
අවුරැදු 12 ක් පුරා, පොලීසිය අසරණ මිනිසෙකුගේ ඉඩම හා ගොඩනැගිල්ල
බලහත්කාරයෙන් අල්ලාගෙන එය, බොන්න, කන්න, නාන්න හා ඉහළ නිලධාරීන්ට දොළ පිදේනි
දෙන තැනක් බවට පත්කරගෙන සිටී.
පසුගිය අවුරුදු 12 පුරාම තමාට හා තම සොහොයුරාට හිමි
ඉඩම හා ගොඩනැගිල්ල ලබාදෙන ලෙසට පොලිස් ලොක්කන්ගෙන් ආණ්ඩුවේ ලොක්කන්ගෙන් හිටපු
ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් හා ගෝඨාභයගෙන් ඉල්ලා සිටිය ද පලක් වී නැත.
එක පැත්තකින් ත්‍රිවිඩ හමුදාව ලවා ඉඩම් මංකොල්ලයේ යෙදුන
රාජපක්ෂ රෙජිමය, මේ පොලීසිය මගින් කරන ලද කොල්ලයකි.
මේ කාරණය සම්බන්ධයෙන් ඉඩමේ අයිතිකරැවන් දෙදෙනා විසින්
පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, ලේකම්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, වෙත
යවන ලද ලිපියෙන් කරුණු පැහැදිළි කරයි.
- මේ කාරණය පිළිබඳ මොවුන් මානව හිමිකම්
කොමිෂමට පැමිණිලි කර තිබේ.

සමාගම ඉදි කරන ලද අඩි 25× 100 ක් පමණ ගොඩනැගිල්ල, යොදා ගත්තේ ඉදිකිරීම් කටයුතු සඳහා ගෙන එන ලද
ඩයිනමයිට් ආරක්ෂාවට, යොදවන ලද පොලිස් කොස්තාපල්වරුන්ට, නවාතැන් ගැනීමටය. ගොඩනැගිල්ලට
විදුලිය හා ජලය සපයන ලද්දේද, මුරට සිටිය පොලිස් නිලධාරීන්ට කෑම බීම දුන්නේද
සමාගමය.
විදුලි බලාගාරයේ කටයුතු ඉවර
කර, ඉඩම හා ගොඩනැගිල්ල සොහොයුරන් දෙන්නාට බාර දී, පොලීසියට ඉවත්වන ලෙසට කියන
ලද නමුත්, පොලීසිය එදා සිට මෙම ඉඩම හා ගොඩනැගිල්ල නිඩාඩු නිකේතනයක් බවට පත් කරගෙන
බලහත්කාරයෛන් රැඳී සිටී.
පොලීසිය මේ ආකාරයට අපරාධ
කරන විට, රටක යහපාලනයක් ඇති කරන්නේ කෙදේ ද?
මේ පාහර කුපාඩි වැඩ වලට ඉහළ පොලිස් නිලධාරීන් ද සහය දෙන්නේ,
ඔවුන් පිනවීමට මේ තැන භාවිතා කරන නිසාය.
ඉතින් බොලව් මේකට යහපාලනේට බැනලා වැඩක් තියෙනවද? අවුරුදු 12ක් තිස්සෙ කරපු මගුලකට මෙ මාස තුනක් වත් නැති ආන්ඩුව පලිද? දැන් නැවතත් මේ ගැන අදාල ආයත්නවලට පැමිනිලි කරලා වැඩේ නොවුනනම් බැන්නට කමක් නෑ
ReplyDeleteගිය ආන්ඩුවකාලෙ කටයි පු** දෙකම වහගෙන හිටපු එවුන් දැන් ඇහැරුන එවුන් වගෙ ඕන එකටයි එපා එකටයි හැම රෙද්දටම යහපාලනේ ඇදගන්නවා