Sunday, February 15, 2015

මෛත්‍රීපාල නෑගම් යෑම අරඹයි


මහින්ද රාජපක්ෂගේ පවුල් ගස ට එරෙහි ගොඩ නැගුණු ජන බලයට නිගා කරමින්, මෛත්‍රීපාල ජනාධිපති වරයා, සිය සහෝදරයා වන පී.ජී.කුමාරසිංහ ව ටෙලිකොම් සභාපති කිරීම විවේචනයට ලක් විය.  එම විවේචනය තිබියදීම, සිය බෑණා, දියණීය චතුරිකාගේ සැමියා වන තිලින සුරන්ජිත් ව ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී වශයෙන් පත්කරගෙන තිබේ.
මෙයද විවේචනයට භාජණය වේ.

නමුත් එය ප්‍රමාණවත් නැත. තව දින කිහිපයක් ගතවන විට තවත් නෑදෑයින්ට තනතුරු පිරිනමනු ඇත. ෙමය අාරම්භය යි.
වහාම, මෙම තනතුරු පිදීම හෙළා දකිමින්, එම තනතුරු වලින්, එම පුද්ගලයින් ඉවත් කරන ලෙසට - ජනමතයක් ගොඩ නැගිය යුතුය.
නැතිනම්, මේ තනතුරු ලබාගත් පුද්ගලයින්, තම නිල බලය හා එකතුව තිබෙන ජනපති බලය අයුතු ලෙස යොදා ගැනීම වලක්වන්නට බැරිවෙන බව අනිවාර්යයි.
පිළිගත් සදාචාර සම්පන්න, ශිෂ්ඨ පිළිවෙත් වලට පටහැනිවූ මෙම පත්වීම් දීම මෙන්ම, ඒ ආකාරයට එකී පත්වීම් ලබා ගැනීමද වරදකි.
මෙම පත්වීම් ලාභීන්ට ඉහත සදහන් කල පරිදි, හිමිවන ද්ව්ත්ත බලය, අයුතු, අසාධාරණ හා අක්‍රමිකතා ක්‍රිය සදහාද, වංචා සදහා ද යොදා ගනු ඇත.

පිවිතුරු හෙටක්, සාධාරණ සමාජයක්, සිවිල් බලය ප්‍රමුඛ - මෛත්‍රී පාලනය බිහි කිරීමට, ප්‍රසිද්ධියේ පෙරමුණගත් පිරිසද, තිරයෙන් පිටුපස ඒ සදහා විශාල මෙහෙයක් ඉටුකල පරිසිද ඉදිරියට ආ යුතුයි.

විශේෂයෙන් රාජපක්ෂ රෙජිමයේ භීෂනය නිසා, නිහඩව තම යුතුකම් ඉටුකල පිරිස - ඉදිරියට පැමිණිය යුතුයි. ප්‍රමාදය මහ විපතකට මුල පුරනු ඇත. 

No comments:

Post a Comment