Monday, March 23, 2015

මාව ‘‘මුස්ලිම්’’ ලෙසට අමතන්න එපා.


නීතිය සමානාත්මතාවය පදනම් විය යුතුයි. ආගම අනුව නීතිය හැදෙන්න බෑ. මම දෙවියන් විශ්වාස කරන්නේ නෑ. 
තලිස්මා නස්රීන් මෙම ප‍්‍රකාශය කළේ ඉන්දීය මාධ්‍යවේදී සුවෝජිට් බග්චි සමග කළ සාකච්ඡුාවේදීය. වෘතියෙන් වෛද්‍යවරියක්වු ඈ ලොව ප‍්‍රකට වුයේ ‘‘ලැජ්ජා’’ නව කථාවෙනි. එම නවකාථාවෙන් පසුව ඈ මරා දැමීමට ඉස්ලාම් අන්තවාදීන් තීරණය කළේය. ඇය බංගලදේශයෙන් පලා ඇවිත් ඉන්දියාවේ රැකවරනය යටතේ සිටිති. ඉන්දියවේ මුස්ලිම් පැවිද්දන්ද ඇය මරා දැමිමට තීරණය කර තිබේ. 
ඉස්ලාම් සහිරා නීතියට දැඩිව විරුද්ධ වන ඇය, කොරානය සංස්කරණය කළයුතු බව කියා සිටි. අනෙකුත් ආගම් මෙන්ම ඉස්ලාම් ආගම දැඩි පරික්ෂාවට හා විවේචනයට ලක් කළ යුතු බව ප‍්‍රකාශ කරන්නේ එයට මුස්ලිම් වරු ඉදිරිපත් විය යුතු බවද පවසයි.
බංගලදේශය මුස්ලිම් අන්තවාදය හිස එසෙව්වේ බහුජාතික බහු ආගමික රටක තත්වයෙන්, මුස්ලිම් රටක් බවට පත්කිරිමට 1980  වසරේ  ජෙනරාල් එර්ෂාඞ් ගත් පියවර, එනම් ඉස්ලාම් ආගම රාජ්‍ය ආගම කිරිමට ගත් පියවර නිසා බව, ඇය පෙන්වා දෙයි.
බංගලදේශයේ කාන්තාවන් බහුතරය හිජාබය හෝ බර්කාවේ ඇන්දේ නෑ. නමුත් අද තත්වය වෙනස් වේගෙන යනවා. නිදහස් මතධාරින්ව ඝාතනය කරනවා. එරට බෞද්ධ, ක‍්‍රිස්තියානි හා හින්දු ජාතිකයින්ව මර්ධනය කරනවා. ආණ්ඩුව ඉස්ලාම් අන්තවාදීන්ව ශක්තිමත් කරන බවද වැඩිදුරටත් ඈ පෙන්වා දෙයි.  

No comments:

Post a Comment