Tuesday, February 10, 2015

මෝඩිව අතුගා දැමූ කේර්ජිවාල්ගේ ඉලපත


අරවින්ද කේර්ජිවාල් නායකත්වය දුන්, ඉතා ලාබාල පක්ෂයක් වූ ආම් අදාම් පක්ෂයට (AAP)  දිල්ලි මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමි විය.

ආසන 70 කින් යුතු දිල්ලි පාලන සභාවේ ආසන 67 ක් AAP පක්ෂයට හිමි විය.
පොදු මිනිසාගේ  පක්ෂය ලෙසට හුන්වන AAP පක්ෂය බිහි වූයේ දූෂණයට හා අල්ලසට එරෙහිවය.

පසුගිය වසරේ ආසන 33 ක් පමණ හිමිව සිටි AAP පක්ෂය, දූෂණයට එරෙහිව ගෙන එන ලද යෝජනාව මෝඩිගේ BJP ය හා ෙකාන්ග්‍රස් පක්ෂය එක්ව පරාජය කිරීම නිසා ඔහු තනතුරෙන් ඉල්ලා අස් විය.

එයින් පසුව මධ්‍යම රජයේ පාලනයට නතු වූ දිල්ලියේ මැතිවරණය 2015.02.07 පැවැත්වීය.

දූෂණය අතුගා දමන බවට පොරොන්දු වන AAP පක්ෂය, පිරිසිදු කිරීමේ අරමුණ ඇතිව සිය පක්ෂ ලාංඡනය කරගෙන ඇත්තේ ඉලපතය.


පසුගිය මහ මැතිවරණයේ දී අති විශිෂ්ඨ ජය ලබාගත් මෝඩිගේ BJP පක්ෂය ආසන 3 ට බැස්සවීමට AAP පක්ෂයට හැකි විය. දිල්ලි ප්‍රතිඵල ප්‍රදර්ශණය කෙළ් මෝඩි හින්දු අන්තවාදී පිළිවෙත හා සංවර්ධන වැඩ සටහන් ජනතාව ප්‍රතික්‍ෂේප කර ඇති බවයි.

No comments:

Post a Comment