Tuesday, January 20, 2015

යහපාලනයකට ඉඩ සලසමින් ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, කොමසාරිස්වරු හා අතිරේක ලේකම් නීති තනතුරුවලින් ඉල්ලා අස්වනු.


මෙම ඉල්ලීම කරන ජනසංසදය සිය කැමැත්තෙන් ඉල්ලා අස්වෙන්නේ නැති නම් ඉල්ලා අස්වන ලෙසට බල කළ යුතු බව කියා සිටී. විවෘත ලිපියකින් මෙම ඉල්ලීම කර තිබේ. සම්පුණ ලිපිය හා සිවිල් සංවිධාන වෙත කරන ලද ආයාචනය පහත දැක්වේ.
2015.01.19 දින දී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අයුතු ලෙසට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය ඉවතට දමමින් සම්මත කරගත් ඊනියා 18 වන සංශෝධනය යටතේ, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධූරය හා කොමසාරිස් ධූර නිවටලෙස ලබාගෙන, රාජපක්ෂ රෙජිමයේ සියලූ මානව හිමිකම් උල්ලංඝණයන් සාධාරණීය කරමින් කටයුතු කළා පමණක් නොව, සාමාන්‍යය ජනතාව මුලා කර නොමග යැවීමට ද, තව දුරටත් ඔවුන් ව පීඩාවට පත් කිරීමට ද කටයුතු කළේ ය.
එපමණක් නොව, කොමිෂමේ දුෂිත නිලධාරීන් ආරක්ෂා කරමින්, අල්ලස හා දුෂණයට මං පෑදුවේ ය. කොමිෂම හමුවට, යුක්තිය අපේක්ෂාවෙන් එන සාමාන්‍යය ජනයා පීඩාවට පත් කළේ, දුෂිත, නීති විරෝධී කි‍්‍රියාවන්හි නියැළි රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට ය; තෘප්තිමත් කිරීමට ය.
හිටපු ජනාධිපතිගේ දුෂිත පාලනය රැුක ගනිමින්, දුෂිත ක‍්‍රියාවන්ට හවුල් වෙමින් නීතිඥ නිමල් පුංචිහේවා මහතා අතිරේක ලේකම් පදවියේ රැුඳී සිටින්නේ මු`ඵ ලොවම පිළිගත් තනතුරු දැරීමේ පටිපාටියන් කෙලසමින් ය; නීති විරෝධීව ය; හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවශ්‍යතා පිරිමැසීමට ය.
නීතියට පටහැනිව දුෂිතව තනතුරුවලට පත්කිරීම මෙන්ම දුෂිත ආකාරයට ලබාදෙන පත්වීමී බාර ගැනීම ද එක හා සමාන වරදවල් ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විරුද්ධව ජනතාව දෙන ලද ඡුන්දය, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ සභාපති, කොමසාරිස්වරු, අතිරේක ලේකම් නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප‍්‍රමුඛ දුෂිත නිලධාරීන්ට විරුද්ධව දෙන ලද ඡන්දයකි.
ජනාධිපති ධුරයට පොදු අපේක්ෂක ලෙසට මෛත‍්‍රීපාල සිරිසේන මහතා බහුතරය ඡුන්දයේදී බලයට පත් කළ එක් ප‍්‍රධාන කාරණයකි, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නීති විරෝධී ව පත්වීම් ලබාගෙන ධුර හොබවන සභාපති, හිටපු විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා වන ඔබ ඇතු`ඵ සියලූ ම කොමසාරිස්වරු හා එ් ආකාරයෙන් ම පත්වීම් ගෙන සිටින අතිරේක ලේකම් නීතිඥ නිමල් පුංචිහේවා ඉවත් කරවීම
එ් නිසා, නොපමාව ඔබ සියලූ දෙනා හොබවන තනතුරුවලින් ඉල්ලා අස්ව, යහ පාලනයට ඉඩ සලසන ලෙසට ඉල්ලා සිටිමු. ස්තූතියි. අ.ක/චිත‍්‍රාල් පෙරේරා (ලේකම්) ජනසංසදය
සියලූ ම සිවිල් සංවිධාන, වෘතීය සමිති, දේශපාලන පක්ෂ, යහපාලනය අපේක්ෂා කළ පුරවැසියන් අමතන ලද ලිපිය.
ගරු ස්වාමින්වහන්ස, පුජක තුමනි, මහත්මයාණනි/මහත්මාවනි
  යහපාලනයකට ඉඩ සලසමින් තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙසට කරණු ලබන ඉල්ලීම.
උක්ත මාතෘකාව යටතේ අප විසින් ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, කොමසාරිස්වරු හා අතිරේක ලේකම් වෙත යවන ලද ලිපිය මේ සමග අමුණා ඇත. අනෙකුත් ආයතනවල තනතුරු හොබවන දුෂිත නිලධාරින් මෙන්ම, ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, කොමසාරිස්වරු හා අතිරේක ලේකම් බලයේ රැඳිසිටීමට උපරිම උත්සාහය ගන්නා බව ඔබ හොඳින් දන්නා කරුණකි. මෙම පිරිස ස්වේච්ඡාවෙන් තනතුරු අතහරින්නේ නැත. මොවුන් කිසිවකුටත් ආත්මගරුත්වයක් නැත. ප‍්‍රතිපත්තියක් නැත. සොරකම් කිරිමට අයුතු ලාබ ප‍්‍රයෝජන ලබා ගැනීමට  ඕනෑම අයෙකු ඉදිරියේ දණින් වැටීමට සුදානම් පිරිසකි. අංශු මාත‍්‍රයක් හෝ ගරුත්වයක් මොවුන් ගේ එකෙකුට හෝ තිබුණා නම් මේ වනවිටත් තනතුරු අතහැර ගොස්ය.
දින 100 ගැන බලාපොරෙත්තු තබා ගෙන සිටිය යුතු අවස්ථාවක් නොවන බව ප‍්‍රකාශ කරමු. මොවුනට ඉවත් වන ලෙසට ඉල්ලා සිටින්න, බල කරන්න, එ් සඳහා බලපෑම් කරන්න, ඉදිරියට මොවුන් හමුවීමේන් වළකින්න. මොවුන්ගේ ආරාධනයෙන් හෝ සහභාගීත්වයෙන් පැවැත්වෙන කිසිදු රැුස්වීමකට, සාකච්ඡුාවකට, සම්මන්ත‍්‍රණයකට සහභාගි නොවීමෙන්, අප‍්‍රසාදය හා විරෝධය පළකරන්න. එම බලපෑම මෙම පිරිසේ ආයු කාලය අවසන් කිරීමට උපකාරි වන බව විශ්වාසයෙන් යුතුව ප‍්‍රකාශ කරමු. යහපාලනයක් උදෙසා තර්ජන ගර්ජනවලට පමණක් නොව රැුකියා හා ජිවිත පරදුවට තැබූවන්ට ගරු කිරිම උදෙසා මෙවන් පියවර ගතයුතු ව තිබෙන බව ද අප විශ්වාස කරමු.
ස්තුතියි, චිත‍්‍රාල් පෙරේරා.(ලේකම්)

සැ:යු:- මෙවන් බලපෑම් පොලිස් කොමිෂම ඇතුලූ අනෙකුත් කොමිෂන් හා ආයතන වෙත කළ යුතුව තිබේ.

No comments:

Post a Comment