Sunday, March 15, 2015

අනාථයින්, අනාථ කරන්න ගත් තැත වැරදෙයි.


විලාහවුස්  - යුක්තිය ගබ්සා කිරීම ? යන ප‍්‍රකාශණය, තිරසාර යහපාලනයක් සඳහා වන, අනිවාර්ය කොන්දෙසියක් වන, නීතියේ ආධිපත්‍යය, අධිකරණ ක‍්‍රියාවලිය තුල ගබ්සා වීම පිළිබඳ සාකච්ඡාව එක් පියවරකි. දුප්පතුන්ට යුක්තිය ඉටු කරගන්න හැකියාවක් නැති බව නොදන්නා කෙනෙක් නැත. දුප්පත් කම නිසාම උන්හිටි තැන් අහිමි කරන්නට, බලය ඇති පිරිස් පොලීසිය හා අධිකරණය යොදා ගන්නා බව සැම දෙනාම දන්නා කරුණක්. එහෙත් එ් ගැන කථා කරන්නේ නැත.
විලාහවුස්  - යුක්තිය ගබ්සා කිරීම ? යන ප‍්‍රකාශණය එ් ගැන කථා කරයි. නඩු තීන්දු හා උසිවියේ සිදුවු දේ විස්තර කරන, වත්මන් සත්‍ය සිද්ධියක් පාදක කරගෙන ලියැවුනු මේ ප‍්‍රකාශය නිතිඥයන්ට ද ප‍්‍රයෝජන වනු ඇත.
කථා කරන්න බැරි. එසේ නැති නම් කථා නොකළ යුතු දේ ලෙසට වර්ග කර තිබෙන කාරණා කථා කරන ප‍්‍රකාශයකි.
රු150/කට මිළ කර ඇති මේ ප‍්‍රකාශනය ජනසංසදයෙන් ලබා ගත හැකිය.

No comments:

Post a Comment