Tuesday, January 13, 2015

අප්පච්චී! පප්පච්චී !!




අපරාජිතව සිටින්නට, හෙළයේ සියලු දරුවන් ජාතක කළේ තමා බව පවසමින්, නොදරුවන් ලවා, මැතිවරණයට පෙර, ප්‍රචාරය කළ අප්පච්චී අප්පච්චී සිංදුව, තමන්ට කරන ලද නින්දාවක් ලෙසට තේරුම් ගත් කුඩා දැරියන් පිරිසක් පප්පච්චී පප්පච්චී කියමින්, උඩ පනිමින් කියන්නට පටන් ගත්තේ පසුගියදා ඔවුන් අතට පත්වූ පාසල් නිල ඇදුම් සදහා ලැබූ රෙදි පාර්සලය තුල ද, රාජපක්ෂගේ පණිවුඩය දැකය.

පෙර දිනයේ ඩිපෙන්ඩිර් යවා, තෝරාගත් කුඩා දරුවන් රැස්වීම් ඉදිරිපිටට පෙළ ගස්වා, ඔවුන් වඩාගෙන රග දක්වමින්, නැටූ නාඩගමට රැවටුනු පිරිසක්ද විය. ඔවුන් ගැන අනුකම්පා කල යුතුය.


මෛත්‍රී පාලනය මෙවන්, ඔජඩ වැඩ නොකරනු ඇතැයි යන්න අපේක්ෂාවයි.

1 comment:

  1. වැදගත් වන්නේ අවසාන ප්‍රකාශයයි..... මෙවැනි වැඩ නැවතත් මේ අාණ්ඩුවෙන් අපි බලාපොරොත්තු නොවන බව ඔවුන් මනාව දැනගත යුතුයි.....

    ReplyDelete