Tuesday, May 31, 2016

විභාගයෙන් පසුව පොත් පත් ඉරා විසි කරන චීන්නු


චීනයේ සරසවි වරම් ලබා ගැනීම සඳහා, ඉතාම අසීරු හා දුෂ්කර විභාගය වන ජාතික විද්‍යාලවලට ඇතුලත්වීමේ විභාගයට පෙනී සිටින මිලියන දහයකට වඩා වැඩි චීන සිසුන්, දෙදින විභාගය අවසානයේ තම පොත්පත් ඉරා පාසල් වලින් ඉවතට විසි කිරීමේ පුරුද්ද තහනම් කිරීමට, එරට ෂීයාමන් අධ්‍යාපන බියුරෝව පියවර ගෙන තිබේ.

දින දෙකක් පුරා පැවැත්වෙන මෙම විභාගය, සිසුන් ගේ අනාගතය තීරණය කරන්නකි. ඔවුන් ඇතුලත්වන්නේ කුමන සරසවියකටද යන්න පමණක් නොව, තමා අනාගතයේ ගොවියෙක්ද, කම්කරුවෙක්ද, ෙදාස්තරවරයෙක්ද, .... යන්න තීරණය කරන්නේ එම විභාගය ය.

ඉතාම තරගකාරී මෙම විභාගය කෙසේ හෝ සමත්වීම බොහෝ සිසුන්ගේ ඉලක්කය වේ. මේ නිසා ¥ෂණය ඇතුලූ ගැට`ඵ රැුසක් මතුව තිබේ. මානසික ආතතිය ප‍්‍රධාන තැනක් ගනී.

මේ වන විට, පොත් ඉරීමේ චාරිත‍්‍රය තහනම් කිරීමට එරෙහිව විශාල මතයක් ගොඩ නැගෙමින් පවතී. මන්ද මෙය පීඩනය මුදාහැරීමට යොදාගන්නා උපක‍්‍රමයක් නිසාය.


No comments:

Post a Comment