Saturday, February 7, 2015

මේ නිලමැස්සන් තනතුරු අතහරින්නේ නැත. පන්නාදාන්න ජනතාව පෙළ ගැස්විය යුතුයි.


ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වත්මන් සභාපති ප‍්‍රමුඛ කොමසාරිස්වරු, නීති විරෝධීව හා සදාචාර විරෝධීව තනතුරු හොබවන සියලූම නිලධාරින්ට සිය තනතුරු වලින් ඉල්ලා අස්වන ලෙසට බල කල යුතුයි. යන්ෙන් නැති නම් පන්නා දාන්න ජනතාව පෙළ ගැස්විය යුතුයි.
ජනසංසදය සියලූම සිවිල් සංවිධාන, වෘතීය සමිති, දේශපාලන පක්ෂ, යහපාලනය අපේක්ෂා කළ පුරවැසියන් වෙත යවන ලද විවෘත ලිපිෙයන් ෙකාමිසෙම් දුෂණ රැසක් ෙහළි කර තිෙබ්. සම්පුර්ණ ලිපිය කියවන්න.
.ගරු ස්වාමීන් වහන්ස, පූජක තුමනි, මහත්මයාණෙනි/මහත්මාවනි,
යහපාලනයකට ඉඩ සලසමින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වත්මන් සභාපති ප‍්‍රමුඛ කොමසාරිස්වරු, නීති විරෝධීව හා සදාචාර විරෝධීව තනතුරු හොබවන සියලූම නිලධාරින්ට සිය තනතුරු වලින් ඉල්ලා අස්වන ලෙසට බල කර සිටිමු.
2015.01.19 දාතමින්, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ප‍්‍රමුඛ කොමසාරිස්වරු, අතිරේක ලේකම් අමතමින් ජනමතයට හිස නමමින් යහපාලනයක් උදෙසා ඉල්ලා අස්වන ලෙසට ඉල්ලමින් අප විසින් යවන විවෘත ලිපිය කෙරෙහි, ඔබ සැමගේ අවධානය යොමුවන්නට ඇතැයි සිතමු.
මේ පිරිස, ඔබ අප කවුරුත් දන්නා පරිදි, ගරුත්වයක් ඇති පිරිසක් නොවේ. ලැජ්ජාවක් බියක් ඇති පිරිසක් ද  නොවේ. මොවුන් නිල මැස්සන්ට හැර, වෙනත් සත්වයෙකුට නම් සමාන කළ නොහැක.
මේ පිරිස, සිය ධුර වල රැඳී සිටින්න  ඕනෑම නීච ක‍්‍රියාවක් කරන්නට සූදානම් ය. මොවුන් ඉල්ලා අස්වෙන්නේ නැති බව ප‍්‍රකාශ වේ. මෛත‍්‍රී පාලනය යටතේ උද්ගතව තිබෙන යම් යම් කණගාටුදායක වාතාවරණය තුළ මොවුන් තවදුරටත් සිය ධුරවල රැුඳෙන්නට වලිකන බව පෙනේ.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සේවක පිරිසක්, ජනාධිපති හා අගමැති අමතන ලද විවෘත ලිපිය, ඔබගේ අවධානය සඳහා මේ සමග එවමු.
මානව හිමිකම් කොමිෂමේ සැබෑ තත්ත්වය සමහර සිවිල් සංවිධානනොදන්නා බව අප තේරුම් ගෙන තිබේ. විවිධ සම්බන්ධතා (පංති හා වෙනත්* මත මේ ¥ෂිත පිරිස හොඳබව කියන සිවිල් සංවිධානතිබෙන බවද කණගාටුවෙන් ප‍්‍රකාශ කරමු.
එම නිසා අප හඳුනාගෙන තිබෙන කරුණු කහිපයක් ඔබ හමුවේ තබමු. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ, සභාපති ඇතුලූ කොමසාරිස්වරු හා එහි අතිරේක ලේකම් නොපමාව ඉල්ලා අස්වන්නේ නැතිනම් ඉවත් කිරිමට බලපෑම් කළ යුතුය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති විසින් 17 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට,  ¥ෂිත පිළිවෙත් අනුගමනය කරමින් සම්මත කරගත් ඊනියා 18 වන ව්‍යවස්ථාව පදනම්කරගෙන පත්කළ සභාපති ඇතුලූ කොමසාරිස්වරුන් හා ඔහුගේ කැබිනට් අනුකමිටුවක නිර්දේශ මත සේවා දිගුවක් ලබාගෙන සිටින අතිරේක ලේකම් (නීති ලේකම්* නීතිඥ නිමල් පුංචිහේවා ට නොපමාව තමා උසුලන තනතුරුවලින් ඉවත්ව යන ලෙසට බලකිරීම සියලූම අවංක මානව හිමිකම් සංවිධාන, ආයතන හා ක‍්‍රියාකාරීන්ගේ යුතුකමක් හා වගකීමක් ලෙසට අප සලකන්නෙමු.
ඒ සඳහා වන හේතු රාශියකි. එ් අතරින් කරුණු කිහිපයක් ඉතා සංක්ෂිප්තව දැක්වීමට කැමැත්තෙමු.
විමර්ශන
මානව හිමිකම් (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ස්ථාපිත මූලික අයිතිවාසිකම්) කඩ වූ බොහෝ දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි පිළිබඳව විධිමත්ව විමර්ශන නොපැවැත්වීම, පැමිණිලිකරුවන් පීඩාවට පත් කිරීම, වගඋත්තරකරුවන් ඉදිරියේ පැමිණිලිකරුවන් අවතක්සේරු කිරීම
පැමිණිලිකරුවන්ගේ ගරුත්වය කෙලෙසීම, වගඋත්තරකරුවන් පිනවීම, බලහත්කාරය (බලපෑම්) මගින් සමථ කරවීම, නිර්දේශ ලබා නොදීම හා නිර්දේශ ක‍්‍රියාත්මක කරවීමට පියවර නොගැනීම.
  විමර්ශනය සිදුකරනු ලබන නිලධාරීන්ගේ අනන්‍යතාවය පැමිණිලිකරුවන්ට හෙළි නොකිරීම. හෙළි කරන ලෙසට ඉල්ලා සිටිය විට පැමිණිලිකරුවන් අපහසුවට පත් කිරීම.
විමර්ශනයන් අවසානයේදී වගඋත්තරකරුවන් සමග, වෙනම සාකච්ඡුාවන් පැවැත්වීම, වගඋත්තරකරුවන් සමග සමීප සම්බන්ධතා ගොඩ නැගීම මගින් පැමිණිලිකරුවන් පීඩාවට පත් කිරීම.
  නිර්දේශ නිකුත් නොකිරීම, නිර්දේශ නිකුත් කිරීම ප‍්‍රමාද කිරීම, නිර්දේශ නිකුත් කිරීමෙන් පසුව වගඋත්තරකරුවන්ට පමණක් අභියාචනය කිරීමට ඉඩදීම සහ එවන් අවස්ථාවලදී, පැමිණිලිකරුවන්ට කරුණු දැක්වීමට ඉඩ ලබා නොදීම.
වගඋත්තරකරුවන් ආරක්ෂා කිරීම ස`දහා ලිපි ගොනු අස්ථාන ගත කිරිම.
පැමිණිලිකරුවන්ගේ අභියාචනා සඳහා නැවත පරීක්ෂණයන් නොකිරීම.
හදිසි ඇමතුම් අංකය
  හදිසි ඇමතුම් අංකයට කතා කිරීමේදී ඇමතුම් ගන්නාගේ (විමර්ශන නිලිධාරිගේ* අනන්‍යතාවය හෙළිදරව් නොකිරීම.
  හදිසි ඇමතුම් බාර ගැනීම අවිධිමත් වීම, පීඩාවට පත් තැනැත්තා තවදුරටත් පීඩාවට පත් කරන අවස්ථා තිබීම.
  හදිසි ඇමතුම් පිලිබඳව පැමිණිලි ලේඛනගත නොකිරීම, එ් පිළිබඳව පසු විපරමක් නොවීම හා විමර්ශනයන්ට යොදා නොගැනීම.
  හදිසි ඇමතුම් බාරගන්නා නිලධාරීන් බහුතරයක් දෙමළ බස නොදැනීම නිසා, දෙමළ බසින් කරන පැමිණිලිකරුවන්ට සිංහලෙන් කතා කරන ලෙසට දැන්වීම.
හදිසි ඇමතුම් අංකය පිළිබඳව ජනතාව දැනුවත් නොකිරිම.
හදිසි ඇමතුම් අංකය ඵලදායි ලෙස, පැය 24 පුරා, සක‍්‍රියව ක‍්‍රියාත්මක එ්කකයක් බවට පත් නොකිරිම.
නීති විරෝධී හා සදාචාර විරෝධී පත්වීම්
මානව හිමිකම් කොමිෂන් සභා පනතේ විග‍්‍රහයන්ට අනුව, සුදුසුකම් සහිත කොමසාරිස්වරුන් පත්කර නොමැත. රාජපක්ෂ රෙජිමය විසින් පත්කළ එක් කොමසාරිස්වරයෙකු වූ ආචාර්ය ආනන්ද මෙන්ඩිස් මයා, ඉතා ටික කලකින් අස්ව ගියේ, එම තත්ත්වය මත බව පැහැදිලිය.
එ් හිටපු පොලිස්පතිවරයෙකු වූ ආනන්ද රාජා එක් කොමසාරිස් වරයෙකි. මොහු, තම සේවා කාලය තුල මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම, මූලික අයිතීන් උල්ලංඝණය කිරිම් දිරිමත් කළ, මූලික අයිතීන් උල්ලංඝණය කළ වූවන් ආරක්ෂා කිරීම ට නිරතවූ අයෙකු පමණක් නොව, මත්ද්‍රව්‍ය ජාවාරම් වලට ද සම්බන්ධ බවට චෝදනා වලට ලක්වූවෙකි.
  කොමසාරිස්වරයෙකු මෙන්ම, මානව හිමිකම් කොමිෂමේ මාධ්‍ය ප‍්‍රකාශක වශයෙන් ද ක‍්‍රියාකරන ආචාර්ය ප‍්‍රතිභා මහානාම, කොළඹ විශ්ව විද්‍යාලයේ දරන ආචාර්ය පදවියට අමතරව, සර් ජෝන් කොතලාවල ආරක්ෂක පීඨයේ ද තනතුරක් උසුලයි. ඔහු කොමසාරිස් ධුරය දැරීම නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධීය.
  සභාපති ප‍්‍රමුඛ අනෙක් කොමසාරිස්වරු අක‍්‍රිය පුද්ගලයින්ය. පනතේ පැහැදිලි කරන නිර්නායකයන්ට පිටතින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා පදවි වලට පත්කළ පුද්ගලයින්ය. ඔහු ගේ එහෙයියන් වීම එකම සුදුසුකම වේ.
  පෙර සඳහන් කළ පරිදි, කැබිනට් අනු කමිටුවකින් කොන්ත‍්‍රාත් පදනම යටතේ සේවා දිගු ලබාගෙන, අතිරේක ලේකම් ධුරයක් (නීති ලේකම්* හොබවමින් සිටින නීතිඥ නිමල් පුංචිහේවා ඇත්ත වශයෙන් සිය සම්බන්ධතා පදනම් කරගෙන ක‍්‍රියාකරන වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම හිටපු විධායකයේ කීකරු සේවකයෙකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මානව හිමිකම් කොමිෂමේ අතිරේක ලේකම් ධුරයේ (නීති ලේකම්* දරන මොහුව එම තනතුරේ තබා ගනිමින්, දුෂණය වපුරාලීමට තෝතැන්නක් වූ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂමේ සභාපති ධුරයට ද පත් කළේ දුෂණයන් අභියෝගයකින් තොරව කර ගෙන යෑමට ය.
මොහුගේ කොන්ත‍්‍රාත්තුව මෙම මස 16 දින (2015.02.16) අවසන් වේ. එහෙත් ඔහු ධුරය අත නොහරින බව ප‍්‍රකාශ කරන බව වාර්තා වේ. මේ වන විට, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂමේ විධායක අධ්‍යක්ෂ තනතුර හෙබ වූ නීතිඥ හරිගුප්ත රෝහණධීර නැමැත්තා (දෙහිවල ගල්කිස්ස නාගරික මංත‍්‍රී සිල්වා ව, රිවොල්වරයක් සමග පොලීසියට ඉදිරිපත් කර, කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ සභාපති සෝලංගආරච්චි ට විරුද්ධව ව්‍යාජ පැමිණිලි සකස් කරන ලද පුද්ලයා* ව, මානව හිමිකම් කොමිෂමට ගෙන්වා ගෙන සිය කාර්යාලයේ තබාගෙන එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘතියකට (ඹභෘඡු* රිංගවීමට පිඹුරුපත් සකසමින් සිටිති.
මුලික අධ්‍යාපන සුදුසුකම් නොමැතිව හා ව්‍යාජ අධ්‍යාපන සහතික උපයෝගි කරගෙන විමර්ශන නිලධාරි තනතුරුවල සිටින පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව වාර්තාවේ. මෙම දෙදෙනා පිළිබඳ සියලූ තොරතුරු අනාවරණය වී තිබියදීත්, සභාපති ප‍්‍රමුඛ කොමසාරිස්වරු මොවුන් ආරක්ෂා කරනවා පමණක් නොව, මූලික අයිතීින් කඩ වී, සහන ලබා ගැනීමට පැමිණෙන්නන් ව පිඩාවට පත් කිරීම ද සිදු කරයි. අදාල සියලූ තොරතුරු අප සතුව තිබෙන බව ප‍්‍රකාශ කරමු.
සමන්ති ජයමහ පරණගම මිය, ලේකම් මානව හිමිකම් කොමිෂන් සභාව, වාර්තා වන අන්දමට ලේකම් තනතුර දැරීමට අත්‍යාවශ්‍ය මූලික සුදුදුකම් නොමැත. 2012.04.30 දින සිට කොන්ත‍්‍රාත් පදනමින් මෙම තනතුරට පත් කළ මැයව දින 04 කින් තනතුරේ ස්ථිර කිරීමට කොමිෂමේ සභාපති ප‍්‍රමුඛ කොමසාරිස්වරු පියවර ගත්හ. වසර තුනකට පසුව එම කණ්ඩායම, සියලූ දෙනාගේ අත්සන් සහිතව ඇයව තනතුරේ ස්ථිර කිරීම ප‍්‍රතික්ෂේප කරමින් ලිඛිතව දැනුම් දෙනු ලැබීය. මැය මෙවන් තනතුරකට නුසුදුසු වීමට තවත් එක් ප‍්‍රධාන හේතුවකි, ඇගේ සැමියා යුධ හමුදාවේ නිලයක් දැරීම.
             ප‍්‍රසන්න අරම්පත්, වැඩ බලන පරිපාලන හා මුදල් අධ්‍යක්ෂ සහ විමර්ශන නිලධාරී, විමර්ශන නිලධාරීවරයෙකු වන මොහු මෙම තනතුරේ වැඩ බැලීමට අවශ්‍ය අවම සුදුසුකම් නොමැත. 2013.06.12 සිට මොහුට අදාල තනතුරේ වැටුප් හා දීමනා ගෙවනු ලැබේ.
2002 වසරේ කොමිෂන් සභාවේ සිදු වූ ටයර් සොරකමට අදාලව පවත්වන ලද පරීක්ෂණයේ දී, එවකට ප‍්‍රවාහන නිලධාරී (වැඩ බලන* කටයුතු කළ මොහු ද වගකිව යුතු බව සඳහන් වේ.
මේ දක්වා, මෙම සොරකම අදාලව නීතිමය පියවර ගෙන නොමැත.
කොමිෂන් සභාවට ගිනි තැබීම
2005 වසරේ දී කොමිෂන් සභාවට පිරිසක් ගිනි තබන ලදි. මෙම සිද්ධියේ චූදිතයන් වූවේ කොමිෂමේ සේවකයින් හා පිටස්තර පුද්ගලයින් කීප දෙනෙකි.

මෙම සිද්ධියට අදාලව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති නඩුව ඉදිරියට ගෙන යෑමට කොමිෂම ක‍්‍රියා නොකළ අතර, කොමිෂමේ සභාපතිගේ අයුතු බලපෑම මත චූදිතයන්ව නිෙදාස් කොට නිදහස් කරණු ලැබීය.
ඉන් අනතුරුව, මෙම නඩුවේ චූදිතයින් වූ රියදුරු වී.එන්. දයාරත්න හා කාර්යාල සහයක ලලිත් ප‍්‍රසාද්ව විනයානුකූල පියවර ගැනීමකින් තොරව, වසර 8 ක වැටුප් වර්ධක හා හිඟ මුදල සහිතව නැවත සේවයේ පිහිටුවීමට කොමිෂම පියවර ගත්තේය.
එමෙන්ම රියදුරු, ආචාර්ය ප‍්‍රතිභා මහානාමගේ නිල රියදුරු වශයෙන් ද, කාර්යාල සහයකව වැඩ බලන පරිපාලන හා මුදල් අධ්‍යක්ෂකගේ කාර්යාල සහයක වශයෙන් ද පත් කරගනු ලැබීය.
අල්ලස් හා දුෂණ ක‍්‍රියා
මෙම කොමසාරිස්වරු, හිටපු විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න සමග අයථා සම්බන්ධයක් ගොඩ නගාගෙන, කොමිෂන් සභාාවේ ලේකම්, අතිරේක ලේකම් සිට කම්කරු දක්වා සියලූ නිලතල වලට විශ‍්‍රාම වැටුප් හිමි බවට වන ගැසට් නිවේදනයක් පළ කරවා ගත්තේය.
කොමිෂන් සභා කාර්ය මණ්ඩලවලට විශ‍්‍රාම වැටුප් හිමිකම් නොලැබේ. සියලුම කොමිෂන්් රාජ්‍ය සේවයෙන් පිටස්තර වූ ආයතන වේ.
එසේ තිබිය දී මේ ආකාරයට කොමිෂමේ කාර්ය මණ්ඩලයට විශ‍්‍රාම වැටුප් හිමි බවට හිටපු අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න ක‍්‍රියා කළේ, ඔහුට විරුද්ධව පැවති නඩුවකට බලපෑම් කිරීමට සභාපතිවරයා ක‍්‍රියා කිරීම නිසා බව ට වන බරපතල චෝදනාව කඩිනමින් විමර්ශනයට භාජනය කළ යුතු කරුණකි.
තව ද, මෙම විශ‍්‍රාම වැටුප් හිමිකම් ප‍්‍රදානයට කෘතඥතාවය දැක්වීම සඳහා, විශ‍්‍රාම වැටුප්  (හිටපු* අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න ව, කොමිෂන් සභාවේ සේවක සුභසාධක අරමුදලෙන්  සාදයක් පවත්වා තෑගි පිරිනමා තිබේ. මෙයද නීති විරෝධී ¥ෂණ ක‍්‍රියාවකි.
විමර්ශන වාර්තා
xපසුගිය කාල වකවානුවේ, පොලිස්, හමුදා, බන්ධනාගාර මිනිස් ඝාතන පිළිබඳව විමර්ශනය කරන බවට ප‍්‍රචාරය කළ ද එ් හා අදාල කිසිදු විමර්ශනයක් ප‍්‍රසිද්ධ කළේ නැත. එසේ නැති නම් එකී ඝාතන සාධාරණීකරණය කරමින් වාර්තා නිකුත් කළේය.
(1) 2012 ජුනි මස වව්නියාව හා අනුරාධපුර බන්ධනාගාරවල දී දෙමළ ජාතික රැුඳවියන් දෙදෙනෙකුගේ මරණය හා පහරදීම අදාලව, එවක රජය ආරක්ෂා කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද වාර්තාවලින් පැහැදිළි වන්නේ කොමිෂම රාජපක්ෂ රෙජිමයේ ඝාතන අනුමත කිරීම කළ බවය.
(2) මෙයට අමතරව එම වකවානුවේ බරපතල සිදුවීම් ගැන විමර්ශනය කරන ලද බවට ප‍්‍රචාරය කළ ද එ් පිළිබඳව වාර්තාවන් නොවීය.
 උදා: රතුපස්වල ඝාතනයන්
(3) විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණා වන්නේ පසුගිය වකවානුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්ව ඝාතනය කිරීමය. මේ නීතියට පටහැනිව කරන ලද ඝාතනයන් සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් මානව හිමිකම් කොමිෂම සිදු කර නැත. සිදු කළ ද වාර්තා නැත.

(4) මානව හිමිකම් කොමිෂම පොලිස් ස්ථාන පරීක්ෂාවන්ට යනු ලබන නමුත් එ් පිළිබඳ වාර්තාවන් ප‍්‍රසිද්ධ කර නොමැත.
ප‍්‍රාදේශීය කාර්යාල
ප‍්‍රාදේශීය කාර්යාල වල කටයුතු පිළිබඳව මහජන ප‍්‍රසාදයක් නොමැත. මෙහිදී විශේෂයෙන් මාතර ප‍්‍රාදේශීය කාර්යාලය ගැන සඳහන් කළ යුතුය. මෙහි විමර්ශන හා සම්බන්ධීකරණ නිලධාරීන් එම ගැට`ඵවලට සහන අපේක්ෂාවෙන් පැමිණෙන වින්දිතයින් ව දැඩි අපහසු තාවයට පත්කරණු ලැබේ. එ් හා අදාල ව පැමිණිලි කළ විට, ¥ෂිතයින් ආරක්ෂා කරණු ලබන අතර අදාල පැමිණිල්ල විමර්ශනය කරණු ලබන්නේ නැත.
කොමිෂන් සභාවේ පරිපාලනය
මේ පිළිබඳ තොරතුරු රැුසක් කාර්ය මණ්ඩල සතුය. යහපාලනය උදෙසා එම කරුණු හෙලි කිරිමට කාර්ය මණ්ඩලය සුදානම්ය. පරිපාලනය බිඳවැටි තිබීම, කොමසාරිස්වරුන්ගේ රැුස්විම් වාර්තා වලින්ම පැහැදිළි වනු ඇත. ජේ්‍යෂ්ඨ විමර්ෂන නිලධාරිනියක් පරිපාලන දුර්වලතා පෙන්වීම නිසා ඇයට විරුද්ධව අභූත චෝදනා නගා, මානව හිමිකම් කොමිෂන් සභාව ඇගේ අයිතින් උල්ලංඝණය කිරීම ලැජ්ජා විය යුතුයි. මේ සිද්ධිය අදාලව සභාපති ඇතුලූ කොමසාරිස්වරු ප‍්‍රමුඛ නිලධාරීන් පිරිසක් වගඋත්තරකරුවන් කර, පවරා ඇති අභියාචනාධිකරණ නඩුවට උත්තර බැඳගන්නට බැරිවී කල් ලබා ගනිමින් පසුවේ. මෙම නඩුව සඳහා මානව හිමිකම් කොමිෂමේ මුදල් වැය කිරීමට ඉඩ නොදිය යුතුයි
රජයේ ඉඩම් ලබා දීම.
ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂමේ සභාපති ධුරය දරමින් එයට සම්බන්ධව නීති විරෝධීව, සදාචාර විරෝධීව, මානව හිමිකම් කොමිෂමේ අතිරේක ලේකම් (නීති* ධූරය හොබවමින් සිටින නීතිඥ නිමල් පුංචිහේවා, සිය ධුර කාලය තුළ දී රජයේ ඉඩම්, මානව හිමිකම් කොමිෂන් සභාවේ පුද්ගලයින් ඇතුලූ හිතවතුන්ට ලබා දී තිබේ. මේ පිළිබඳව නොපමාව විධිමත්ව පරීක්ෂණ ආරම්භ කළ යුතුව තිබේ.
මෙම කරුණු කහිපය පමණක්  ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ, සභාපති ඇතුලූ කොමසාරිස්වරු හා එහි අතිරේක ලේකම් නොපමාව ඉල්ලා අස්වන්නේ නැතිනම් ඉවත් කිරීමට  බලපෑම් කළ යුතු බවට ප‍්‍රමාණවත් බව අප විශ්වාසයයි.
 මේ සමග, ඉදිරියේදී මෙම කොමිෂන් සභාවට පත්කිරීම අදාල නිර්ණායක හඳුනාගෙන, ඒවා ආණ්ඩුවට, ප‍්‍රමාද නොකර, ඉදිරිපත් කිරීම සිවිල් සංවිධානවල යුතුකම හා වගකීම බව ද ප‍්‍රකාශ කරමු. එසේ නොමැති නම් වත්මන් තත්ත්වයම මානව හිමිකම් කොමිෂමට ඉදිරියේදී අත්වන්නට තිබෙන ඉඩකඩ බොහෝය.
චිත‍්‍රාල් පෙරේරා (ලේකම්)












No comments:

Post a Comment