Monday, March 30, 2015

බංගලදේශයේ තවත් බ්ලොග්කැවෙකු කපා කොටා මරයි.


එරට අගනුවර ඩකා හි දි මරා දමා ඇත්තේ වාෂික් රහමන් බාබු නැමති බ්ලොග්කරුය. ඝාතනය සම්බන්ධ සැකකරුවන් ප‍්‍රකාශකර ඇත්තේ ඉස්ලාම් ආගමට විරුද්ධව අදහස් පළ කිරිම නිසා මරා දැමු බවයි.  මෙම සැකකරුවන් සිසුන් බවද පොලීසිය බවසා තිබේ. මෙයට මසකට පෙර, ඇමෙරිකානු පුරවැසියෙකු වන බෙංගාලි ජාතික අජිත් රෝයිව, ඩැකා සසරවිය අසල කපාකොටා මරා දමා තිබින. ඔහු ද බ්ලොග් කරුවෙකු වන අතර, අදේවවාදියෙකි. 
ඉස්ලාම් ආගම විමර්ශනයට ලක්කරන හා ඉස්ලාම් අන්තවාදය හෙලා දකින නිදහස් මතධාරින් මරා දැමිමට ඉස්ලාම් උම්මතකයින් ගෙන තිබෙන තීරණ හමුවේ මෙම ඝාතන සිදුකරනු ලැබේ.  මෙම ඝාතකයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමින් එරට වැසියන් උද්ඝෝෂන ආරම්භ කර තිබේ.  

No comments:

Post a Comment