Monday, May 16, 2016

උඹලත් බල්ලා වාගේ ගලක් අහුවුනා නම් මරණවා - යුනිෆෝම් ඇඳලා ඉන්නේ ෙදාර ඇරපන් - .


Chamind & wife

මේ සියල්ල කළේ පානදුර දකුණ පොලීසියේ ජයසිංහ (30813)හෙවත් ”බොක්සර්” නමින් ප‍්‍රකට නිලධාරියා ය. පොලීසියට ගෙන එන විට රාත‍්‍රි 11.45ට පමණ ඇත. ආප්ප ගෙන්න යයි, රෝහල ඉදිරිපිට මුස්ලිම් හෝටලයට යැව්වා. ආප්ප නැ කිවිවා. එ් පාර ඉඳි ආප්ප ගෙන්න කිව්වා. දෙපාරක් ම කඬේ යැව්වා.

චමින්ද ප‍්‍රසාද් පෙරේරා අවු: 39යි, විවාහක, දරුවන් 05යි. රැුකියාව:- කුලී වැඩ. ඔහු දිගින් දිගටම පොලීසියෙන් සිදුවන ආසාධාරණ කම්වලට එරෙහිව බිරිඳ හා දරුවන් පස්දෙනාත් සමග පානදුර, අලූත් පාලම අසල, වටරව්මේ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිරුව ඉදිරිපට උපවාසයක් ද පවත්වා ඇත. 

මානව හිමිකම් කොමිෂන් සභාව හා පොලිස්පති වෙත කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන්වේ.  
2016. 05. 11 දින, රාත‍්‍රි 11.15ට පමණ මා හා පවුලේ සියලූ දෙනා නිදාගෙන සිටින විට, කව්දෝ වේගයෙන් ෙදාරට ගසන්න පටන් ගත්තා එ් සමගම, බල්ලාද බුරන් පටන් ගත්තා. බිරිඳ කව්ද කියා ඇහැව්වා. පොලිසියෙන් කිව්වා, ෙදාර ඇරපන් කිවිවා. බිරිඳ කාරණය ඇහැව්වා. කිව්වේ නැ. යුනිෆෝම් ඇඳලා ඉන්නේ ෙදාර ඇරපන් කියමින් ෙදාරට හා බල්ලාට පහර දෙන්න වුනා. පහර දෙනවිට ෙදාරේ පලූවක් ගැලවි ගියා. මම ෙදාර ඇරියා. උඹ ද චමින්ද කියන්නේ අසමින් ඇයි, පොලිසියට අවේ නැත්තේ කියා, මට තර්ජනය කර, උඹ සිල්වා රාළහාමිගේ පවුලේ අයට පාට් එකක් දාන්න ගිහිල්ලා තියෙනවා, පොලිසියට යන්න වරෙන් කියා කිවිවා. උඹලත් බල්ලා වාගේ ගලක් අහුවුනා නම් මරණවා කිව්වා. එ් සමග ඔහු සිල්වා රාළහාමි ගේ නැදැයින් සමග කථා බහ කර ඇවිත්, මාව ජිප්රථයෙන් පොලීසියට ගෙන ආවා. මේ සියල්ල කළේ ජයසිංහ (30813*හෙවත් ”බොක්සර්” නමින් ප‍්‍රකට නිලධාරියා ය. පොලීසියට ගෙන එන විට රාත‍්‍රි 11.45ට පමණ ඇත. මාව කුඩුව ලඟ වාඩිකර, ජයසිංහ (30813*හෙවත් ”බොක්සර්” යන නිලධාරියා යන්න ගියා. සු`ථ පැමිණිලි අංශයේ නිලධාරියෙක් මාව, ආප්ප ගෙන්න යයි, රෝහල ඉදිරිපිට මුස්ලිම් හෝටලයට යැව්වා. ආප්ප නැ කිවිවා. එ් පාර ඉඳි ආප්ප ගෙන්න කිව්වා. දෙපාරක් ම කඬේ යැව්වා. එම නිලධාරියා මට තුණ්ඩුවක් දි පසුදින එන්න කිව්වා. ඔහු උප පොලිස් පරික්ෂක වරයෙක්. මමත්, බිරිඳත්, ළමයි පස්දෙනාත් පොලීසියෙන් පිටවන විටම, ජිප් එකෙන් ජයසිංහ හෙවත් බොක්සර් පැමිණියා. ඔහු පොලිසියෙන් එලියට එන මාව දැක, මට වරෙන් කියා අඬගහගෙන ගොස් නැවත කුඩුව ළඟ වාඩි කෙරෙව්වා. ඊට පසුව ඔහු මට කිව්වා, නැවත රෝහල ඉදිරිපිට මුස්ලිම් හෝටලයට ගොස් පිට්ටු ගෙන්න කියා. මම ගියා, නමුත් තිබුනේ නැ. මාගේ බිරිද දිගටම මාව අත් අඩංගුවට ගැනිම ගැන එතන හිටිය නිලධාරින්ට කිවිවා. ජයසිංහ හෙවත් බොක්සර් උඹේ ගැනිගේ කට වැඩියි කියලා මට බැන්නා. පසු දින අලූයම (2016.05.12* 01ට පමණ මට යන්න කිව්වා. 
එදින උදේ 06.30ට, පොලීසියෙන් සිදුවන ආසාධාරණ කම්වලට එරෙහිව මමත්, බිරිඳත්, දරුවන් පස්දෙනාත් පානදුර, අලූත් පාලම අසල, වටරව්මේ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිරුව ඉදිරිපට උපවාසයක් ආරම්භ කළා. උදේ 10.00ට පමණ පොලිස් නිලධාරියෙක් පැමිණ, සහකාර පොලිස් අධිකාරි එන්න කිව්වා කියා, අපව පානදුර දකූණ පොලිසියට ත‍්‍රිරෝධ රථයකින් යැව්වා. සහකාර පොලිස් අධිකාරි අපගෙන් විස්තර විමසා, ප‍්‍රකාශයක් ලබා ගත්තා.

රාත‍්‍රියේ නීති විරෝධි ලෙස පැමිණ, මාගේ නිවසට රුපියල් දෙදහසක පමණ අලාභහානි කර, බල්ලාට දරුණු ලෙසට පහර දි, නීති වරෝධිව අත්අඩංගුවට ගෙන, පොලිසියට ගෙනගොස් රඳවා තබාගෙන, කඬේ යවමින්, වධදීම, කෲ අමානුෂික සහ අවමන් සහගත සැලකිලිවලට සහ දඬුවම් වලට පාත‍්‍රකල, 
ප‍්‍රධාන වශයෙන් පානදුර දකුණ පොලිසියේ 30813 ජයසිංහ හෙවත් බොක්සර් ඇතුලූ අදාල සිය`ථ නිලධාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා මතු ආරක්ෂාව සලසන ලෙසට ද ඔහු ඉල්ලා තිබේ. 

මෙම පැමිණිල්ලේ පිටපතක් දැන ගැනීම පිණිස, ජාතික පොලිස් කොමිෂන් සභාවට ද යවා තිබේ.




No comments:

Post a Comment