Sunday, February 1, 2015

රෙජිනෝල්ඩ් කුරේ ගේ ඔලුව ගලවයි. මජඩ දේශපාලනයේ නියැලෙන ප්‍රාදේශීය දේශපාලුවෝ -


ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා - තමා ඉදිරියේ මැතිවරණවලට සහභාගී නොවන බව ප්‍රකාශ කළේය. එමෙන්ම තමාගේ රුව යොදා කටවුට් නොගසන ලෙසට ඉල්ලා සිටියේය. ප්‍රචාරක කටයුතු සදහා රාජ්‍ය ආයතනවලට මුදල් යෙදවීම තහනම් කළේය.
නමුත් එම උපදෙස්  පිළිපදින්න ප්‍රාදේශීය ජරා, දේශපාලකයින් සූදානම් නැත. කෙසේ හෝ තමා පවතින බව පෙන්වීමට, ජානාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ රුව ගසා, පැත්තකින් තමාගේ මුහුණ අලවා ගෙන සිටින අය දැන්  පෙනේ. මේ අය මෛත්‍රීපාල සිරිසේන ගේ පරාජය කරන්න වළිකැ අයයි.
පානදුර ඔරලෝසු කණුව ඉදිරියේ රෙජිනෝල්ඩ් කුරේ මංත්‍රී, දැවැන්ත කටවුට් ගැසීමට පෙළඹී සිටියේ අද ඊයේ සිට නොවේ. මහින්ද රාජපක්ෂට ආ වඩා ගසා තිබුනු කටවුට් එක වෙනුවට අද මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක, එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක ගේ රූප හා අත ළකුණ ගසා, මෛත්‍රීපාල සිරිසේනගේ රුවට පහළින් තම ඔලුව යොදා, ගසා ඇති විශාල කටවුට් එක කාගෙත් පිළිකුලට හේතු විය.මේ වන විට එම කටවුට් එකේ, රෙජිනෝල්ඩ් ගේ ඔලුව නැත. මොහුට නැත්තේ ආත්මයකි. ඒ අතර, පානදුර නගර සභාවේ උප සභාපති කියා ගන්නා  පුද්ගලයාගේ ජනාධිපති රුව යොදා, බැනරයක් නගර සභා‍ව ඉදිරිපිට ගසාගෙන තිබේ.
මෙම මජඩ දේශපාලනයට අනෙක් අයද පෙරට විත් ඇත. ජෙනරාල් සරත්  ‍ෆෙ‍ාන්සේකා‍ගේ කටවුට් එකක් ගසා ඇත්තේ පසුගිය පලාත් සභා මැතිවරණයෙන් පවා පැරදුනු සුරවීර නැමැති අයෙකි. ඒ අතර, ඇමති රාජිත සෙනෙවිරත්නගේ මුහුණ සමග තමගේ මුහණ යොදා කටවුට් බැනර් දමා ගෙන ඇත.
මේ සියල්ල කරන්නේ, කාගේ මුදලින්ද ? මේසදහා නියමිත බදු මුදල් ගෙවා තිබේද? රාජ්‍ය ආයතන වල මෙය ප්‍රදර්ශණය කරන්නේ කාගේ අවසරයෙන්ද ? මේවා වහා නැවැත්විය යුතුය. දූෂණය නැති කිරීමට එක් පියවරකි මේ.‍




No comments:

Post a Comment