Friday, June 3, 2016

ෆ්‍රෙඞී ගමගේට පහර දුන් මැරයින් ගැන වග බලා ගැනීම පොලිස්පති බාර ගත යුතුයි.


ෆ්‍රෙඞී ගමගේට පහර දුන් මැරයින් ගැන වග බලා ගැනීම
පොලිස්පති බාර ගත යුතුයි.
මාධ්‍යවේදියකු මෙන්ම සමාජ ක‍්‍රියාකාරිකයකු වූ ෆ්‍රෙඞී ගමගේ ට මහා දවල් මහ පාරේ පහරදීම නාදුණන පුද්ගලයින්ගේ ගිණුමට බැර කර අත් සෝදා ගැනීමට පොලිස්පතිට නොහැකිය.

පසුගිය කාල පරිච්ජේදයේ මෙවන් ප‍්‍රහාරයන් හා ඝාතන වලට මැරයින් ඉදිරිපත් වූයේ පොලිසිය ප‍්‍රමුඛ සමස්ථ රාජ්‍ය අනුග‍්‍රහය ඇතිවය.

මෙම ප‍්‍රහාරයද පොලිසිය ප‍්‍රමුඛ රාජ්‍ය අනුදැනුම ඇතිව, ආණ්ඩුවේ අපරාධකරුවන්ගේ ක‍්‍රියාවකි.

නොපමාව, මෙම ප‍්‍රහාරය ගැන පු`ඵල් පරීක්ෂණ ආරම්භ කළ යුතුයි. දැනටමත් මෙම ප‍්‍රහාරය කාගේ සැලසුමක්ද, ප‍්‍රහාරය කළේ කවුද යන්න පොලිසියට රහසක් නොවන්නට ඉඩ තිබේ.

එහෙත්, සැලැස්ම, ආණ්ඩුවේම දේශපාලන අපරාධකරුවකුගේ නිසා, පොලිසිය නීතිමය පියවර ගැනීමෙන් වැලකෙන්නට පු`ඵවන.

පොලිසියේ වගකීම, බලපෑම්වලට යට නොවී, පරීක්ෂණ කර, අපරාධකරුවන් නීතිය හමුවට පත් කිරීමය.

No comments:

Post a Comment