Monday, February 16, 2015

එකම පවුලේ දෙනෛක්ව රිමාන්ඩ් කරයි.


පයාගල පොලිසියේ ඉල්ලීමට, කලුතර අතිරේක මහේස්ත්‍රාත්වරිය, එකම පවුලේ දෙදෙනෙකුව, රිමාන්ඩ් බාරයට පත්කල බව පවසන, හිල්ඩා සිල්වා මිය (අවු : 56) යහපාලනය කියන්නේ මේකදැයි අසයි.

පයාගල, මලේගොඩ, ඇගලුම් ‍කම්හලේ සේවිකාව‍කගේ මාලය කඩා ගත් බවට චෝදනා කරමින් තම පුතාව අත්අඩංගුවට ගත් පයාගල පොලිසිය, අත්අඩංගුවේ සිටි පුතාව බලන්න ගිය තම නැගණිය වූ ඇනී සිල්වා වද අත්අඩංගුවට ගත් බව කියා සිටී.

මාලය කඩාගත් බවට පැමිණිලි කල තරුණිය පොලිසියට පැමිණ, මාලය කඩාගත්තේ පුතා නොවන බව කියා සිටියත්, ස්ථානාධිපති එම තරුණියට බැන, පෙරට්ටුවකට තැබිය යුතු බවට උසාවියට කියා, රිමාන්ඩ් කරපු බවද ඇය වැඩිදුරටත් කියා සිටී.

ඒ වගේම, පොලිසියේ පුතාව බැලීමට පැමිණ සිටි පුංචි අම්මාවද අත්අඩංගුවට ගෙන, රාත්‍රී 10 වනතුරු කබාගෙන, පසුදින උසාවියට එන ලෙසට දන්වා මුදාහැරිය බවය. පොලිසියේ උපදෙස් අනුව, උසාවියට ගිය විට, සාක්ෂිකරුවන්ට තර්ජණය කලා යයි කියා, රිමාන්ඩ් කරපු බවද කියා සිටී.

පොලිස් සහතිකය මත, මුදා හැර, ඒ අනුව උසාවියට ඉදිරිපත් වූ විට, රිමාන්ඩ් කරන්නේ කෙසේද යන ප්‍රශ්ණය නගන ඇය - මෙය පොලිසිය සතුටු කරවන්න කරන දෙයක් බවද, පුද්ගලයෙකුව පදනම් රහිතව රිමාන්ඩ් කිරීම අපරාධයක් බවද කියා සිටී.


මේසේ පයාගල පොලීසිය තම පවුලෙන් පලිගන්නේ 2012දි තම වැඩිමහල් පුතාව හා ඔහුගේ මිතුරෙකුව යටකර මරා දැමු හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධන ගේ බැනැ වෙනුවට වෙනත් අයෙකු ආදේශ කිරිමට පොලීසිය ගත් පියවරට එරෙහිව උද්ඝෝෂණය කළ නිසා බව පෙන්වා දෙන ඇය, මේ කරුණු අදාලව වගකිවයුත්තන්ට පැමිණිලි කර ඇත.

No comments:

Post a Comment