බාහිර පුද්ගලයකු එදින අප ඔප්පු වලට අත්සන් කරන අවස්ථාවේ, නීතිඥ ඉමල්කා විජේවීර ඉදිරියේ පෙනී නොසිටි බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරමි.

10*. එ් අවස්ථාවේ අපට වැටහී ගියා, ලේලිය පමෝදා පුෂ්පකාන්ති හා නීතිඥ ඉමල්කා විජේවීර විසින් මා හා මාගේ පුතාව නොමග යවමින්, බරපතල වංචාවක් කර ඇති බවයි.

11*. අනතුරුව අප ඉඩම අදාළ සිය`ඵ ලියවිලි ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලය වෙතින් ලබා ගත් අතර, එමගින් දැනගන්නට ලැබුනේ, ණය මුදල ලබා ගැනීමට යයි නීතිඥ ඉමල්කා විජේවීර විසින් මා හා පුතා කලබලයට පත් කරමින්, කියවීමටවත් නොදී, අප නොමග යවා අත්සන් ලබාගත් ලියවිල්ල - මා හා පුතා විසින් පමෝදා පුෂ්පකාන්ති ගේ සොහොයුරා වන චාමර සම්පත් ට ඉඩම විකිණූ බවට වන විකිනුම්කරයක් බව.

නීතිඥ ඉමල්කා විජේවීර විසින්, මෙම විකිණුම්කරයේ වටිනාකම රු.700,000 (ලක්ෂ හත* ලෙසට, ව්‍යාජ විකිණුම්කරයක් සකස් කර ඇති බවද ප‍්‍රකාශ කරමි.

මෙම සිද්ධියෙන් පසුව, ඉඩම හා ගොඩනැගිල්ල හොරට ලියා ගත්, චාමර සම්පත් විසින් ක`ඵතර එල්.බී.ෆිනෑන්ස් වෙත ඔප්පුව උකස්කර ලක්ෂ 15 ක ණය මුදලක් ලබාගෙන ඇති අතර, මෙම ඉඩමට එම ෆිනෑන්ස් සමාගම තක්සේරු ඇත්තේ රු. ලක්ෂ 65 කටයි.

මෙම ඉඩමේ සහ ගොඩනැගිල්ලේ වෙළඳ වටිනාකම රු. ලක්ෂ සියයකට අධිකය.

මෙම ඉඩම සහ ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ - ක`ඵතර සිට පලාතොට පාරේ යන විට හමුවන ගල්කැටිය හංදිය හි පාර අද්දර ය.  

2007 වසරේ, මහජන බැංකුවට උගසට තබා, රුපියල් ලක්ෂ 28 ක් ලබාගත් දේපල වල වටිනාකම 2016 වසරේදි රුපියල් ලක්ෂ හත දක්වා අඩු කරිමට මෙම නිතිඥවරිය ක‍්‍රියාකර ඇත්තේ රුපියල් හැට දහසක් ලබාගෙනය.

මෙම හොර, වංචනික විකිණුම්කරය ලිවීම සඳහා නීතිඥ ඉමල්කා විජේවීර විසින් රු.60,000/= ක මුදලක් ලබාගත් බව කියා සිටියේ ලේලිය පමෝදා විසින්, පොලීසියේදීය.

මේ පිළිබඳ පැමිණිලි පොලීසිය බාර ගැනීම ප‍්‍රතික්ෂේප කරන්නේ, නීතිඥ ඉමල්කා විජේවීර පොලීසීය සමග සම්බන්ධනය නිසාය? මන්ද, මැයගේ පියා විශ‍්‍රාමික පොලිස් නිලධාරියෙකි, එමෙන්ම සොහොයුරා ද පොලිස් නිලධාරියෙකි.

මෙයින් ඉතා පැහැදිලිවන්නේ, 
1. එල්.බී.ෆිනෑන්ස් සමාගම රු. 6500000/= (හැටපන් ලක්ෂය* කට, තක්සේරු කර ඇති, ලක්ෂ 100 කට වඩා වටිනා ඉඩම, වටිනාකම රු. ලක්ෂ 07ක ව්‍යාජ විකිනූම්කරයකට විනකුණා ඇත. එබැවින් නීතිඥ ඉමල්කා විජේවීර බරපතල මූල්‍ය වංචාවක් සිදුකර තිබේ.

2. මෙම ඉඩම උගසට තබා ණයක් ලබාගැනීමේ මුවාවෙන්, ව්‍යාජ ලේඛණ සකසා ඇය, අප රවටා ඇත.

3. මෙම නීතිඥවරිය කරන ලද මූල්‍ය වංචාව හා රැුවටීම මගින්, ඇය අපට පමණක් නොව ශ‍්‍රී ලංකා රජයටද වංචා කර ඇත.

මා ඉල්ලා සිටින්නේ, මෙම දුෂිත නීතිඥ ඉමල්කා විජේවීර ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය. 
එමෙන්ම, මෙම වංචනික ඔප්පුව අවලංගු කිරීමට පියවර ගන්නා ලෙසටද ඉල්ලමි. 
අදාල ඔප්පුවේ ඡුායස්ථ පිටපත අමුණා ඇත. 
මෙයට,
මද්දුමාගේ සිරියාවතී,
2016.06.10








No comments:

Post a Comment