Friday, May 6, 2016

මාස පහක් තිස්සේ 30 වතාවක් උසාවි ගියත් ඇප මුදල දීලා නෑ. ඕනෑ තැනකට කියන්නලූ !


පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ තැන්පත් කළ රු: 10,000/- ක මුදල් ඇපය ලබා ගන්න, මාස පහක් තිස්සේ තිස් වතාවක් උසාවි ගිය බවත් මෙම මස 6 වන දින එ් ගැන විමසන්න ගිය විට,  ඕනෑ තැනකට ගිහිල්ලා ගන්න යයි පතිරණ මිය කිව්ව බවත් කියා සිටින්නේ, පානදුරයේ පදිංචිකරුවකු වන අයි.එ්. චිත‍්‍රානන්ද දේවප‍්‍රිය මයාය. 
මෙම ඇප මුදල් ආපසු ගැනීම්වලදී අධිකරණවල ”මාෆියාවක්” ක‍්‍රියාත්මක බවට වාර්තා වේ.
දේශපාලකයන්ගේ ¥ෂණ ගැන කථා කරන අය, අධිකරණවල ¥ෂණ, සොරකම් ගැන නිහඬ වන්නේ මන්ද යන ප‍්‍රශ්නය යහපාලනය ගැන කථා කරන අයගෙන් අසන්නේ කණගාටුවෙනි.
ඇප මුදල් පමණක් නොව නඩු භාණ්ඩ, නඩු වාර්තා අන්දර්දහන වීම ද වාර්තා වේ.
අයි.එ්. චිත‍්‍රානන්ද දේවප‍්‍රිය මයා, අධිකරණ සේවා කොමිෂමට පිටපතක් සහිතව, පානදුර මහේස්ත‍්‍රාත්වරයාට ලියන ලද ලිපිය පහත දැක්වේ.

ගරු මහේස්ත‍්‍රාත්තුමනි
නඩු අංකය : 5995

පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති ඉහත නඩුව, 2014.07.27 වන දින අවසන් විය.
මෙම නඩුවේ, චූදිතයකු වූ, අයි.එ්. චාමර දේවප‍්‍රිය වෙනුවෙන් මාගේ නමින් රුපියල් දහදාහක මුදල් ඇපයක් ඔබ අධිකරණයේ තැන්පත් කළෙමි.
ඉහත දින නඩුව අවසන් වීමෙන් පසුව මා, 2015 සැප්තැම්බර් මස 23 වන දින මෙම ඇප මදුල ඉල්ලා ඉල්ලූම් පත‍්‍රය නිසි ලෙස ඔබ අධිකරණයට බාර දුන්නෙමි.
මෙම ඉල්ලූම්පත බාර දුන්නේ ඔබ අධිකරණයේ, ඇප මුදල් පිළිබඳව කටයුතු කරණු ලබන පතිරණ මහත්මියට ය.
එසේ බාර දී, මාස දෙකකට පසුව එනම් දෙසැම්බර් මස මා ඔබ අධිකරණයට පැමිණ, පතිරණ මහත්මිය හමු වී ඇප මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් විමසා සිටියෙමි.
ඇය ඒ අවස්ථාවේ කියා සිටයේ, නඩු ෆයිල් එක හොයාගන්න බෑ, ඊළඟ සඳුදා එන ලෙසටය. 
එ් අනුව සඳුදා ගිය විට බදාදා එන ලෙසටත්, බදාදා ගිය විට සිකුරාදා ට එන ලෙසටත් දන්වනු ලැබීය. 
මේ අයුරින් 2016 මැයි මස 02 වන දින ඇය හමුවට ගියා.
එවිට ඇය අද දින (2016.05.06) එන ලෙසට දැණුම් දුන්නා.
එ් අනුව මා, අද (2016.05.06) පෙරවරු 10.30 ට පමණ, පතිරණ මහත්මිය හමු වී, ඇප මුදල ලබාගත හැකි ද යැයි විමසා සිටියා.
එවිට ඇය කියා සිටියේ, නඩු පොත අස්ථානගත වෙලා මෝසමක් දාලා මුදල් ඉල්ලන්න කියායි.
මම එවිට මෝසමක් දාන්න රුපියල් දෙදාහක් විතර යනවා යයි කිව්ව විට,  ඕන තැනකට ගිහින් කියන්න යැයි තර්ජනාත්මකව මට කියා සිටියා.
මම පසුගිය මාස පහ තුළ තිස් වතතාවකට වැඩිය, ඔබ අධිකරණයේ පතිරණ මහත්මිය හමුවීමට පැමිණ ඇප මුදල ගැන සිහිපත් කර ඇත්තෙමි.

මෙයට 
විශ්වාසී
අයි.එ්. චිත‍්‍රානන්ද දේවප‍්‍රිය

පිටපත:
ලේකම්
අධිකරණ සේවා කොමිෂන් සභාව
අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය
කොළඹ 12



No comments:

Post a Comment