Saturday, February 28, 2015

ජොන් අමරතුංගට එල්ලෙන්න වෙලාලු. එල්ලුම් ගහ ගේන්න රනිල් උත්සාහ කරනවාද ?


අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මල්වතු නාහිමි බැහැ දැක ඇවිත් ප්‍රකාශ කළේ අපරාධ මර්ධනයට එල්ලුම් ගහ ගේන්න ඕනෑ බවයි. පසුගියදා පොලිස් නව විමර්ශණ කොට්ඨාශය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ පොලිසිය බාර ඇමති ජෝන් අමරතුංග පොලිස්පතිගෙන්, අපරාධ රැල්ල හා එල්ලුම්ගහ ගේන එක ගැන - මතයක් විමසුවේය.‍ පොලිස්පති රවාගෙන සිටියා මිස උත්තර දුන්නේ නැත.

අපරාධ වලට වරදකරු වූවන්ව මරා දැමිය යුතු බවට වන මිලෙච්ජ ක්‍රියාව, ශිෂ්ඨ රටවල් නතර කර බො‍හෝ කල්ය. මරණ දඩුවම අහෝසි කල යුතු බව එක්සත් ජාතීන්ගේද නියමයයි. ශ්‍රී ලංකාව මරණ දඩුවම නීතියේ තබාගෙන ක්‍රියාත්මක නොකරන රටකි. ජනාධීපති ජේ.ආර්.ජයවර්ධන ප්‍රමුඛ හිටපු ජනාධීපතිවරු කිසිවකු මරණ දඩුවම ක්‍රියාත්මක කළේ නැත. මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයා ද එය ක්‍රියාත්මක කරන්නේ නැත. එය සහතිකය.

අධීකරණය තීන්දු ක‍ළත්, මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම, එනම් ලංකාවේ එල්ලා මරා දමන්නේ, ජනාධිපති නියම කලහොත් පමණි. විජය රාජපක්ෂ, ජෝන් අමරතුංග මරණ දඩුවම ගැන කතා කරන්නට පටන් අරන් තියෙන්නේ, රනිල්ගේ උපදෙස් අනුව විය හැකිය. සෑම අසාර්ථක පාලකයෙක්ම, අපරාධ කරුවන් රකිමින්, අපරාධකරුවන් එල්ලා මරා දැමිය යුතු බවට ප්‍රකාශ කළේය.

රාජපක්ෂ රෙජිමය, මහජන මුදල් කාබාසිනියා කළ, සොරකම් කළ දැයට කිරුල ප්‍රදර්ශණයේ, බන්ධණාගාර කුටියේ ප්‍රදර්ශණය කළේ බෝනික්කෙකු එල්ලා මරණ හැටිය. ඉන්පසු මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම ගැන මත විමසුවේය. සියයට අසූවකට වැඩි බෞද්ධයින් ප්‍රකාශ කළේ මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවයි.

නමුත් ජනමතය සෑම විටම නිවැරදි නැත. අපරාධ මර්ධනය - මිනී මැරීමෙන් නතර කල නොහැක. කඩිනම් අපරාධ විමර්ශණය, සාධාරණ නඩු විභාග ක්‍රමයන් තුල පමණි අපරාධ මර්ධනය කළ හැක්කේ.

යහපාලනය යටතේ අනිවාර්ය කළ යුතු දෙයකි,  මරණ දඩුවම නීති පොතෙන් කටුගා දැමීම. ඒ වෙනුවට අපරාධ අවම කිරිමට බලපාන දඩුවම් ක්‍රමයක් ඇති කල යුතුයි. දඩුවමකට බන්ධණාගාරයට යැව්වද, බන්ධනාගාරයේ රාජකාරිය පුනරුත්තාපනය බවද දන්නේ කීයෙන් කී දෙනාද ?

රාජපක්ෂ රෙජිමය කළේ එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන බවට, ජනතාව රැවටිමය. ඉන් නොනැවතී පකිස්ථානයන් ලණුවක්ද ගෙන්වා ගත්තේය. අලුගොසුවන් බවා ගතිතේය. දැන් ලණුව ඇත ගහ නැත. ඒ ලනුවේ තමන්ට එල්ලෙන්න සිදුව ඇති බව ජෝන් අමරතුංග බව මුලින් සදහන් කල රැස්වීමේදී ප්‍රකාශ කළේය. ජොන් මෙහෙම ගියොත් ජනතාව එල්ලන්න පෙර, එල්ලෙන්නට නම් සිදුවනු ඇත.



No comments:

Post a Comment