Monday, July 4, 2016

පඩි ගෙවන ජනතාව කැ----යෝ SSP ලා IP ලා ඉපිදිලා තියෙන්නේ මනුෂ්‍ය ශුක‍්‍රානු වලින් නොවේ......


තම කඩය අවහිර වනසේ නතර කරපු කාර් එක එලවපු ගැහැණිය සමග ඇතිවු කථා බහ කෙළවරවුනේ උසාවියෙන්. එහි දි රියදුරු ගැහැණියගේ මිනිහා හිටපු ීීඡු හා එතනට ආපු ෂඡුල ශ‍්‍රි ලංකා  පොලීසියේ මහජන මිත‍්‍රශීලි බව ප‍්‍රදර්ශනය කරපු හැටි පැහැදිලි කරන සිද්ධියකි මේ.

සිද්ධියට මුහුණ දුන්න දෙදෙනා මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට හා ජාතික පොලිස් කොමිෂන් සභාවට කරන ලද ලිඛිත පැමිණිලි දෙක එ් අයුරින්ම පහත දක්වන්නේ, නරක පොලිස් කාරයෝ ඉන්නේ සියයට 10ක් බව කියන ඉහළයන්ගේ අවධානය සඳහාය. මන්ද මේ ඉහළයන් කියන්නේ පොලීසියේ සියයට 90ක් ම හොඳ අය බවයි. එ් අනුව 85,000 ක් වන පොලිස් නිලධාරින් අතරින් නරක පොලිස්කාරයෝ 8500 ක් සිටිති. එනම් සෑම පොලිසියකම මේ නරක පොලිස්කාරයෝ එක්කෙනෙකුට වඩා සිටිති.     
1.
නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන, පහර දී, රඳවා තබාගෙන බොරු නඩු දැමීම-   
2016.06.15 දින දීය. 2016.06.14 දින, සවස 6.30 ට පමණ, පානදුර, ඞී.ඩබ්.විජේසූරිය මාවතේ, අංක 409/18 ්‍ය පිහිටි කුෂාන් ට අයත්, ඇඳුම් කඩය ඇතුලේ සිටියා. 
එවිට කුෂාන් මට කතා කොට, ”මම ඉස්සරහා කඩයට යනවා, කඬේ ටිකකට බලාගන්න” කියා ගියා. මම කඩයේ ඉස්සරහට ආවිට දුටුවා, කඩයට ඇතුලූ වන තැන හරස්කර, වාහනයක් නවත්වා තියෙනවා. එතැන කාන්තාවක් හිටගෙන දුරකථනයෙන් කතා කරමින් ඉන්නවා. 

ඇය මගෙන් ඇහුව්වා, ”මෙතන හිටිය කෙනා කෝ, කව්ද එයා මට වාහනය නතර කරන්න එපා කියන්නේ” කියා. මම ඇය සමග, කාරණය ගැන කතා කරමින් සිටින විට, වාහනයක පැමිණි පුද්ගලයෙක් ”මූද කැරියා” කියමින්, වාහනයේ ෙදාර ඇර බැටන් පොල්ලක් අරගෙන මා ළඟට ඇවිත් මට ගහන්න හැදුවා. මම ඔහුට කිව්වා ගහන්න එපා කියා. එවිට ඔහු, ”කියපු එකා කෝ, කැරි වේසිගේ පුතා” කියමින් කෑගහන්නට පටන් ගත්තා. මම ඔහුට කිව්වා, වාහනය නැවැත්වීම පිළිබඳව ප‍්‍රශ්ණයක් තියෙන බව. එ් කතාව අතර, පානදුර දකුණ පොලිසියේ රථවාහන අංශයේ හතර දෙනෙක් යතුරු පැදි දෙකකින් පැමිණියා. 

එයින් බැස්ස රථවාහන අංශයේ ස්ථානාධිපති සරත්චන්ද්‍ර, ”මූද කැරියා” කියමින් මා අසලට පැමිණ, මගේ මුහුණට වැරෙන් පහරක් ගැහුව්වා. මම ඔහුට කිව්වා ගහන්න එපා, ”බලන්න කඩයට ඇතුල්වෙන්න බැරි විදිහට නේද වාහනය නවත්වලා තියෙන්නේ” කියා මා පැවසුවා. එ් සමගම ”කට පියාගනින්” කියා මට පයින් පාරක් ගැහුව්වා. එයින් පසු ”අරූ නෑනේ, මූව අරන් යන්” කියා, තුන්දෙනා එකතුවී මා අල්ලා, අත් පිටුපසට කරලා මාංචු දැම්මා. පාරේ යන ත‍්‍රී රෝද රථයක් නවත්වා, මගේ බෙල්ලෙන් අල්ලා, ත‍්‍රී රෝද රථයට නැගපන් කියා, පො.ප.සරත්චන්ද්‍ර යලිත් පයින් ගැහුව්වා. මාව ත‍්‍රී රෝද රථයේ පිටුපස බිම ඔබාගෙන, ලක්මාල් කියන නිලධාරියා පයින් ගසමින් පානදුර දකුණ පොලිසියට ගෙන ආවා. 

මාව කෙලින්ම උඩ තට්ටුවට ගෙනිච්චා. ටික වේලාවකින් නැවත, පහලට ගෙන ආවා. එ් ගමන්ම පෝරමයක් අරගෙන මාව පානදුර රෝහලට ගෙන ආවා. මාව වෛද්‍යවරයකු ලඟට ගෙන ගියා. වෛද්‍යවරයා මගෙන් ඇහුව්වා බීලාද කියා. මම කිව්වා මම බීලා ඉන්නේ, පොලිසිය මට ගහලා මෙතනට ගෙන ආවා කියා. පෝරමයේ අඩුපාඩුවක් පෙන්වා එය රාත‍්‍රී 8ට පෙර හරිගස්සගෙන එන ලෙසට පොලිසියට කිව්වා. නැවත පොලිසියට ගෙන එන විට, සිද්ධියට අදාල කාන්තාව පෙර සඳහන් කල ඇගේ සැමියා පොලිසියේ සිටියා. පොලිසිය තුලදී ඔහු පලයං කැරියා කියා මට කිව්වා. ඉන්පසු මාව කූඩුවට දැම්මා.

පසුදා උදේ මගෙන් සම්පත් නැමැති නිලධාරියා ප‍්‍රකාශයක් ලබා ගත්තා. මට කියවන්න දුන්නේ නැහැ. අත්සන් ගත්තා.

එයින් ටික වේලාවකට පසුව, මාව උසාවියට රැුගෙන ආවා. කාන්තාවකට හිරිහැර කිරීම යන චෝදනාවක් මට නගා තිබුනා. මට චෝදනාව හරියටම තේරුනේ නැහැ. මා වෙනුවෙන් නීතිඥ මහත්මියක් පෙනී සිටියා. මාව ශරීර ඇප දෙකක් මත මුදා හැරියා. මීළඟ නඩු දිනය 2016.08.08 දින වන අතර, නඩු අංකය 37918 වේ.

මා පසුව දැනගත්තා, වාහන සිද්ධිය අදාළ කාන්තාව, ගිණිගේ නැමැති උසස් පොලිස් නිලධාරියෙකු ගේ බිරිඳ බව. එමෙන්ම පෙර සඳහන් කරන ලද මහ පාරේ කුණුහරප කියමින් කෑගැසූ පුද්ගලයා - උසස් නිලධාරියෙකු වූ ගිණිගේ බව.

වාර්තා වූ පරිදි, මෙම ගිණිගේ නැමැති උසස් පොලිස් නිලධාරියා දැනට පොලිස් සේවයෙ නැත. මොහු බරපතල විනය ප‍්‍රශ්ණ වලට මුහුණ දුන් අයෙකි.

මෙම පසුබිම යටතේ, මෙම උසස් නිලධාරියකු යයි පෙනීසිටි ගිණිගේ නැමැති නිලධාරීවරයා ගේ හා ඔහුගේ බිරිඳගේ අවශ්‍යතාවය මත, නීති විරෝධී අන්දමින් වධහිංසා පමුණුවා, රඳවා තබාගෙන, බොරු නඩු දැමීම මගින්, පානදුර දකුණ පොලිසියේ, 

1. ස්තානාධිපති
2. රථවාහන අංශයේ පො.ප. සරත්චන්ද්‍ර ඇතුලූ නිලධාරින් සිවුදෙනා
මාගේ මූලික අයිතීන් උල්ලංඝණය කර ඇත.

මා ඉල්ලා සිටින්නේ, මෙම නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා මෙම බොරු නඩුව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසටය. 

ඉහත කරුණු ෂත්‍යය නිවරැුදි බව ප‍්‍රකාශ කරමි. අ/ක. සිරිමල් 

2. 
2016.06.15 දිනදීය. 2016.06.14 වන දින, මාගේ ඉහත ලිපිනයේ ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට පාරේ, මාගේ ව්‍යාපාරික ස්ථානයට ඇතුලූවීම අවහිර වන ලෙස, ණ්‍ය 2397 දරන වාහනය නතර කරන ලදි. එය පැදවූයේ කාන්තාවකි. මා ඇය ලඟට ගොස්, ”මිස් කරුණාකරලා වාහනය පොඞ්ඩක් ඉස්සරහට ගන්න, පාර අවහිර වෙලා” කියා පවසා සිටියා. 

එවිට ඇය ”ඔයා කාටද දන්නවද කතා කරන්නේ, මගේ මහත්තයා ීීඡු” කිව්වා. ”මිස්වාහනය ටිකක් ඉස්සරහට ගන්න කිව්වේ, කඩයට එන්න යන්න බැරි නිසා” යයි කියන ලදි. 

එවිට ”ඇ අඩියක්වත් ගන්නේ නැහැ”, කියා කාටද දුරකථනයෙන් කතා කලා. මම, එ් වෙලාවේ කඩයට පැමිණ සිටි, මා දන්නා සිරිමල් යන අයට, කඩය පොඞ්ඩක් බලාගන්න කියා, කෑම එකක් ගේන්න ඔරලොසු කණුව ලඟට ගියා. 

කෑම ගනිමන් ඉන්නකොට, මට ගෙදරින් කතා කර කිව්වා කඩයේ හිටිය සිරිමල්ට පොලිසියෙන් ඇවිත් ගහලා ගෙන ගිය කියා. මම ආ විගස ගෙදර අය හා අවට අයට කිව්වා මාවත් පොලිසියෙන් හොයනවා කියා. 

මේ ආකාරයට, කිසිදු හේතුවක් නැතිව, සිරිමල් යන අයව අත්අඩංගුවට ගෙන පහරදී, මා වෙනුවෙන් අත්අඩංගුවේ තබාගෙන, බොරු චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර, එ් අතර මාවද අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරති.

මෙසේ කරන්නේ, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කෙනෙකු බව පවසන, පානදුර පදිංචි ගිණිගේ නැමැති නිළධාරියාගේ බිරිඳ ගේ අවශ්‍යතාවයට බවය.

මා ඉල්ලා සිටින්නේ, පානදුර දකුණ පොලිසිය සිදු කරන නීති විරෝධී ක‍්‍රියාවන් වළක්වාලන ලෙසටය. අ/ක. කුෂාන් 

No comments:

Post a Comment