Saturday, February 7, 2015

ගුරුවරු දෙදෙනෙකු ගේ පහර කෑමට ලක්වු සිසුවෙක් රෝහලේ



පානදුර සාන්ත ජෝන් ජාතික පාසලේ ගුරුවරුන් දෙදෙනෙකු එකතු වි පහරදි ඇත්තේ එම විධ්‍යාලයේ 12 වසර ඉගෙනුම ලබන 17 හැවරිදි සිසුවකුටය. විද්‍යාලයේ පිටියට ගෙන ගොස් මෙම පහරදීම සිදුකර තිබේ. දැනට පානදුර මුලික රෝහලේ ප‍්‍රතිකාර ලබන මෙම සිසුවා ගේ පියා නීතිය ක‍්‍රියත්මක කරන ලෙසට බලධාරින්ගෙන් ඉල්ලා සිටි.

ඔහු  ළමාරක්ෂක අධිකාරියට, අධ්‍යාපන අමාත්‍යාංශයට හා පොලිස්පති වරයාට ලීඛිතව මෙම ඉල්ලීම කර තිබේ. මේ අතර රෝහලට පැමිණි පුද්ගලයෙක් මෙම සිසුවාට තර්ජනය කර ගොස් ඇති. පහර දුන් ගුරුවරු දෙන්නා ද රෝහලට පැමිණ බලපෑම් කර ඇත.

සිසුවාගේ පියා විදුහල්පති අමතන ලද මෙම පහරදීම 2015.02.06 වන දින, පෙරවරු 9.00 ට පමණ, ය් කැලූම් හා සනත් යන ගුරුවරු දෙන්නා  ‘උඹගේ බැජ් එක ගලවනවා’ කියමින් පුතාගේ බෙල්ලට, කණට, මූණට, පිටට පහර දී, ඉන්පසු පුතාව රැුගෙන ගොස් ශිෂ්‍ය නායක බැජ් එක රැුගෙන, බලහත්කාරයෙන් ලිපියක් ලියවාගෙන ඇති බවත්, එ් අවස්ථාවේ මේ සිද්ධිය ගෙදරට හෝ වෙන කෙනෙකුට දැණුම් දුන්නොත් බලාගෙනයි යනුවෙන් තර්ජන කර තිබේන බව ද කියා සිටී.

ඉතා අමාරුවෙන්, පාසල ඉවර වෙන තෙක් ඉවසා සිටි පුතා, නිවසට රැුගෙන යාමට පැමිණි මවට, තමාට අමාරු බවත් ඉහත නම් සඳහන් ගුරුවරු දෙන්නා පහර දුන් බවත් පවසා තිබේන බවත්, ඇය ව, පුතාව රෝහලට ගෙන ගොස් තිබේන බවද වැඩි දුරටත් කියා සිටී.
සිසුන්ට පහරදීම, රටේ නීතියට ද, අධ්‍යාපන නීතයට ද පටහැනිව බව පෙන්වා දෙන ඔහු, මෙම අමානුෂික පහර දීම ශාරීරිකව පමණක් නොව, මානසිකව ද, දැඩිව බලපාන බව  විදුහල්පතිවරු/ගුරුවරු දන්නවා ඇතැයි තමා විශ්වාස කරන බවද, එ් නිසා මෙම ගුරුවරුන් දෙදෙනාට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කර විනයානුකූල පියවර ගත යුතු බව කියා සිටී.  විශෙෂයෙන් සංවිධානාත්මකව හා සැලසුම්සහගතව කරන ලද පහර දීම කිසිසේත්ම සුලූකොට තැකිය නොහැකි බවද සඳහන් කරයි.

No comments:

Post a Comment