Sunday, February 1, 2015

චිනයට එරෙහි කහ කුඩ විප්ලවය. ප‍්‍රජාතන්නත‍්‍රවාදය ඉල්ලා තරුණයෝ යලි පාරට බසිති.


තමන්ට තම පාලකයා තොරා ගැනීමට තිබෙන අයිතිය ඉල්ලමින්, හොංකොන් වැසියන් ගෙනයන අරගලය තිව්ර කරමින්, එරට වැසියන් යලිත් වරක් පාරට බැස තිබේ. බි‍්‍රතාන්‍යය පාලනයේ පැවැති හොංකොන් නුවර යලි චිනයට පවරා දි මෙන් පසුව, එකම රටක් පාලන දෙකක් වශයෙන් පවති. හොංකොන් වැසියන් තම ප‍්‍රදේශය පාලනය කිරිම සඳහා නියෝජිතයින් තොරා ගැනිමට තමන්ට ඇති අයිතිය තහවුරු කරන ලෙසට චිනයෙන් ඉල්ලා සිටියත්, එ සඳහා ඉඩ දීමට චිනය සුදාම් නැත. චිනය පාලනය කරන්නේ චින කොමියුනිස්ට පක්ෂයයි. හොංකොන් නුවර චිනයට බාර දිමෙන් පසුව එහි පාලකයා පත්කරන්නේ චිනය විසිනි.
චිනයේ විශේෂ පරිපාලන ප‍්‍රදේශයක් ලෙසට හොංකොන් පවති. එහෙත් ස්වාධින රටක් වශයේන් හොංකොන් හි පරිපාලනය පවති. එය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා පාලකයින් තොරා ගැනීමේ අයිතියද හොංකොන් වැසියන් ඉල්ලා සිටි. දහස් ගණනක් කහවර්ණ කුඩ ඉහලාගෙන විදි බැස පෙළපාලි දක්වමින් පාලකයින් තොරා ගැනීමේ නිදහස් ඉල්ලා සිදුකරන අරගලයේ  ඉදිරියෙන් සිටින්නේ තරුණයින්ය.

No comments:

Post a Comment