Saturday, February 28, 2015

පහේ ශිෂ්‍යත්ව ලාභීන්ගෙන් රුපියල් හාර ලක්ෂ අසූ පන්දහසක් අරන්


මොරටුව වේල්ස් කුමර විදුහල, මෙවර පහේ ශිෂ්‍යත්වයෙන් සමත් ළමයකු පාසලට ඇතුලත් කර ගැනීම සදහා, එක් අයෙකුගෙන් රු: 5160.00 අරගෙන තිබේ. මේ ආකාරයට ළමුන් 94 කු ගෙන් ලබාගෙන තිබෙන මුදල රු: 4,85,040.00 කි.

අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛය කුණු කූඩයට දමමින් මේ ආකාරයට මුදල් අයනරගෙන ඇත්තේ, 2014 පහේ ශිෂ්‍යත්වයෙන් සමත්වූ සිසුන් ඇතුලත් කිරීම සදහා දෙමාපියන්ට, භාරකරුවන්ට, විදුහල්පති ජේ.ඩබ්.එස්.සිරිවර්ධන විසින් නිකුත් කර ඇති 2015.02.13 දරන ලිපියෙනි.
ශීර්ෂ 09ක් යටතේ විවිධ ප්‍රමාණයන්ගෙන් අයකරන ගාස්තු එහි සටහන් කර තිබේ. ඒ අතුරින් පහසුකම් හා සේවා ගාස්තු රු:60.00 හැරුණු විට, අනෙකුත් ගාස්‍තු ප්‍රමාණයන් මතභේදයට තුඩු දිය හැකි එවාය. අධ්‍යාපන චක්‍රෙලඛයට පටහැනි වුවත් මෙම අය කිරිම් වලට දෙමාපියන් භාරකරුවන් විරද්ධ නොවන්නේ, තම දරුවාට කෙනෙහිලිකම් වලට භාජණය වෙතැයි යන දැඩි භිය නිසාය.

ආණ්ඩුවේ නියමයන් ගණන් නොගෙන, දෙමාපියන් පීඩාවට පත් කිරීමට ඉඩ හැරීම ගැන දැඩි කල කිරීමෙන් පසුවන මෙම දෙමාපිය පිරිස, රජයෙන් ඉල්ලා සිටින්නේ, නොපමාව මැදිහත්ව, අයකරගත් මුදල් සෑම දෙමාපියෙකුටම, ප්‍රශ්ණ කිරීමකින් තොරව ආපසු ගෙවීමට නියෝ කරන ලෙසටයි.



No comments:

Post a Comment