Sunday, February 1, 2015

උසාවියට පොලු තියා, අවුරුදු චෙකකටත් වැඩියි. අපරාධකරුවා අල්ලන්න බැරිලු.




මංකොල්ල නඩුවකට වරදකරු වී අත්හිටවපු සිර දඩුවමක් නියමවූ ඩිල්ෂාන් ධර්නාඩ් ඕල්ඩ්‍රින්, නියම වූ රු: 500/= දඩ මුදල ගෙවා, නියමවූ රු: 20,000/= වන්දිය ගෙවීමට, කල් ඉල්ලා ගෙන, උසාවියෙන් පිටවූයේ, 2013.01.07 උසාවියට වන්දි ගෙවන්නට ආ යුතු බව වන නියෝගය ද සමගය.

නමුත් ඩිල්ෂාන් බර්නාඩ් ඕල්ඩ්‍රින් උසාවියේ පළාතකට ඉන්පසු ආවේ නැත‍. මේ වන විට විවෘත වරෙන්තු පිට ඔහු සිටී. නමුත් ඔහුව අල්ලා ගන්නට ඖනෑකමක් පොලිසියට නැත.

අවම වශයෙන් මොහුට ඇප දීමට ඉදිරිපත්වූවන්ද උසාවියට ගෙන්වා ගැනීමට බැරිව තිබේ.

ශ්‍රී ලංකාවේ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාමාර්ග ‍‍නොගන්නා බව පැහැදිලිය. එමගින් ඔවුන්ට පුද්ගලිකව වාසියක් නොවන නිසාය.

ශ්‍රී ලංකාවේ යුක්තිය පසදලීම පිළිබදව නොපමාව විවෘත සංවාදයක් ආරම්භ කළ යුතුයි. මෙවන් නඩු දස දහස් ගණනක් ඇති බවට සැකයක් නැති බව කිව යුතුයි.





No comments:

Post a Comment