Sunday, February 15, 2015

මෛත්‍රී අඩි පාරේ විජයදාසත් යයි. කණකොක් හඩ ඇසෙන්නට පටන්ගෙන


අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, සිය පුතුණුවන් වන රකිත රාජපක්ෂව, සිය අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් බවට පත්කරගෙන තිබේ.
මෙය දැඩිව හෙළා දැකිය යුතු කරැණකි. නින්දිත ක්‍රියාවකි. රාජපක්ෂ රෙජිමය, රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ සියලු පාදඩ ක්‍රියාවන්, සිදු කලේ, අමාත්‍යංශ වලට පත්කර ගෙන තිබූ විවිධාකාර රැකවලා, උපදේශකයින් හරහා බව අප හොදාකාරවම දනිමු.
අධිකරණයේ ස්වාධීනත්වය ගැන - ඉමහත් බලාපොරොත්තු තබාගෙන, වෙනසක් ඇති කරන ලද මේ අවස්ථාෙව් සිදුකල මෙම නින්දිත පත්වීම, ඉදිරියේදී අධිකරණයේ ස්වාධීනත්වයට බලවත් තර්ජණයක් වනු ඇත.
මෙම මාධ්‍ය ලේකම් පුත්‍රයාට බලයන් ‍දෙකක් හිමි වේ. එකක් මාද්‍ය ලේකම් බලය. එය ඉතා අල්ප එකකි. ඇත්ත වශයෙන් අමාත්‍යංශයක මාධ්‍ය ලේකම් වරයාට පැවරෙන කාර්ය, පලපුරුදු ලිපිකරු මහතෙකුට ඉතා කාර්යක්ෂමව කල හැක්කකි.
මෙම තනතුරු පුතාට දෙන්නේ තාත්තාගේ ඇමති බලය සමගයි. ඔහු ක්‍රියාත්මක කරන්නේ පියාගේ ඇමති බලයයි.
පවතින තත්වය තුල, ඕනෑම අධිකරණයකට ඔහුට කතාකොට, මෙම නඩු තීන්දුව මෙහෙම විය යුතු යැයි කිව්වහොත්, එයට පටහැනිව තීන්දු දෙන්නට හැකි, නිවැරදි ක්‍රමවේදයන්ට අනුව පත්වීම් ගෙන සිටින, විවිධ වරප්‍රසාද අපේක්ෂාවෙන් සිටින විනිසුරුවන් අපේ අධිකරණයේ නැතැයි කියන්නට තරම් සමතෙක් සිටීද ?
අවලාද නගන්නට ඉඩ නොදී, මෙම තනතුරට පත් කිරීමට එරෙහිව පළමුවෙන් හඩ නැගිය යුත්තේ, රාජපක්ෂ රෙජිමය පළවා හැරීමට පෙරමුණ ගත් නීතිඥ සංගමයයි.
එම සංගමය ගන්නා ලද තීරණ කුමක් වුවත්, මේ රටේ පුරවැසියන්ට එයට විරුද්ධත්වය පල කරන්න, බලපෑම් කරන්න අයිතියක් තිබේ.
ඒ සදහා පෙරට එමු.











No comments:

Post a Comment