Thursday, June 30, 2016

මොරටුව උසාවියේ තුත්තුකාරිය රෙජිස්ට‍්‍රාර්වරිය ද?




උසාවිවල නීතිඥවරුන්ට නඩු අල්ලලා දෙන තුත්තුකරුවෝ එමටය. තුත්තුකරුවන් මගින් නඩු ලබාගන්නේ ආත්මයක් නැති නීතිඥවරුන්ය. තුත්තුකරුවා ජීවත්වන්නේ අල්ලා දෙන නඩුවලින් ලැබෙන කොමිස් මුදලින්ය.

තුත්තුකරුවා හා පිම්පියා අතර වෙනසක් නැත.

දුප්පතුන්ට යුක්තිය සුදුසු දෙයක් නොවේ. මෙය සැබෑ කරවන කතාවකි මේ.

මානගේ සුමිත‍්‍රා නන්දනී මහත්මිය කපුරු බෝල, පාන්තිර විකුණා ජීවත්වන්නියකි. ඇයට සිදු වූ අපරාධයට යුක්තිය ඉටුකරවා ගන්න වසර 5ක් පුරා උසාවි ගානේ රස්තියාදු කරවීමේ නිමාවක් දකින්නට දැරූ උත්සාහයකි, නඩුවේ වාර්තාව ලබා ගැනීමට ඉල්ලීමක් මොරටුන මහේස්ත‍්‍රාත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්ට ඉදිරිපත් කිරීම.

ඇයට රෙජිස්ට‍්‍රාර්වරිය කියා ඇත්තේ, ‘‘ඉල්ලීම’’ උසාවි බසින් මෝසමක්නීතිඥයකු මගින් ඉදිරිපත් කරන්න කියා ය. මෙම රෙජිස්ට‍්‍රාර්වරිය මහජනයාගෙන් පඩි අරගෙන නීතිඥයන්ට තුත්තු කරන්නියකි.

මානගේ සුමිත‍්‍රා නන්දනී මහත්මිය අධිකරණ සේවා කොමිෂන් සභාවට 2016.06.17 දාතමන්
යවන ලද ලිපිය පහත දක්වමු. මෙය විශේෂයෙන් මානව හිමිකම් ගැන කථා කරන අයට ආදර්ශයක් වනු ඇතැයි සිතමු.

‘‘ ලේකම්, අධිකරණ සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය
කොළඹ 12’’

නඩු අංක : 10213
මහේස්ත‍්‍රාත් අධිකරණය මොරටුව.

උක්ත නඩුවේ පැමිණිලිකරු/අගතියට පත් පාර්ශවය මම වෙමි. මෙම නඩුව 2011 වසරේ සිට පැවත එන්නකි.

2016.06.17 දින එනම්, අද දින මා, බී වාර්තාව, කාර්ය සටහන් ඇතු`ඵ සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් මුදල් අයකර ලබාදෙන ලෙසට ඉල්ලීමක් රෙජිස්ට‍්‍රාර්තුමිය වෙත ඉදිරිපත් කළෙමි.

මම එම ඉල්ලීම ඉදිරිපත් කළ විට, මට නඩු වාර්තාව ලබාගැනීමට අයිතියක් නැති බවත් නීතිඥ මහතෙකු මගින් ඉල්ලා සිටින ලෙසට දන්වන ලදි.

මට ලියන්නට කියවන්නට හැකියාවක් නැත. මා ජීවත්වන්නේ කපුරු බෝල විකුණාය.

මේ සියල්ල පැවසූ විට ඇය ලියා දීමට බලයක් නැති බවත්, විස්තර අවශ්‍ය නම් 011 2647291 අංකයට කතා කර ලෙසට කියන ලදි.

මා හට අකුරු බැරි මුත් මාගේ නඩුවේ වාර්තාව ලබා ගැනීමට අයිතියක් ඇත. මා හට නීතිඥවරුන්ට මුදල් ගෙවිය නොහැක.

නඩු වාර්තාව ලබාදීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමි. 

මානගේ සුමිත‍්‍රා නන්දනී

පිටපත්:

රෙජිස්ට‍්‍රාර්
මහේස්ත‍්‍රාත් අධිකරණය
මොරටුව




No comments:

Post a Comment