Wednesday, March 11, 2015

වහාම තොරත.ුරු හෙළි කරනු. ජනසංසදය මානව හිමිකම් කොමිසමට කියයි.


ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම, පිළිගත් මූලධර්මයන්ට අනුකූලව ක‍්‍රියා කරන්නේ නැත. යථාර්තය එයයි. එ් බව ආසියා - පැසිපික් මානව හමිකම් සංවිධානය පිළිගෙන තිබෙනවා පමණක් නොව සමාජිකත්වයට පවා නුසුදුසු බවට තීරණය කර පුර්ණ සමාජකත්වය අහිමි කරන ලදි. එ් සමග මානව හිමිකම් කොමිසමේ අඩුපාඩු පෙන්වා දෙමින් නිර්දේශ මාලාවක් නිකුත් කරන ලදි. එම නිර්දේශ කවරේද යන්න මේ දක්වාම හෙළි කර නැත. එවා කවරේ ද යන්න දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබේ.
එ් අනුව එම නිර්දේශ හෙළි කරන ලෙසට ඉල්ලමින් ජනසංසදය කොමිෂම අමතන ලද ලිපිය පහත දක්වමු. 

ජනසංසදය
2015.03.11

සභාපති,
ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.


ආසියා - පැසිපික් සංවිධානය (APF) විසින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම වෙත නිකුත් කරන ලද නිර්දේශ ප‍්‍රසිද්ධියට පත්කරන ලෙසට ඉල්ලීම.

ආසියා - පැසිපික් කලාපයේ රටවල මානව හිමිකම් ආයතන (කොමිෂන් සභා) සාමාජිකත්වය දරන  ඕස්ටේ‍්‍රලියාව මූලස්ථානය කරගත්, ආසියා - පැසිපික් සංවිධානය (Asia – Pacific Forum of NHRIs -APF) , වසර කිහිපයකට පෙර, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, 
‘‘පූර්ණ සාමාජිකත්වයෙන්,’’   ‘‘ආශ‍්‍රිත සාමාජිකත්වයට’’ පහත හෙළනු ලැබීය.

මෙම තත්ත්වයෙන් පහළ දැමීම යළි සලකා බලන ලෙසට, ඔබ ආසියා - පැසිපික් සංවිධානයෙන් කරන ලද ඉල්ලීමට අනුව එහි නියෝජිතයින් දෙදෙනෙකු පසුගියදා ශ‍්‍රි ලංකාවට පැමිණෙන ලද අතර, ඔවුන් ඔබ හමුවු බව අප දන්නෙමු.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම, පිළිගත් මූලධර්මයන්ට අනුකූලව ක‍්‍රියා නොකරන බවට මෙම සංවිධානය ගෙන ඇති තීරණයට අදාලව එම සංවිධානය(APF) ඔබ වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශයන් කවරේද යන්න දැන ගැනීමට, පුරවැසියන්ට අයිතියක් තිබෙන බව පෙන්වා දෙමු. එය මුලික අයිතිවාසිකමකි. 

නොපමාව එම ‘‘නිර්දේශයන්’’  ප‍්‍රසිද්ධියට පත් කරන මෙන් ඉල්ලමු. 
පිලිතුරු අගය කරමු.

ස්තුතියි,

අ.ක/ චිත‍්‍රාල් පෙරේරා,
(ලේකම්*.

පිටපත්:-
1. ලේකම්, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
2. ජනාධිපති හා අගමැති ලේකම්වරුන් වෙත
2. සිවිල් සංවිධාන වෙත
4. ජන මාධ්‍යය

No comments:

Post a Comment