Saturday, May 28, 2016

දකුණු ආසියාවේ හො`දම වතුර කියා, ජහ ජරා වතුර බෙදන පොළොන්නරුව ජලසම්පාදනය. මේ ගැන හෙළි කිරීම ජනමාධ්‍යයට තහනම්ලූ.

ගල්ලෑල්ල ප‍්‍රදේශයේ කඩයකින් තේ වතුර බීමේන් පසුව වදනය ගිය ජනමාධ්‍යවේදියෙකුට පහර දී, පොලීසිය ලවා නඩුවක් පවරා, රිමාන්ඞ්බාරියට පත් කිරීමේ පුවත,

මේ සිය`ඵ කරුණු හෙළිවන්නේ, ජනමාධ්‍යවේදියකු මෙන්ම පානීය ජලය පිළිබඳ පර්යේෂකයකු විසින් පොළොන්නරු පොලීසියට එරෙහිව පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට, ජාතික පොලිස් කොමිෂන් සභාවට හා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට කර තිබෙන පැමිණිලිවලිනි.

එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

‘‘2016 මැයි 04 වන දින, මා තවත් දෙදෙනෙකු සමග පොළොන්නරුව, ගල්ලෑල්ල ජලසම්පත් මණ්ලය අසල, තේ කඩයකින් තේ බීමත් සමග මට වමනය ගියා. 
මා සමග ගිය අනෙක් දෙදෙනා තේ බීමෙන් වැළකුනා. පානය කළ තේ සාදා තිබුණ ජලය අපිරිසිදු වීම මෙයට හේතුව බවට මට සැකයක් ඇති වුණා.
මා අනෙක් දෙදෙනාට තේ නොබොන ලෙසට දැණුම් දී, මුදලාලිට කිව්වා, තේ හදපු ජලය තියෙන තැන පෙන්වන්න කියා. 
ඔහු මාව කඩය පිටුපස එළිමහනේ ලොකු ඇලූමිනියම් මුට්ටියක උතුරමින් තිබූ ජලය පෙන්නුවා. මම මුදලාලිට කිව්වා, එයින් ජලය අරන් නිවෙන්න තියන්න කියා. ඔහු මට කිව්වා මේවා ජලසම්පාදනයෙන් එන වතුර, දකුණු ආසියාවේ තියෙන හොඳම වතුර බවටසහතික කරලා තියෙන්නේ කියා.
එ් අසල කඩයකට ගොස් නැවත පැමිණෙන විට, හතර පස් දෙනෙක් එතනට රොක් වී හිටියා.
මා නිවෙන්නට තබන්නයි කියන ලද වතුර වීදුරුව ගෙන, මා සතුව තිබූ ඔෘී ජල පරීක්ෂක මාපකයෙන් එම ජලය පරීක්ෂා කරන්නට සැරසෙනවාත් සමග එම පිරිස එයට විරෝධය පළ කරමින්, අපගේ අනන්‍යතාවය විමසා සිටියා.
මා එවිට ඔවුන්ට පැහැදිළි කළා,
(1) මා ජනමාධ්‍යවේදියකු බවත් එය තහවුරු කිරීමට මාගේ හැඳුනුම්පත පෙන්වා සිටියා.
(2) මා, පිරිසිදු ජලය ජනතාවට ලබාදීම අදාල, ව්‍යාපෘතියක සභාපති බවත්, වැලිකන්ද ප‍්‍රදේශයේ වකුගඩු රෝගීන් ස`දහා පිරිසිදු පානීය ජලය නොමිළේ ලබාදීමට අදාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යන බවත්, එ් හා අදාල ලේඛණ පෙන්වා, මා ජලය පරීක්ෂාව පිළිබඳ පුහුණුව ලැබූ අයකු බවත් එ් සඳහා වන නවීන උපකරණ මා සතු බවත් කියා සිටියා.
(3) එ් කරුණු කිසිවක් පිළිනොගෙන, තමන් ජලසම්පාදන නිලධාරීන් බව පවසමින් අපව, අසල ජලසම්පාදන මණ්ඩලයට ගෙන යෑමට උත්සාහ ගත්තා. එ් අවස්ථාවේ මරණ තර්ජනය කරමින් පහර දෙන්නට විය.
(4) අප පාරට පැමිණ, 119 ට කථා කර කාරණය පැහැදිළි කළා. එ් අතර පොලිස් නිලධාරීන් පැමිණියා. පොලිස් නිලධාරීන් සමග අපව ජලසම්පාදන මණ්ඩලයේ කාර්යාලයට ගෙන ගියා. 
එහිදී, විවිධ ප‍්‍රශ්න නගමින් අපව පොළොන්නරුව කදුරුවෙල නගරයේ පොලීසියට ගෙන ගියා.
පොලීසියට ගෙන ගිය ගමන් අප ගැන කිසිවක් විමසීමක් නොකර, අප සතුව තිබූ උපකරණ, අත්අඩංගුවට ගෙන අපව කූඩුවට දැම්මා.
(5) අප තිදෙනාගෙන් එක් අයෙක් පොළොන්නරුව ප‍්‍රදේශයේ එච්.පී. විජේදාස අපගේ මග පෙන්වන්නා බව ප‍්‍රකාශ කිරීම නිසා ඔහුව මුදා හැරියා.
(6) පසුදින, 2016 මැයි 05 වන දින, පෙ.ව. 2.30 ට පමණ, පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගොස් ඉදිරිපත් කළා.
මාත්, මා සමග, සිටි නන්දසිරිවත්, 2016.05.10 දක්වා රිමාන්ඞ් බාරයට පත් කළා. අප ගමන් ගත් මෝටර රථය හා විද්‍යාත්මක උපකරණ අධිකරණ බාරයට ගත්තා.
(7* 2016.05.10 දින මහේස්ත‍්‍රාත්වරයා අප දෙන්නාව හා මෝටර් රථය ඇප බැඳුම්කර මත මුදා හැරියා.
(8* මාගේ විද්‍යාත්මක උපකරණ හා ව්‍යාපාර ලියාපදිංචි සහතික අධිකරණ බාරයට ගත්තා. මීළඟ නඩු දිනය : 2016.09.27
මා ප‍්‍රකාශ කර සිටින්නේ,
පොළොන්නරුව, ගල්ලෑල්ල ප‍්‍රදේශයේ ජනතාවට, ජලසම්පාදන මණ්ඩලයේ පිරිපහදුවෙන්, ආසියාවේ හොඳම ජලය ලෙසට බෙදාහරින, ඉතාමත් අපිරිසිදු ජලය හෙළිදරව් වීම වැළැක්වීම සඳහා, පොළොන්නරුව ජලසම්පාදන මණ්ඩලයේ සේවකයන් හා පොළොන්නරුව පොලීසිය එක්ව ව්‍යාජ තොරතුරු පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කරමින් අපිරිසිදු ජලය බෙදාහැරීම තවදුරටත් කරගෙන යෑම සඳහා, අපව අධිකරණය උපයෝගී කරගෙන පීඩාවට පත්කරන ලද බවයි.
මා ඉල්ලා සිටින්නේ,
1* පහරදුන් ජලසම්පාදන මණ්ඩලයේ සේවකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත්,
2* අපට විරුද්ධව පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුව ඉවත් කරන ලෙසටත්,
3* නීති විරෝධීව ක‍්‍රියා කළ පොළොන්නරුව පොලීසියේ ස්ථානාධිපති ඇතු`ඵ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.
මෙයට
කහටපිටියගේ ෙදාන් ජයතිස්ස
පොල්වත්ත, 
ඉළිඹ, 
හොරණ.’’ 

No comments:

Post a Comment