Sunday, February 1, 2015

හොරු ඉන්නේ උසාවියේම ඇතුලේ.


නඩු භාණ්ඩ වශයෙන් මතුගම උසාවියට බාර දුන්න රත්තරං බඩු අතුරුදහන් වීමට - වගකිවයුත්තන් අල්ලන්න තවමත් බැරි වේ.
2012.06.28 දින, මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති, මුදල් හා රත්තරං බඩු මංකාල්ලයට අදාල නඩු භාණ්ඩ වශයෙන්, බුලත්සිංහල  පොලිසිය අධිකරණයට බාරදුන්න රත්තරං බඩු මෙසේ සොකරම් කර තිබේ.
මෙම සොරකම සිදුකර ඇත්තේ අදාල නඩු භාණ්ඩවලට වගකිව යුතු නිලධාරීන් බව පැහැදිලිය.
මේ සම්බන්ධයෙන්, අධිකරණයට ප්‍රකාශයක් ලබාදෙන එක් නිලධාරියෙක් කියා ඇත්තේ, උසාවියේ නඩු භාණ්ඩ නිලධාරියා වන සුමනසේන නැමැති අය - නඩු භාණ්ඩ ලේඛණයට අත්සන් කරන්නැයි තමාට කියා සිටි බවත්, එය ප්‍රතික්ෂේප කල විට ‍˝ඕකට අත්සන් කරන්න, අයිතිකරු මියගොස් ˝යයි පැවසූ බවයි.
මෙම රත්තරං බඩු සොරකම ගැන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ අදාල නිලධාරීන් කිහිප දෙනෙකු ගෙන් ප්‍රකාශ ලියාගෙන ඇත. ඒවා, අධිකරණ සේවා කොමිෂමටද යවා තිබේ.
නමුත් අධිකරණයේ තැන්පත්කල රත්තරං බඩු සොරකම් කල නිලධාරීන්ට, නඩු භාණ්ඩ බාර නිලධාරීන්ට කිසිදු නීතිමය පියවරක් ගෙන නැති බවද වාර්තා‍ වේ.
සිද්ධියට වසර දෙකහාමාරක් ගතව ඇත.
උසාවියේ හොරුන් අල්ල ගන්න බැරිව ඇත්තේ ඇයි? මෙය රාජ්‍ය සේවයේ කඩා වැටීම පෙන්නුම් කරන්නකි‍. මෙවන් ක්‍රියා උසාවියට අපහාස කිරී‍ම් නොවේද ? ආයතන නීති කඩ කිරීම් නොවේද ? අපරාධ නොවේද ?
මෙම නඩුවට අදාල නඩු වාර්තා ලබා ගැනීමද අගතියට පත්වූ පාර්ශවයට දුෂ්කර කාර්යයක් විය.
උසාවිය බාරයේ තිබූ රන්භාණ්ඩවල වටිනාකම පොලිසිය තක්සේරු කර ඇත්තේ රු: 73,000/= ය. නමුත් අයිතිකරුවන් පවසන්නේ ඒවායේ වටිනාකම ලක්ෂ 02 ක් පමණ වන බවයි.
අයිතිකරුවන් පවසන්නේ තවමත් මේ සොරකම ගැන සොයන්න පොලිසියට පැමිණිල්ලක්වත් කර නැති බවයි.
තම රත්තරං බඩුවලට වගකිවයුත්තන් අල්ලා ගැනීම හෝ නොගැනීම ගරු අධිකරණයේ වැඩකි. නමුත් ඒවායේ නියම වටිනාකම් නොපමාව තමන්ට ලබාදීමට අධිකරණය පියවර ගත් යුතුය.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන කියමන සනාථ කල රාජපක්ෂ රෙජිමයේ, අධිකරණකටයුතු ගැන, මේ වන විට සාමාන්‍ය ජනතාවට මනා අවබෝධයක් ඇති බවද ප්‍රකාශ කල යුතුයි.


No comments:

Post a Comment