බෙහෙත් නොදි, බඩගින්නේ මැරෙන්න අරින්න ආණ්ඩුවේ පුනරුත්තාපනය


රජයෙන් අත්අඩංගුවට ගෙන, අධිකරණ නියෝග මගින් රඳවාගෙන තිබෙන පුද්ගලයන්ව මුදල් නැතැයි යන පදනම යටතේ කුසගින්නේ, බෙහෙත් නැතිව මිය යෑමට ඉඩ සැලසීම අපරාධයකි.

දකුණු පළාත් සභාව මගින් පාලනය කරන අම්බලන්තොට, රුහුණු රිදියගම, රජයේ නිවර්තන රැුඳවුම් කඳවුරේ රැුඳවියන් ට බෙහෙත්හෙත් නොදි, කුසගින්නේ මිය ඇදෙන්නට සලසා තිබේ.  
අක්කර 105 වපසරියකින් යුක්ත මෙම කඳවුර පවත්වාගෙන යන්නේ, ශ‍්‍රී ලංකාව පුරාම පිහිටි මහේස්ත‍්‍රාත් අධිකරණ වලින්, අයාලේ ආඥපනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් රඳවා තබා ගැනීම පිණිසයි.

මෙම කඳවුරේ නිදහස අහිමිකර තබාගෙන සිටින රැුඳවියන් සම්බන්ධයෙන්, ජනසංසදය ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කර තිබෙන පැමිණිල්ල මගින් එම කඳවුරේ තත්වය පිළිබඳව පැහැදිලි කර ඇත.

එක වරකට 600 දෙනෙකු රඳවා ගත හැකි බව ප‍්‍රකාශ වේ. මෙහි ගැහැණුන්, අත දරුවන් සහිත මව්වරු, ගැහැණු ළමුන්, පිරිමි, පිරිමි ළමුන්, මන්ද මානසික ගැහැණු පිරිමි වැඩිහිටි හා ළමුන් රඳවාගෙන සිටී. මෙම කඳවුරට අධිකරණ නියමයෙන් ඇතුළත් කරන පුද්ගලයන්ට නිදහස්ව යෑමට අයිතියක් නැත.

පොලිසිය අයාලේ ආඥපනත යටතේ, අයාලේ යන ගැහැණූ පිරිමි, සිඟා කන්නවුන් අත්අඩංගුවට ගෙන, මහේස්ත‍්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කර, කිසිදු සාධාරණ නඩු විභාගයකට ඉඩ නොතබා මෙම කඳවුරට ඇතුළත් කිරීමට නියෝග ලබාගනී. එසේ අධිකරණ නියෝග ලබා ගන්නා පුද්ගලයින්ව බන්ධනාගාරය මගින්, මෙම කඳවුරට ඇතුලත් කරයි.

මෙම ක`දවුර අදාල නවතම තොරතුරු පහත දක්වමු. වාර්තාවන අන්දමට මෙම රැුඳවුම් මධ්‍යස්ථානයේ රැුඳවියන් අතුරින් සියයට 70 වක් මානසික රෝගවලින් පෙළෙති.
                                                                    
මෙම රැුඳවුම් මධ්‍යස්ථානයේ, පශ්චාත් මරණ පරීක්ෂණවලට භාජනය කරන ලද මරණ සංඛ්‍යාව, 2014 වසර 08 යි, 2015 වසර 19 යි, 2016 වසර මේ දක්වා 03 යි. මෙම මරණවලට හේතුව, ඌන පෝෂණය ,විජලනය සහ ස්වසන පද්ධතියේ ආසාධනයන් බව හඳුනාගෙන තිබේ.  

මෙම වසරේ සිට, මෙම රැුඳවුම් මධ්‍යස්ථානයේ මරණ, පශ්චාත් මරණ පරීක්ෂණවලට භාජනය නොකර, හදිසි මරණ පරීක්ෂක වාර්තාව අනුව භූමදාන කරණු ලබන බවට වාර්තා වේ. එ් මගින් මරණවලට හේතු නිශ්චිත නොවන අතර, එ් මගින් මරණ වලට හේතු හා අදාල සංඛ්‍යා ලේඛණ වසන් කිරිමට ද හැකිව ඇත. මෙම කඳවුරේ රැුඳවියකු හදිසියේ අසනීප වුවහොත් අසල පිහිටි ”සුව නිවස” නම්, ඩිස්පැන්සරියේ වෛද්‍ය නිලධාරී කැඳවා ප‍්‍රතිකාර ලබා දේ. සතියේ දින 05 රෝගීන් හම්බන්තොට දිසා රෝහලට ගෙන එන බව කියති. මෙම කඳවුරේ හෙදියක් හෝ පුහුණු සාත්තු සේවකයෙක්වත් නැත. සේලයින් පවා දෙන්නේ කම්කරුවන් විසින්ය.

මෙම රජයේ නිවර්තන රැුඳවුම් කඳවුරේ විශේෂත්වයක් තිබේ. එනම් මිය යන රැුඳවියන් භුමදානය සඳහා, කඳවුර තුල සුසාන භුමියක් පවත්වා ගෙන යෑමය. පහත සඳහන් සිද්ධිය බොහෝ කරුණු හෙළි කරයි. එනම් මෙරටේ බොහෝ ඉහළ නිලධාරීන් මානව දයාවෙන් තොර, අශීලාචාර අය බව සහ නීතිය කඩා වැටී ඇති බව. 

සරලා බස්නායක දැරිය. අවු: 10 යි, මන්ද මානසික රෝගී දැරියකි. පෙනහ`ඵ හා හෘදය ආශ‍්‍රිත රෝගවලින් පෙළේ. ඇයව, ඇගේ මව සමග, අයාලේ ආඥ පනත යටතේ අත්අඩංගුවට ගෙන, මෙම නිවර්තන නිවාසයට පුනරුත්ථාපනය සඳහා අධිකරණ නියෝග මත ඇතුළත් කර ඇත. මෙම දැරිය රෝගාතුරව හම්බන්තොට දිසා මහ රෝහලේ හත්වන වාට්ටුවට ඇතුළත් කිරීමේන් පසුව 2015.06.26 දාතමින්, මෙම දැරියට නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදෙන ලෙසට සහ ළමා නිවාසයකට ඇතුළත් කරන ලෙසට දකුණු පළාත් පරිවාස කොමසාරිස්ගෙන්, එම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඉල්ලා තිබේ. එම ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වන්නට පරිවාස කොමසාරිස් ට ඉඩක් ලැබී ඇත්තේ 2015 සැප්තැම්බර් 01 ය. එනම් මාස 02 කට පසුවය. එ් වන විට මෙම දැරිය රැුඳවුම් කඳවුර තුල මියගොස් සිටියාය.

මානව හිමිකම් කොමිසමේ අවධානයට යොමුවිය යුතු කරුණු.

1* රජයේ බාරයේ පසුවන මෙම කඳවුරේ සිටින රැුඳවියන්ට, අවම වශයෙන් කුසගින්න නිවා ගැනීමට ප‍්‍රමාණවත්, පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමට නොපමාව පියවර ගන්නා ලෙසටය.

2* නොපමාව බෙහෙත් හා සෞඛ්‍ය පහසුකම් සලසන ලෙසටය. සැ.යු. මුදල් ප‍්‍රතිපාදන නොමැති නිසා, මෙම කඳවුරු භූමියේ, රැුඳවියන් යොදවා පවත්වාගෙන යන ගොවිපළේ නිශ්පාදන නිපදවන දේ පමණක් ආහාර සඳහා යොදා ගනී.

3* මෙම කඳවුර කිසිදු මහේස්ත‍්‍රාත්වරයකුගේ අධීක්ෂණයට පත්ව නොමැත.

4* මෙම කඳවුරට ඇතුළත් කිරීමට යොදා ගන්නා අයාලේ ආඥ පනත අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කළ යුතු බවත්.

5* මේ ආඥ පනත අවලංගු කරන තෙක් මෙම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, අධිකරණයට ඉදිරිපත් කිරීම වළක්වාලීමට පියවර ගැනීම.

6* මෙම කඳවුරේ සිටින මානසික ආබාධිත පුද්ගලයන්ව සෞඛ්‍ය බලධාරීන්ගේ බාරයට පත් කිරීමට පියවර ගැනීම.

7* තම කැමැත්තෙන් මෙම කඳවුරෙන් පිටවීමට කැමති සියලූ දෙනාට මෙයින් පිටව යෑමට ඉඩ සලසා දීම.

8* අබාධිත පුද්ගලයන් සඳහා ඔවුන්ට ගැලපෙන පරිසරයක් නිර්මාණය කර පුනරුත්ථාපනය කිරීමට පියවර ගැනීම.

මේ පිළිබඳව මානව හිමිකම් කොමිෂම මැදිහත්ව රැුඳවියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට පියවර ගන්නා ලෙසට ජනසංසදය සිටි.








Share on Google Plus

About janasansadaya

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 ලිපිය පිලිබඳ අදහස් :

Post a Comment