Tuesday, February 3, 2015

දුෂිතයෝ තනතුරු රැකගන්න හෙලූවෙන් මෛත‍්‍රීට කඬේ යයි.


රාජපක්ෂ රෙජිමයට බැලකම් කළ දුෂිත පාලක රැුළ පන්නන්න මානව හිමිකම් කොමිසමේ කාර්ය මණ්ඩල සේවකයින් පෙරට එති. 
මෛත‍්‍රිපාලනයකට බහුතරය ඡුන්දය දුන්නේ රාජපක්ෂ විසින් මානව හිමිකම් උල්ලංඝණයන් වසන් කිරිමට, අපරාධකරුවන්  ආරක්ෂා කිරිමට පත්කළ මානව හිමිකම් කොමිසමේ සභාපති, කොමසාරිස්වරු ප‍්‍රමුඛ ඉහළ නිලධාරින් ඉවත් කර ස්වාධීන කොමිසන් සභාවක් පත්කරන බවට දෙන ලද පොරොන්දුව විශ්වාස කරමින්ය.
මෛත‍්‍රි පාලනය ආරම්භ වීමත් සමග රාජපක්ෂ ට බැලකම් කළ මේ පිරිස ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්ව ගෙදරයනු ඇතැයි යන අපේක්ෂාව ද ජනතාවට තිබින. නමුත් මේ බැලයන්ට අත්මගරුත්වයන්, විලි ලැජ්ජාවක් නැති බව දැන් තහවුරුව තිබේ. මොවුන් නිලමැස්සනට වත් සම කළ නොහැක.
එහෙත් මේ නිලමැස්සෝ මානව හමිකම් කොමිසම දාල යන්න සුදානම් නැත. කල් බලමින් කෙසේ හෝ තනතුරු වල රැුඳෙන්නට වලිකන බව මානව හමිකම් කොමිසමේ සේවකයින් පෙන්වා දෙති.
ඔවුන් විසින් ජනාධිපති හා අගමැති වෙත ඉදිරුපත් කරතිබෙන ලිපිය පහත දැක්වේ.



No comments:

Post a Comment