Thursday, January 15, 2015

මහමත් තුමාගේ කාටූන පළ කිරීම, මාධ්‍යවේදීන් මරා දැමීමෙන් වළක්වා ගන්නට බැරිවෙයි.




පසුගියදා, ප්‍රංශයේ විකට සගරාවක් වන චාලි හෙබ්ඩො (Charlie Hebdo) සගරාවේ මුල් පිටුවේ, මහමත් තුමාගේ කාටූනයක් පළ කිරීම නිසා, එම කාර්යාලයට කඩා වැදුනු සන්නද්ධ කල්ලියක්, එහි කතුමඩුල්ලේ සාමාජිකයින් 10කු හා ආරක්ෂක පොලිස් නිලධාරීන් 02කු මරා දැම්මේය.

මෙම ඝාතනය, ඉස්ලාමීය අන්තවාදී අල්කයිඩා සංවිදානය විසින් කරනු ලැබීය. මෙම ඝාතනයට යොදා ගනු ලැබුවේ ප්‍රංශ මුස්ලිම් සහෝදරයින් 02කි. මොවුන් අපරාධකරුවන් වන අතර, අල් කයිඩා සාමාජිකයින් ය.

සෑම ආගමක්ම, දේශාපලකයින්ව හාස්‍යයට ලක්කරන, කාටූන් රැගත් සති පතා පළවන විකට සගරාවක් වන චාලි හෙබාඩෝ, හැටදහසකටත් වඩා අඩු පාඨකයින් සිටින කුඩා පරිමාණයේ ප්‍රකාශනයකි.

මෙම ඝාතනයෙන් පසුව, මෙම සගරාවට තිබෙන ඉල්ලුම, මිලියන පහ දක්වා වැඩි වුනු අතර, සගරාව මිළදී ගැනීමට පෝලිම් ගැසී සිටින අයුරු දකින්නට ලැබින.

මහමත් තුමා කාටුන් රැගත් නවතම කලාපය පලකිරීමෙන්, තම නිදහස් අදහස් ප්‍රකාශ කිරීම, මරා දැමීමෙන්, බිය ගැන්වීමෙන් කළ නොහැකි බව - යලිත් වරක් මාධ්‍යවේදීන් ඔප්පු කර සිටියේය.
ලොව පුරා හිස ඔසවන ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව, විශේෂයෙන් යුරෝපය පුරා ‍ගොඩ නැගෙන මුස්ලිම් විරෝධය, මෙම ඝාතනය සමග උත්සන්නව තිබේ.

චාලි හෙබ්ඩෝ සගරාවේ, මහමත් තුමා නිරූපණය කරන කාටුන්, මේ වන විට, තුර්කියේ පුවත්පත්වල පවා පළකිරීමට පටන්ගෙන තිබුනා.

චාලි හෙබ‍ඩෝ සගරාව ප්‍රකාශ කරන්නේ තමාගේ අවිය පැන්සල හා කඩදාසි බවයි.

තම අදහස් පළ කිරීම මගින් යමෙකුට සිත් රිදුනාට කළහැකි දෙයක් නැති බවද ඔවුන් ප්‍රකාශ කරයි. මෙම විකට සගරාව හාස්‍යයට ලක්කරන්නේ මහමත් තුමාව පමණක් නොවේ. ක්‍රිස්තියානි, යුදෙව් ආගම් වල නායකයින් ද, ප්‍රංශ ජනාධිපති ඇතුඵ ලොව ප්‍රකට පුද්ගලයින්වද මෙම සගරාව විසින් හාස්‍යයට ලක්කර තිබේ.

ප්‍රංශයේ මෙන්ම, යුරෝපයේ මධ්‍යස්ථ ඉස්ලාමීය නායකයින් හා මුස්ලිම් බැතිමතුන් මෙම ඝාතනය හෙළා දැකීමට වීථි බසින ලද අතර, තම සිත් රිදුනත්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට, ඕනෑම ආගමක් දහමක් විවේචනය කිරීමට තිබෙන අයිතිය පිළිගන්නා බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර, යුරෝපය, සංක්‍රමික ජනයාට එරෙහිව ඒකරාශී වන අන්ත දක්ෂිනක කණ්ඩායම්, ප්‍රංශය ඇතුලු යුරෝපා රටවල් ගණනාවක මුස්ලිම් දේවස්ථානවලට පහරදී තිබේ. කදින් වෙන්කල ඌරුහිස්, දේවස්ථාන භූමි වල දමා තිබෙනු දකින්නට ලැබින. තාප්පවල ඉස්ලාමීය විරෝධී සටන්පාඨ ලියා තිබින.
නවතම කලාපය 

Add caption



No comments:

Post a Comment