Thursday, May 26, 2016

සිහිය එන විට ඇෙ`ග් නූල් පොටක්වත් තිබුනේ නැහැ.



හිටියේ කැලේ. සිහිය ආ ගමන් මට  ඕනි දේ කලා. කැමති නම් වරෙන් නැතිනම් පලයං කියා යන්න ගියා.

මම බයේ පස්සෙන් ගියා. පොලිසියෙන් කථා කලාම, එක පාරක් මම උත්තර දෙන්න බෑ කියනවා කිව්වා. ඊට පස්සේ ෆෝන් එක මට දීලා කැමැත්තෙන් ආවේ කියලා, කියපන් කිව්වා. මම බයේ කැමැත්තෙන් ආවේ කිව්වා.

? ගෙදරට එක්කගෙන ඇවිත්, ඔක්කොම එකක් පොලිසියට ආවා. හැමදෙනාම කැලේ ඉන්නකොට කියපු දේ වෙනස් නොකර කියන ලෙසට බලකලා. පොලිසියේදීත් කියපු දේ වෙනස් නොකර කියන ලෙසට බලකලා. ඔහුව ලඟ තියාගෙන තමයි මගේ ප‍්‍රකාශය ලියා ගත්තේ.

මේ - පසුගියදා පොලිස් බාප්පාගේ පුතා. පැහැරගෙන ගොස් ¥ෂණය කල පාසල් ශිෂ්‍යාව කියන කථාව. ඇගේ පියා විසින් පොලිස්පතිට හා පරික්ෂණ කරන්න යයි බාරදි තිබෙන, උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති වෙත යවා තිබෙන ලිපියේ සඳහන් වෙයි.

එම ලිපියේ මෙසේද ස`දහන්වේ.
‘‘එම සිද්ධිය හා අදාලව පවතින වර්තමාන තත්ත්වය ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරමු.
(1* 2016.04.23 රාත‍්‍රී 7.00 ට පමණ, පැහැරගෙන ගොස්, ර`දවාගෙන ¥ෂණය කළ ස්ථානය එනම්,  මධුසංඛ යන අයගේ නිවස පිටුපස පිහිටි රක්ෂිතයේ (කැලෑවේ* කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටි ස්ථානයේ තිබී හමුවූ මොහුගේ රතුපාට ඉරි සහිත ෂර්ට් එක, 2016.05.20 වන දින, දර කඩන්න ගිය පිරිසකට හමුවී තිබිණ. 
එ් බව මා, සාලියවැව පොලීසියේ සිද්ධිය අදාල පරීක්ෂණ පවත්වන සැරයන් ජයලත් ට දැණුම් දෙණු ලැබුවා. ඔහු එ් පිළිබඳව කිසිදු පියවරක් ගත්තේ නැත.
එම නිසා 2016.05.21 දින මා හා බිරිඳ එම ස්ථානයට ගොස් ෂර්ට් එක රැුගෙන ආවා. දැනට එම ෂර්ට් එක අප බාරයේ තිබෙන බව ප‍්‍රකාශ කර සිටිමි.
නමුත් අද දින දක්වාම එම ෂර්ට් එක පොලීසිය බාරයට නොගත් අතර, තිබූ ස්ථානය පිළිබඳව හා දුටු අයගෙන් ප‍්‍රකාශ ගැනීමවත් සිදු කළේ නැත.
(2* මාගේ දියණිව, පැහැරගෙන ගොස් රඳවාගෙන ¥ෂණය කිරීම පිළිබඳව පහත සඳහන් කරුණු සැකවින් දක්වා සිටිමු.

2.1. මාගේ දියණියව පැහැරගෙන ගොස් ඇත්තේ ඇයව සිහි නැති කොටය. ඇයව සිහි 
     නැති කරන්න යොදා ගන්නා ලද, රෙදි කැබැල්ල පොලීසිය බාරයට ගත්තේ නැත. එය
     අප සතුව තවමත් තිබේ.
     එම රෙදි කැබැල්ල, මධුසංඛ භාවිතා කරන ලද බෙඞ් ෂීට් එකක කෑල්ලක්
     බව හඳුනාගෙන තිබුණ ද, එය පොලීසියට කියා සිටිය ද, එම බෙඞ් සීට් එක
     පොලීසිය බාරයට ගැනීමට හෝ එ් පිළිබඳ පරීක්ෂණ කිරීමට පියවර ගත්තේ නැත.
2.2. දියණියට සිහිය ලැබෙන විට ඇය සිටියේ සම්පූර්ණයෙන් නිරුවතින් ය. මට  ඕනි දේ
              මම කළා. උඹ  ඕන නම් මා එක්ක වරෙන් නැති නම්,  ඕන තැනක පලයන් කියා, 
              ඇයව කැලයේ දමා යන්නට ගොස් ඇත. මේ වන විට පාන්දර වී ඇත. අසරණ වූ
              ඇය ඔහු පසුපස ගොස් තිබේ. 
2.3. ඇයව රැුගෙන ගොස් ඇත්තේ, පැහැර ගැනීමට සහය දැක්වූ කැලය අද්දර පිහිටි 
              දිනේෂ් නැමති අයගේ නිවසට ය. මෙම නිවසේ දිනේෂ් යන අය තනිව පදිංචිව සිටී. 

2.4. එදින උදේ, එම නිවසින් නැවත, දියණියව කැලයට රැුගෙන ගොස් තිබේ. එ්
              පොලීසියෙන් පැමිණෙනු ඇති බවට යමෙක් දී තිබූ දුරකතන පණිවුඩය මතය.
2.5. එම කැලයේ, ඇයව රාත‍්‍රී 7.00 දක්වාම තබාගෙන සිට ඇත. එම කාලය තුළ දියණිය
              ට හා මධුසංඛට කෑම, බීම බෝතල් ගෙන ගොස් දී තිබෙන්නේ දිනේෂ් සහ
              බාප්පාවන පොලිස් නිලධාරී සමන්ගේ පුතාවන ”සුද්දා” නමින් හඳුන්වන
              අයයි.
2.6. එමෙන්ම ඇඳුම්, දිනේෂ් යන අයගේ නිවස අසල පිහිටි කුකු`ඵ කූඩුවක සඟවා තබා
              ඇත. 

(3* 2016.04.24 දින දියණියව, පොලීසිය මගින්, පැහැරගෙන ගොස් ¥ෂණය කළ මධුසංඛට බා රදුන් පසුව, ඔහු ඇයව රඳවාගෙන සිටි, දිනේෂ්ගේ පියාවන සරත් නැමති අයට අයත්, පුලියන්කුලම, අනුරාධපුර පාරේ, 20 කණුව පිහිටි, කිසිවෙකුත් පදිංචි නැති නිවසේ රඳවාගෙන සිටි බව ප‍්‍රකාශ කළ ද, මේ ආකාරයට, ඇයව හුදකලාව රඳවාගෙන සිටියේ, සත්‍ය හෙළිවීම වැළැක්වීම සඳහාය.  මේ පිළිබඳව පරීක්ෂා කිරීමට පොලීසිය උනන්දු වූයේ නැත.
(4* මධුසංඛ ඇයව රඳවාගෙන සිටි කාලය තුළ ඇයව රෝගී තත්ත්වයට පත්වීම හා ඇයව ප‍්‍රතිකාර සඳහා රැුගෙන ගිය, සාලියවැව හංදියේ, ප‍්‍රගති වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය සමරසිංහගෙන් මේ දක්වාම ප‍්‍රකාශ සටහන් කරගෙන නොමැත.
(5* දියණියව පැහැරගෙන යෑමට යොදාගන්නා ලද ත‍්‍රී රෝද රථය අත්අඩංගුවට ගැනීම හෝ එ් සඳහා උපකාර කළ දිනේෂ්, මහතුන් හා ලතික යන අයගෙන් අවම වශයෙන් ප‍්‍රකාශ ගැනීමක් හෝ සිදුකර නැත.
මෙම පිරිස එ් අවස්ථාවේ සිටි බව ඇසින් දුටු බව සරත් මාමා යන අය පොලීසියට ප‍්‍රකාශ කළ ද, එ් පිළිබඳව සොයා බැලීමට ද කිසිදු පියවරක් ගත්තේ නැති අතර, එම පුද්ගලයාව අධෛර්ය කර ඔහුගේ ඉදිරිපත්වීම් ද වළක්වනු ලැබීය.
(6* 2016.04.24 දින පොලීසිය විසින් දියණියව, ප‍්‍රබෝධ මධුසංඛ ට බාරදීමෙන් පසුව අප ඇයගේ ඇඳුම් සහ ජාතික හැඳුනුම්පත ආපසු බාරදීම ප‍්‍රතික්ෂේප කරණු ලැබුවා. මේ නිසා එ් බව පොලීසියට දැණුම් දීමට අපට සිදුවුණා.
කිහිප වතාවක් පොලීසියට දැණුම් දුන්න ද එය ලබා දුන්නේ නැහැ.
(7* එ් අතර, 2016.05.12 දින සාලියවැව පොලීසියේ සැරයන් ජයලත් පැමිණ මාගෙන් ප‍්‍රකාශයක් නැවත ලබා ගත්තා. ඉන් අනතුරුව 2016.05.17 දින සැරයන් වසන්ත නැමති අය මාගේ බිරිඳගෙන් විස්තර විමසා ගොස් තිබුණා. නැවත ප‍්‍රකාශ ලබා ගැනීමට තිබෙන බවද කියා තිබුණා.
(8* 2016.05.24 වන දින, දින 18 කට පසුව දියණියගේ ඇඳුම් හා ජාතික හැඳුනුම්පත මධුසංඛ විසින් පොලීසියට ගෙනවිත් බාර දී ඇති බව අපට පොලීසිය දුරකතනයෙන් දැණුම් දුන්නා.
එම ඇඳුම් හා ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට බිරිඳ පොලීසියට ගිය විට ජාතික හැඳුනුම්පත පමණක් බාර දී දියණියගෙන් ප‍්‍රකාශයක් ගෙන ඇඳුම් බාරදිය යුතුව තිබෙන බව පවසා දියණිය සමග රාත‍්‍රී 7.00 ට පොලීසියට එන ලෙසට දැණුම් දී ඇය හරවා එවනු ලැබුවා. 
ඇඳුම් බාරදුන්න මාගේ බිරිඳට ආපසු ඇඳුම් බාර නොදී දියණියගෙන් ප‍්‍රකාශයක් ගන්නට  ඕනෑ බවත්, එ් සඳහා රාත‍්‍රී 7.00 ට පැමිණෙන ලෙස දැණුම් දීම මගින් කරණු ලබන්නේ ඇයව නැවත නැවත පොලීසිය විසින් ¥ෂණය කිරීම බව මා අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි.

අප ජිවත්වන ප‍්‍රදේශය පිළිබඳව ඔබට වැටහීමක් ඇතැයි සිතමි. මෙවන් ප‍්‍රදේශයක රාත‍්‍රී 7.00 ට පොලීසියට ගෙන්වා මැදියම් රැුය වනතුරු රඳවාගෙන පීඩාවට පත් කොට, පැහැරගෙන ගොස් ¥ෂණය කළ පොලිස් නිලධාරියකුගේ ඥතියකු බේරා ගැනීමට දරන උත්සාහය පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමුවිය යුතුව තිබේ. 
(9* මාගේ දියණිය රෝහල්ගතව සිටින අවස්ථාවේ හැර, අන් සිය`ඵම අවස්ථාවල ප‍්‍රකාශ සටහන් කර ගත්තේ පිරිම් නිලධාරීන් ය. එපමණක් නොව මාගේ දියණියගේ මුල් ප‍්‍රකාශය සටහන් කර ගත්තේ බලපෑම් මතය. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ පිරිමි නිලධාරියකු විසින්, දියණිය පැහැරගත් පුද්ගලයා සමග එකට තබාගෙනය.

දියණිය කැලයට පැහැරගෙන ගිය ස්ත‍්‍රී ¥ෂකයා වූ මධුසංඛ බාරයේ සිටින අවස්ථාවේ, පොලිස් ස්ථානාධිපති හා අනෙකුත් නිලධාරීන් ඔහුව දුරකතනයෙන් අමතමින් ඉන්න තැන විමසා දෙන්නා කැමැත්තෙන් ආ බවට ප‍්‍රකාශ කරවා ගන්නා ලදි.
        (මේ සියල්ලම සිදු කළේ පැහැරගෙන යෑම හා පසුබිම පොලීසිය දැනගෙනම,
        පැහැරගෙන ගොස් ස්ත‍්‍රී ¥ෂණය කළ පුද්ගලයා ආරක්ෂා කිරීමට ය.*
        මෙම පසුබිම යටතේ 2016.04.24 දින රාත‍්‍රියේ ප‍්‍රබෝධ මධුසංඛ දියණියව රැුගෙන ඔහුගේ
        නිවසට ගොස්, ඔහුගේ නෑ හිත මිතුරන් සමග පොලීසියට ගොස්, දියණිය කැමැත්තෙන් ආ
        බවට දුරකතනයෙන් ස්ථානාධිපතිට කළ ප‍්‍රකාශය තහවුරු කිරීමට ඇය නොමග යවා බිය
        ගන්නවා පොළඹවා ඇත.
        මෙම පසුබිම යටතේ ඇය සිය කැමැත්තෙන් ගිය බවට වන ගොතන ලද කටඋත්තරය
        තහවුරු කිරීම ට පොලීසිය උත්සාහ ගෙන තිබේ.

2016.04.24 දින රාත‍්‍රියේ, දියණිය පැහැරගෙන ගොස් ¥ෂණය කළ මධුසංඛ හා ඔහුගේ නෑ හිතමිතුරන් පොලීසියට ගිය අවස්ථාවේ, දියණියට පොලිස් ස්ථානාධිපති දුරකතනයෙන් ඇමතූ විට ‘කැමැත්තෙන් ආ බවට’ කළ ඊනියා ප‍්‍රකාශය වෙනස් නොකරන ලෙසට තර්ජනය කර ඇත. එ් අනුව ඇය මුල් අවස්ථාවේ කැමැත්තෙන් ආ බව ප‍්‍රකාශ කළාය. 
         කැලයේදී මධුසංඛ විසින් පොලීසියට, ඇය ලවා කැමැත්තෙන් ආ බවට කළ
          ප‍්‍රකාශය මත රැුඳී, සාලියවැව පොලීසිය අපරාධය වසන් කරන්නට අදටත් උත්සාහ
          ගන්නා බව පැහැදිළිය.’’ 

පැහැරගෙන ගොස් ¥ෂණය කිරීම, සිය කැමැත්තෙන් පැනලා ගිය ලෙසට අර්ථ ගන්වා අපරාධයක් වසන් කිරීමට සාලියවැව පොලීසිය ගන්නා උත්සාහයට ඉඩ නොදෙන ලෙසටද ඔහු ඉල්ලා තිෙබි.  

සිද්ධිය අදාළ පෙර ලිපිය.

කැලයට ගෙනහිල්ලා දුෂණය කරපු එකාටම සිසුවිය බාර දීලා. බාප්පා පොලීසියේ නිසා ?



ඇය 18 හැවිරිදි, උසස් පෙළ හදාරන ශිෂ්‍යාවකි. අපේ‍්‍රල් 23 සවස අසල කඩයට ගියේ මදුරු කොයිල් ජෝඩුවක් හා බොම්බයි `ඵෑණු 250 ක් ගේන්න. නමුත් ඇය ගෙදර ආවේ නැත. පොලීසියේ පැමිණිලි කළ විට, 18 ට වැඩි නිසා පැනලා යන්න ඇතැයි කියා, මව එළවාගෙන.

පියා ගොවියෙකි. ඔහු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ට, පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පිටපතක් සහිතව යවන ලද ලිඛිත පැමිණිල්ලෙන් සියල්ල පැහැදිළිවනු ඇත.

‘‘දියණිය පැහැරගෙන ගොස් ,දින 14 ක් රඳවාගෙන දුෂණය කිරීම.
අවු: 18 යි, මාගේ දියණිය වේ. පාසල් ශිෂ්‍යාවකි, 12 වසරේ ඉගෙනුම ලබයි. 2016 අපේ‍්‍රල් මස 23 වන දින මාගේ දියණිය, රාත‍්‍රී 7.00 ට පමණ, අසල පිහිටි කඩයට, ගෙදරට අවශ්‍ය බඩු වගයක් ගෙන එ්මට යැව්වා. ප‍්‍රමාද නිසා, බිරිඳ කඩයට ගොස් විපරම් කළ විට, බඩු අරගෙන ගිය බව කඬේ අයිතිකරු පවසා තිබෙනවා. සොයා බැලීමේදී අසල්වැසියකු, දියණියව රැගෙන ගිය බව දැනගෙන. 
බිරිඳ එ් අවස්ථාවේදීම සාලියවැව පොලීසියට ගොස් පැමිණිල්ලක් දැමීමට උත්සාහ ගෙන තිබුණා. නමුත් පැමිණිල්ල බාරගෙන තිබුණේ නැහැ. නමුත් ඇය සමග සාලියවැව පොලිස් ස්ථානාධිපති අප නිවස අසලට පැමිණ, පැහරගෙන ගිය අයගේ දුරකථන අංකය ලබාගෙන ඇමතුමක් ලබා දුන්නා. ඔහු ස්ථානාධිපතිවරයාට ප‍්‍රකාශ කර තිබුණා දියණිය සමග ජාඇලට පැමිණ ඇති බව. එවිට වේලාව රාත‍්‍රී 8.00 ට පමණ ඇති.

නමුත් දියණියට කතාකරන්න ඔහු (පැරගෙන ගිය අය)ඉඩ ලබා දුන්නේ නැහැ. ස්ථානාධිපති, දියණියව අරගෙන ගොස් ජාඇල ඉන්නේ කොහේද කියා විමසුවේ නෑ. එපමණක් නොව පැයකින් ගියේ කොහොමද කියාවත් ඇසුවේ නෑ.

ස්ථානාධිපති ඔහුට කිව්වා, උඹ කොහේ හිටියත් කමක් නෑ, කෙල්ලව අරන් පොලීසියට වරෙන් කියා. ඊට පසු බිරිඳට කිව්වා, කැමති නම් පොලීසියට ඇවිල්ලා පැමිණිල්ලක් දාන්න කියා.  ස්ථානාධිපති කිව්වා එ්ක බොරු වැඩක්, (පැමිණිලි දාන එක)ළමයා කැමැත්තෙන් පැනලා ගිහිල්ලා තියෙන්නේ, වයස හරිනේ කිව්වා.

එ්ත් බිරිඳ සමග මම ද, සාලියවැව පොලීසියට පැමිණිල්ල දැමීමට ගියා. පැමිණිල්ල බාර ගත්තා එවිට රාත‍්‍රී 10.00 ට පමණ ඇති. නමුත් දියණිය ඉන්න තැනක් ගැන හොයන්න උත්සාහ ගත්තේ නෑ. ඉතා කෙටි කාලයකින් ජාඇලට යා නොහැකි බව වත් පිළිගන්න සූදානම් වුණේ නෑ.

පසුදින, 2016.04.24 දින උදේ, 5.30 ට පමණ කඩය අවට බලන්න ගියා. මන්ද, රාත‍්‍රියේ කඬේ  අයිතකරු ගෙදරට ඇවිත් දියණිය මිළදී ගත් මදුරු කොයිල් ජෝඩුව වැටිලා තිබුණා කියා ගෙනත් දීපු නිසා.

බිරිඳ අවට සෝදිස්සි කිරීමේදී ඇය මිළදී ගත් ලොකුඵෑණු හා ඉතිරි මුදල් අවට විසිරී තිබෙණු දුටුවා. එ් වාගේම කඩය ළඟ සිට මීටර් 20 ක් දුරට ඇදගෙන ගිය පාරවල් තිබුණා. එ් දිගට තමයි මුදල් විසිරී තිබුණේ. එ් වෙලාවේ බිරිඳ සාලියවැව පොලීසියට දුරකතනයෙන් විස්තර පවසා සිටයා. ටික වේලාවකින් පොලීසියේ දෙන්නෙක් පැමිණියා. එම නිලධාරීන්ට සියල්ල පෙන්නා සිටියා. අසල වැටී තිබූ රෙදි කෑල්ල ද පෙන්නා පොලීසියට බාර දුන්නා. නමුත් අපට තියා ගන්න කියා ආපසු දුන්නා.

එයින් පසුව දවල් 11.00 ට විතර, පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් පැමිණියා. ඔවුන් ස්ථානය පරීක්ෂා කර සටහන් ලියා ගත්තා. එ් අතර එක් පොලිස් නිලධාරියෙක් පැහැරගෙන ගිය අයට  දුරකතනයෙන් කතා කළා. ඔහු  සමග කතා කරන ගමන් ඈතට ගියා. ඔහු  කතා කර අවසානයේ හොයලා වැඩක් නෑ, කැමැත්තෙන් ගිහිල්ලා තියෙන්නේ යයි අපට කිව්වා.

ඔහු කිව්වා, එයාලා හවස පොලීසියට එයි, ඔයාලාත් පොලීසියට එන්න කියා. හවස 5.00 ට විතර පොලීසියට ගියා. දියණිය හා පැහැරගෙන ගිය අය පොලීසියට ඇවිත් හිටියේ නැහැ. පොලීසියෙන් කිව්වා අවාම, දැණුම් දෙන්නම් යන්න කියා. එ් අනුව අපි ගෙදර ආවා.

රාත‍්‍රී 8.00 ට පමණ පොලීසියෙන් දුරකතන පණිවුඩයක් දුන්නා, එන්න කියා. මමත් බිරිඳත් ගියා.  අප යන විට, දියණිය, ඇය රැුගෙන ගිය අය හා ඔහුගේ නෑදෑයන් පිරිසක් පොලිසියට ඇවිල්ලා හිටියා. ඊළඟ දවසේ ප‍්‍රකාශ ගන්නා විට පැහැරගෙන ගිය අයගේ  බාප්පා කෙනෙකු වන, මීට පෙර සාලියවැව පොලීසියේ හිටිය සැරයන් සමන් ද එතැන හිටියා.

පොලීසියේ දී ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන් අඩි හප්පමින් අපට දෝශාරෝපණය කරන්න පටන් ගත්තා. දියණිය කැමැත්තෙන් පැනලා ගිහින් තියෙන්නේ කියමින් අඩි හප්පමින් තර්ජනය කළා. එ් අවස්ථාවේ හැමෝම ඉදිරියේ බිරිඳ දියණියගෙන් ඇහැව්වා කැමැත්තෙන්ද ගියේ කියලා. එවිට දියණිය ”ඔව්” කිව්වා. නමුත් දුව හිටියේ බයෙන්. ඇඟ සීතල වෙලා තිබුනා. 

එ් අවස්ථාවේ නැවත නැවත අපට ෙදාස් පවරමින්, බිරිඳට කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙසට බලපෑම් කළා. නමුත් අප එයට එකඟ වුණේ නෑ. දියණියව, පැහැරගෙන ගිය අයටම  බාර දුන්නා.

2016.05.05 වන දින, බිරිඳ දියණියට හා පැහැරගෙන ගිය නිවසට ආරාධනා කොට ගෙන්වාගෙන තිබුණා. එදින දියණිය බිරිඳට පවසා තිබුණා කැමැත්තෙන් ගිය බව ප‍්‍රකාශ කළේ ”බයට” බවත්, තමා ඉන්නේ කැමැත්තෙන් නොවන බවත්. නැවත දියණිය ව පැහැරගෙන ගිය අයගේ නිවසට ගෙන ගියා.

පසුදින 2016.05.06 දින, උදේ 9.00 ට දියණිය නිවසට පැමිණියා. එ් අවස්ථාවේ දියණිය ආපසු පැහැරගත් අයගේ නිවසට යෑමට නොහැකි බව කියා සිටියා. ටික වේලාවකින් පැහැරගත් අයගේ  පවුලේ උදවිය පැමිණියා, දියණියව රැුගෙන යන්න උත්සාහ ගත්තා. නමුත් දියණිය යන්න බෑ කිව්වා. ඔවුන් සාලියවැව පොලීසියට ගියා. මා හා බිරිඳ ද පොලීසියට ගියා. ඔවුන්ගේ  පැමිණිල්ල පමණක් ලියාගෙන අපට කිව්වා දියණියව පොලීසියට  රැුගෙන එන්න කියා. අප දියණියව පොලීසියට රැුගෙන ආවා. එහිදී නැවත පැහැරගත් අයගේ හා දියණියගෙන් ප‍්‍රකාශ ගෙන, පොලීසිය දියණියට කිව්වා, කැමති කෙනෙක් තෝරාගෙන යන්න කියා.

දියණිය අප සමග පැමිණියා. දියණිය අසනීප ගතියක් පෙන්නුම් කළා. 2016.05.07 දින අප ඇයව, පුත්තලම දිසා මහ රෝහලට ගෙන ගියා. ඇයව නවත්වා ගත්තා. පරීක්ෂණවලට භාජනය කළා. රෝහල් පොලීසිය ප‍්‍රකාශ ලබා ගත්තා. සාලියවැව පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිණියක් පැමිණ ප‍්‍රකාශ ලබාගත්තා.

මා පසුව දැනගත්තා, පොලීසිය දියණියට බලපෑම් කර තිබෙන බව සහ පුත්තලම රෝහලේදී රෝහල් පොලීසියේ නිලධාරියා දියණියට බැන තර්ජනය කර තිබෙන බවත්; 2016.05.06 වන  දින සාලියවැව පොලිසියේ (පිරිමි)නිලධාරියකු විසින් ලබාගත් ප‍්‍රකාශයකට හා පුත්තලම රෝහලේ දී සාලියවැව පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිණියක් ගත් ප‍්‍රකාශයකට දියණිය සියලූ විස්තර කියා තිබෙන බව. නමුත් ප‍්‍රකාශය කියවා තේරුම්කර නොදී අත්සන් ගෙන ඇති බවත්;

දියණියව රැුගෙන ගොස් තිබුණේ අසල කැලයකට. එම කැලය තුළ රඳවාගෙන ඇය දුුෂණකර ඇති කරුණ පිළිබඳව සොයා බලා නැති බවත්; එමෙන්ම, ඇයව රඳවා ගෙන ඇති කාලය තුල ඇයට ”මිතුරී” පෙති බීමට දී ඇති බව ද, ඇයට යටි බඩ රිදෙන විට, වමනය යන විට, සාලියවැව හංදියේ, වෛද්‍ය සමරසිංහ ගේ  ඩිස්පැන්සරියට ගෙන ගොස් බෙහෙත් ලබා දී ඇති බව. මෙයට පෙර ඇගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට මොහු ක‍්‍රියා කර තිබෙන බව. මේ කිසිවක් සොයා බැලීමට සාලියවැව පොලීසිය පියවර ගෙන නොමැති බව. තවද, මාගේ දියණිය කලක් ඔහු සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇතිකරගෙන තිබූ බව පවසමින් එ් පදනම මත දියණියව පැහැරගෙන යෑම සාධාරණීකරණය කළ බව; කැලයේ දී හා රඳවා ගෙන හිටිය කාලයේ දී, බලෙන් අරගෙන ආපු බව කිව්වොත් නංගිලාට කරදර කරන බවට හා පොලීසියේ ඉන්න බප්පාට කියලා මාව හිරේට දාන බවට තර්ජනය කළ බව; 

එමෙන්ම, දියණියව පැහැරගෙන යෑමට උදව් කළ මහතුන්, ලතික හා දිනේෂ් යන අය පිළිබඳවත් පැහැරගෙන යෑමට භාවිතා කළ ත‍්‍රීරෝද රථය පිළිබඳවත් සියලූ තොරතුරු පොලීසියට පැවසුව ද එ් කිසිවක් පිළිබඳව අවධානය යොමු නොකළ බව;’’

ඉහත සියලූ කරුණු යටතේ, දියණියව පැහැරගෙන යෑම පිළිබඳව පොලීසිය නිසි පියවර නොගැනීම සහ ඇය කැමැත්තෙන් ගිය බවට බලපෑම් කර ප‍්‍රකාශ ලබා ගැනීම මගින් අපරාධයක් වසන් කිරීමට, සාලියවැව පොලීසිය ක‍්‍රියා කර ඇති බවට පියා චොදනා කර සිටි. 

No comments:

Post a Comment