Saturday, July 2, 2016

අල්ලපු ගෙදර මිනිහාගේ ඕනෑකමට අත්අඩංගුවට ගෙන යුවලකට වධ දුන්නේ අසහනය නිසාද? පගාවටද?



බණ්ඩාරගම පොලීසිය කරුණාසේන මහතාට හා බිරිඳව අත්අඩංගුවට ගන්නේ අල්ලපු ගෙදර මිනිහාගේ  ඕනෑකමටය.

තිලක් කුමාර නැමැත්තා පොලීසියේ හිතවතෙකි. සිවිල් ආරක්ෂකයෙක් ද යන්න දැනගන්නට නැත.

ඔහු බලපත‍්‍රයක් රහිතව කොස් ගසක් කපා ඉවත් කර, කරුණාසේන කොස් ගස කැපූ බවට පැමිණිල්ලක් දැම්මේය. එ් පොලීසියේ මග පෙන්වීම යටතේ ය. 

කරුණාසේන තම ඉඩමේ කොස් ගසක අතු පෑස්සුවේය. අතු පෑස්සවීමට බලපත‍්‍ර අවශ්‍ය නැත. පොලීසිය කරුණාසේනව හා බිරිඳව පොලීසියට ගෙන්වන ලදි. පොලීසියට පැමිණි කරුණාසේනව කූඩුවට දැම්මේ ය. 

එ් අතර පොලීසිය තිලක් කුමාර සමග ගොස් ඉවත්කර තිබූ කොස් අතු පොලීසියට ගෙනාවෝ ය. එ් කරුණාසේන ගේ වැට කඩා බිඳ දමමින්ය.

අවසානයේ නඩුවකුත් නැත. අපරාධකරුවා නිදැල්ලේ ය.

මෙම පොලීසියේ පවතින තත්ත්වය වෙනස් කිරීමට පොලිස් ලොක්කන්ට ද, පොලිස් කොමිෂමේ බහුතරයක් ඉහළයන්ට ද මෙම තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය නැත. එ් දුෂිත පොලීසියක් අවශ්‍ය නිසාය.

මේ ගැන කථා කරන විට මෙම ප‍්‍රශ්න විසඳීමට මුන් සියල්ලම ඉල්ලා සිටින්නේ පහසුකම්ය. වැඩි පඩිය. කලාමැදරියා කෑවාම හොඳ කරන්න අහසේ තරුයි මුහුදේ මඩයි ඔනැලූ. මුන්ගේ ප‍්‍රශ්ණ විසඳනකන් අසරණයින් දුප්පතුන් ගුටි කන්න ඔනෑද?

No comments:

Post a Comment