Saturday, January 31, 2015

සමහර කලු ‍කෝට් කාරයින්‍ගේ වසල කතා හා ජ.නි.යෙකුගේ බල්ටිය


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මිය, පලවා හැරීම නීති වි‍රෝධී බව ‍ලොවම පිළිගත් කරුණකි. එම පලවා හැරීමට එ‍රෙහිව නීතිඥවරුන් ‍මෙන්ම සිවිල් රටවැසියන් නැගී සිටියහ. ජාත්‍යන්තර ප්‍රජාවගේ වි‍රෝධය එල්ල විය.

ඒ කිසිවකට සවන් ‍නොදුන්න මහින්ද රාජපක්ෂ ශිරාණි බණ්ඩාරනායක මිය තනතු‍රෙන් ඉවත් කර, ඔහු‍ගේ ගැත්‍තෙකු වූ ‍මොහාන් පීරිස් තනතුරට පත් කර ගත්‍තේය.

මෛත‍්‍රිපාල සිරිසේන පොදු අ‍පේක්ෂක ‍ලෙසට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විපක්ෂ ‍දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එකතුව ඉදිරිපත් කළ දින 100 වැඩපිළි‍වෙ‍ලේ එක් ‍පො‍රොන්දුවකි, ශිරාණි බණ්ඩාරනායක මිය යළි තනතු‍රේ පිහිටුවීම.

ඒ අනුව, ක්‍රියා කිරීමට මෛත්‍රීපාල සිරි‍සේන ජනපති සිය ජනාධිපතිවරණ ‍පො‍රොන්දු ඉටු කිරීම සඳහා ක්‍රියා කරන විට එයට එ‍රෙහිව නීති විරෝධී ‍ලෙසට පත්වීම ලැබූ ‍මොහාන් පීරිස්, ධුර‍යේ රැඳී සිටීමට, නිවට‍යෙකු ලෙසට කටයුතු ක‍ළේය.

ආත්ම ගරුත්වයක්, ලැජ්ජාවක්, යම්තම් ‍හෝ ආත්මඅභිමානයක් ‍මොහුට ති‍යෙනවා නම් ‍මොහු ඉල්ලා අස්වනු ඇතැයි වි‍ශේෂයෙන් නීතිඥ ප්‍රජාව‍ගේ මතය විය. නමුත් එය එ‍සේ ‍‍නොවීය. කුමන ජඩ වැඩක් කර අසුවූවත් තනතුර අතහරින්නට සිංහලයන් සූදානම් නැති  බව, රාජපක්ෂ ‍රෙජිම‍යේ මැති ඇමතිවරු නිලධාරීන් ඔප්පු කර සිටි‍යේ එක්වරක් ‍නො‍වේ.

මොහාන් පීරිස් ද වැඳවැ‍ටෙමින් තමා රැක ‍දෙන්න යැයි ඉල්ලා සිටි‍යේ කියන ඕනෑම ‍දෙයක් කරන බවට විලි ලැජ්ජා නැති ප්‍රකාශ ද කරමින්ය. ඔහු තනතුර රැක ගන්න නොකළ බලු වැඩක් නැත.

එපමණක් ‍නොව, ‍මොහාන් පීරිස්, පරාජය වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ බල‍යේ තියා ගන්නට ජනාධිපතිවරණ දින 2015.01.08 රාත්‍රියේ සිට ප්‍රතිඵල නිකුත් ‍වෙමින් තිබූ 22015.01.09 අලුයම දක්වා අරලියගහ මැදුරේ සිටිමින් කුමන්ත්‍රණය කළේය.

මේ සියලු පසුබිම තුළ, නීතිඥ සංගමය හා නීතිඥ එකතුව ‍මොහාන් පීරිස් ට ඉල්ලා අස්වන ‍ලෙසට බල කළේය. ඒ සඳහා උද්ඝෝෂණ ද ආරම්භ ක‍ළේය. 2015.01.28 දින, නීතිඥ එකතුව, සිවිල් සංවිධාන, වෘතීය සමිති එක්ව, අලුත් ක‍ඩේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට උද්‍ඝෝෂණයක නිරත විය.

නමුත් මෙදින මෙම උද්‍ඝෝෂණයට, එක් වූ‍යේ ක්‍රියාකාරී නීතිඥවරුන් පිරිසක් පමණි. අ‍නෙක් නීතිඥවරුන් උද්‍ඝෝෂණය මග හැරි‍යේය. එය ‍නොකළ යුතු බවට ද තර්ක ක‍ළේය. ‍මෙහිදී සමහර නීතිඥවරු ප්‍රකාශ කර ඇත්‍තේ කලු කෝට් දා‍ගෙන උද්‍ඝෝෂණය කිරීම වෘතියට නුසුදුසු බවයි. ඒ පමණක් නොව එදා හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මිය, පලවා හැරීම නීති වි‍රෝධී බව පවසමින් වීදි බසින ලද නිතිඥවරුන් අතරින් ඉදිරියෙන් සිටි ජනිධිපති නිතිඥ ශ‍්‍රිනාත් පෙරේරා, මොහාන් පිරිස්ගේ පත්කිරිම බල රහිත කිරිමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ගත් පියවර වැරදි බවට කියා සිටියේය. මොහු එක්සත් ජාතික පක්ෂිකයෙකි. මේ බල්ටිය ගැන අගමැති රනිල් කියන්නේ කුමක් ද!

මෙහිදී අපට කිය යුතු ‍දෙයක් ඇත. කලු කෝට් දා‍ගෙන සමහර නීතිඥවරැන් හැසි‍රෙන්‍නේ මං‍කොල්ලාකරුවන් ‍ලෙසට බව. අධිකරණ ‍සේවකයින්ට අල්ලස් ‍දෙන ‍මේ නීතිඥවරු ‍පොලිස්කාරයින්‍ගේ පස්‍සෙන් ‍ගොස් නඩු ලබා ගනිති. සල්ලි අර‍ගෙන උසාවි ‍නඩු බවාදෙන මේ බඩගොස්ත්‍ර නීතිඥ නඩය උද්‍ඝෝෂණ වලට බය බව අපි දනිමු. වැඩි හරියක් නඩු කරන්‍නේ දක්ෂකම් මත ‍නොව නඩුකාරයින් හා ‍පොලිස්කාරයින් තෘප්තිමත් කරමින්ය. ‍මෙම නීතිඥවරු සිදු කරන නීති වි‍රෝධී අපරාධ ‍ලේඛණයක් ඉදිරි‍යේදී අප ප්‍රකාශයට පත් කරන්‍නෙමු.

වෘතීය ගරුත්වය රැ‍කෙන්නේ ඇඳු‍මෙන් නොවේ. කබායෙන් නො‍වේ. යුක්තිය උ‍දෙසා නිර්භයව අවංකව ඉදිරිපත් වී‍මෙනි.



1 comment:

  1. කොහොම වුණත් ශිරාණි බණ්ඩාරනායකත් කලින් මහින්දගේ කෙනෙක් තමයි. අනෙක ඇයගේ සැමියාට එරෙහිව මූල්‍ය වංචා නඩුවක් විභාග වෙමින් පවතිනවා මම දන්න විදිහට. ඇත්තටම කවුරුවත් යහපත් නෑ. හැමෝගෙම කිල්ලෝටවල හුණු ටික ටික තියෙනවා. නමුත් ඇතැම් අය ජීවිතේටවත් හුණු දැකලා නෑ වගේ කෑගහනවා. අයියෝ සල්ලි කිව්වලු.

    ReplyDelete