Tuesday, March 10, 2015

යහපාලනය හා නීතියේ ආධිපත්‍යය.

 රටතුළ නීතිය මත පාලනයක් එනම්, සියල්ලටම ඉහළින් නීතිය ස්ථාපනය නොකර අපේක්ෂා කළ හැකි යහපාලනයක් නැත. පොලීසිය දූෂණයෙන් තොර නීතියට අනුව ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත්කිරීම හා අධිකරණ ස්වාධීන කාර්යක්ෂම දූෂනයෙන් තොර එකක් බවට පත්කිරීම, යහපාලනයක් සහා වන අනිවාර්ය කොන්දේසි වේ.
මේ සම්බන්ධ කථිකාවක් 2015 මාර්තු 08 පැවැත්වූවා. ආසියානු මානව හිමිකම් කොමිෂම (හොංකොං) අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු, ප්‍රවීන නාට්‍යකරු ධර්මසිරි බණ්ඩාරනායක, සරත් වික්‍රමරත්න, ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි, නීතිඥ ජයන්ත දොලවත්ත සහ යහපාලනයක් සහා වූ වෘත්තිකයින්, ක්‍රියාකාරීන් හා විද්වතුන් හතලිහකට වැඩි පිරිසක් මෙම කථිකාවට එක්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, අපරාධ විද්‍යා (විශේෂ) අංශයේ උපාධි අපේක්ෂකයින් ද ඒ අතර වීම විශේෂයකි. ජනසංසදය සංවිධානය කළ මෙම කථිකාව පැවැත්වූයේ කොළඹ 07, අංක 114, විජේරාම පාර, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ, සුභසිංහ ශාලාවේදීය. ඡයාරුප පහත දැක්වේ.






















No comments:

Post a Comment