ශ‍්‍රී ලංකාව: ජනතා ජයග‍්‍රහණයට සුභපැතුම්; අගවිනිසුරට ධූරයෙන් ඉල්ලා අස්වීමට හෝ ඔහු දෝෂාභියෝගයට ලක් කළ යුතුය

                                                                                 (ආසියානු මානව හිමිකම් කොමිසමෙන් ප‍්‍රකාශයක්)
රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය සඳහා ශ‍්‍රී ලාංකිකයන්ගේ කැපවීම දැඩි ලෙස තහවුරු කරන ජනතා තීරණයේ ප‍්‍රතිඵලක් ලෙස ශ‍්‍රී ලංකාවේ දේශපාලන දිවියේ තීරණාත්මක නව අදියරක් උදා වී ඇත. නව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ නව ප‍්‍රජාතාන්ති‍්‍රක සන්ධානයේ ජයග‍්‍රහණය පොරොන්දු වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය සහ සෙසු ප‍්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ජනතාව විසින් ලබාදුන් වරමකි. සියල්ලටම පෙර මේ වරම,  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 17වන සංශෝධනය ස්වයංක‍්‍රීයව සකි‍්‍රය කරවමින්   18 වන සංශෝධනය වහාම අහෝසි කිරීම සඳහා ලබාදුන් ජන වරමක් වන අතර, ඉන්පසු රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය බලගැන්වීම සඳහා බාධක වශයෙන් පවතින 1978 ආණ්ඩුක‍්‍රමයේ සියලූ අනර්ථකාරී වගන්ති ඉවත් කළ යුතුය. ලෝකයේ අන් කිසිදු තැනක විධායක ජනාධිපතිවරයා හට පරම බලය පාවිච්චි කිරීමට මෙතරම් බලතල ලබාදී නැති බව මෙහිදී සැලකිල්ලට ගත යුතුය. ඇමරිකා එක්සත් ජනපදය සහ ප‍්‍රංශය වැනි රටවල් ජනාධිපතිවරයාගේ බලතල සීමා කර තිබෙන්නේ ඔවුන්ගේ ජනාධිපතිවරුන් විස්තීරණ ආයතනමය රාමුවකට බැඳ තැබීමෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නීතියේ ආධිපත්‍යයත් උත්තම්භනය වන තිතර සම්ප‍්‍රදායන්ට බැඳ තැබීම මගිනි. ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රමයේ තිබෙන අනර්ථකාරී ප‍්‍රතිපාදනයන් හැකි තාක් කඩිනමින් ඉවත් කළ යුතුය. මාධ්‍ය නිදහස ට බාධා කිරීම, මාධ්‍යවේදීන්ට හා සෙසු මත දරන්නන්ට සිදුකරන පහර දීම් වැනි ජනතා සහභාගිත්වය සඳහා වන සියලූ බාධක අවසන් කළ යුතු අතර, ඒ අනුව ජනතාවට එකී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ගෙන ඒම සඳහා දායක විය හැකිය. 
මැතිවරණ කොමසාරිස්ට ආචාරය
විධායක ජනාධිපතිවරුන් කිහිප දෙනෙකු විසින් සිදුකළ බරපතළ ප‍්‍රහාරයන් තිබියදීත්, නිදහස් හා සාධාරණ මැතිවරණවලින් තොරව පැවති රටක් වශයෙන් ලංකාව නැවත වරක් සනාථ කර තිබෙන්නේ එහි මූලික ප‍්‍රජාතාන්ත‍්‍රික ව්‍යූහය තවමත් පවතින බවයි. 1931 වසරේදී හඳුන්වා දුන් ඡුන්ද බලය ශ‍්‍රී ලංකාවේ දේශපාලන ව්‍යූහයේ සහ ජනතාවගේ මානසිකත්වයේ තිර අංගයක් බවට පත් වී තිබේ. මේ සම්බන්ධයෙන්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා අයිතිය ධෛර්යමත්ව ආරක්ෂා කරදීම වෙනුවෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාට විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුය. ඔහු සහ ඔහුගේ කණ්ඩායම ජනතාවගේ නියම ගරුත්වය ලබාගෙන ඇති අතර, ඉදිරි අනුප‍්‍රාප්තිකයන් විසින් ද කි‍්‍රයා කළ යුතු අන්දම පිළිබඳව පූර්වාදර්ශයක් ලබාදී තිබේ. මැතිවරණ කොමසාරිස්වරයා විසින් ගන්නා ලද ශක්තිමත් ස්ථාවරය, 17 වන සංශෝධය යටතේ ස්වාධීන මැතිවරණ කොමිසමක් හැකිතාක් ඉක්මනින් පිහිටුවීම දක්වාම වැඩිදියුණු වේ යැයි විශ්වාස කෙරේ. 
සියලූ ප‍්‍රජාතාත්ත‍්‍රික ආයතන ශක්තිමත් කිරීම
1978 ආණ්ඩුක‍්‍රමයේ අරමුණ වූයේ ශ‍්‍රී ලංකාවේ සියලූ ප‍්‍රජාතාන්ති‍්‍රක ආයතන විනාශ කිරීම නොවේ නම් අඩපණ කිරීමය. අවසාන වශයෙන් ශ‍්‍රී ලාංකික ජනතාව එහි ඇති භයානකකම වටහාගෙන පොලිස් සේවය, මැතිවරණ කොමසාරිස් ධුරය, සිවිල් සේවය, විගණකාධිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිසම සහ සෙසු සියලූ ඒ හා සබැඳි ආයතන වැනි ශ‍්‍රී ලංකාවේ මහජන ආයතනවලට එල්ල වී තිබෙන සියලූ මර්දනයන් අවසන් කරනු වස් එක හෙළා ඡුන්දය ප‍්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන්, නීතිියේ ආධිපත්‍යය නැවත පිහිටුවීමේ දැක්මෙන් බලන විට ශ‍්‍රී ලංකා පොලිසියේ ස්වාධීනත්වය තහවුරු කිරීම ප‍්‍රමුඛතර දෙය ලෙස පවතියි. පොලිසිය ප‍්‍රධාන නීති සාධන ආයතනය බවට පත් කළ යුත්තේ නීතියේ ආධිපත්‍යය සුරකිමින් සහ ජනතාවට විවිධාකාර කි‍්‍රයාකාරකම්වල නිතර වීම සඳහා ආරක්ෂිත වාතාවරණයක් ඇති කරමිනි. පොලිස් ආයතනය ට හානිකර බොහෝ දේ සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් ‘දේශපාලනීකරණය’ යන ජනපි‍්‍රය යෙදුමෙන් හැඳින්වෙන, දේශපාලනඥයන් සිය අරමුණු ඉටුකර ගැනීම සඳහා පොලිස් සේවය පාලනය කිරීම යන සරල අදහස වැදගත්ම බාධකයයි. මේ ක‍්‍රමයේ කොටසක් බවට පත්ව තිබෙන එබඳු සෘණාත්මක කි‍්‍රයාදාමයක් ප‍්‍රමාණාත්මක ලෙස සමාලෝචනය කළ යුතු වන අතර ඒවා ඉවත් කිරීම සඳහා ප‍්‍රතිශෝධන පියවර ගත යුතුය. 
සීඝ‍්‍ර ආර්ථික දියුණුවක් ල`ගා කර ගැනීම සහ සියලූ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම යන දෙයාකාරයෙන්ම ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කර තිබෙන එක් ප‍්‍රමුඛතර කරුණක් වනුයේ ශ‍්‍රී ලංකා පොලිසිය නවීකරණය කිරීමයි. රටේ පවතින පැරණි මොඩලයේ පොලිස් ක‍්‍රමය නවීන ජාතියක සංකීර්ණතාවට සරිලන සේවා ලබාදීමට අපොහොසත් ය. බි‍්‍රතාන්‍යය විසින් හඳුන්වා දුන් බි‍්‍රතාන්‍ය-අයිරිෂ් මාදිලියේ පොලිස් ක‍්‍රමය ලෝකයේ සිදුවෙමින් පවතින වෙනස්කම් උකහා ගැනීමට අසමත්ව තිබෙන අතර, මේ අනුව යල්පිනූ ආයතනයක් බවට පත්ව තිබේ. ශ‍්‍රී ලංකාව වැනි යටත් විජිත මෙන් නොව, ලන්ඩන් නගරයේ වැඩිදියුණු කර තිබෙන්නේ සම්මුතිය මගින් හඳුනාගත්-නාගරික ක‍්‍රමයේ පොලිසියකි. මෙවැනි පොලිස් ක‍්‍රමයක් ශ‍්‍රී ලංකාවේ ආයතනයික රාමුවේ කිසිකලෙකත් කොටසක් නොවීය. මේ අනුව අවශ්‍ය වී තිබෙන්නේ රැුඩිකල් ක‍්‍රමයේ නැවත ගොඩනැංවීමකි. නූතන හැකියාවන් ළ`ගාකර ගැනීමේ මෙම ප‍්‍රමාද වූ කාර්යය ඉටුකිරීමට සහ පොලිසිය පිළිබඳ තිබෙන ප‍්‍රතිරූපය වෙනස්කිරීමට පොලිස්පතිවරයා සහ උසස් නිලයන් විසින් එළඹෙනු ඇතැයි ආසියානු මානව හිමිකම් කොමිසම විශ්වාස කරයි. 
භීතියේ සහ විනිර්මුක්තියේ සංස්කෘතිය අවසන් කිරීම
1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමග ආරම්භ වූ මෙම සංස්කෘතියට, ආණ්ඩුවේ බලධාරිත්වයෙන් යුත් අධිකරණමය නොවන ඝාතන, බලහත්කාරයෙන් සිදුකරන අතුරදන් කිරීම් ද ඇතුලූව, සියලූ පොලිස් ස්ථානවල පුරුද්දක් වශයෙන් සිදුකෙරෙන වධහිංසාව, ආණ්ඩුවේ සියලූ විරුද්ධවාදීන් හට මරණ තර්ජන සිදුකිරීමේ ආරක්ෂක උපක‍්‍රමය සහ හමුදා, පොලිස් හෝ සමාන්තර හමුදා සේවයට අයත් වරදකාරී නිලධාරීන්ට නඩු පැවරීමට සහ ඔවුන්ව විමර්ශනයට අසමත්වීම ඇතුළත් ය. මේ ගැටලූව සම්බන්ධයෙන් විචාරාත්මක විමසීමක් සහ එය නතර කිරීම සඳහා ගත යුතු පියවර, පොලිස් සේවය නවීකරණය කිරීමේ එක් සංරචකයක් විය යුතුය. 
හොංකොං හි ICAC ආකාරයේ දූෂණ මර්දන කොමිසමක් සංස්ථාපනය කිරීමේ වැදගත්කම
ශ‍්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ මර්දන කොමිසම ජනතාවගේ අවමානයට ලක්ව ඇත. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ රෙජීමය යටතේ මේ කොමිසම නිවාඩු යවා ඇත්තා සේය. එම කොමිසම විසින් සිදුකරතැයි අපේක්ෂිත නීත්‍යානුකූල කාර්යයන් එය ඉටුනොකරන බව සහතික කරන්නට ආණ්ඩුව පියවර ගත්තේය. මේ දක්වා බිහිවූ ශී‍්‍ර ලංකාවේ සියලූ ආණ්ඩු, අල්ලස සහ දූෂණය පිටුදැකීම සඳහා කිසිදු බරපතළභාවයකින් යුතුව අරගල කිරීමට සමත් වී නැත.
ශ‍්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා මෙන්ම රට තුළ නීතියේ ආධිපත්‍යය ද සුරක්ෂණය වීම සඳහා ගත යුතු තවත් එක් ප‍්‍රබලතම පියවරක් වන්නේ අල්ලස හා දූෂණයට එරෙහි සැබෑ කොමිසමක් පිහිටුවීමයි. දූෂණය මර්දනය කිරීම සඳහා වන බලාත්මක රාජ්‍ය ආයතනය සඳහා ලොව පුරා උදාහරණ ගණනාවක් තිබේ. එවැනි එක් ආයතනයක් වන්නේ හොංකොං හි පිහිටා තිබෙන දූෂණයට එරෙහි ස්වාධීන කොමිසමයි. 
නව ජනාධිපතිවරයා ව අනාගතයේ කෘතවේදිත්වයෙන් යුතුව සිහිපත් කළ හැකි, ඔහු විසින් ලබා යුතු එක් විශාල දායකත්වයක් වන්නේ දූෂණය සමග සටන් කරන එවැනි විශ්වාසනීය ආයතනයක් පිහිටුවීමයි. නව ජනාධිපතිවරයා සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ මෙවැනි කොමිසමක් පිහිටුවීම සඳහා ප‍්‍රමුඛත්වය ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරමු. එය, අලූත තේරී පත්වූ ආණ්ඩුවට, මහින්ද රාජපක්ෂගේ පෙර ආණ්ඩුව මෙන්ම සිය විධිනියම පත‍්‍රයට ද්‍රෝහී වනු ඇත්දැයි ජනතාව තුළ තිබෙන බිය ඉවත් කළ හැකි එක් මගක් වේ. 
අධිකරණයේ ස්වාධීනත්වය: අග විනිසුරු මොහාන් පීරිස් දෝෂාභියෝගයට ලක්කිරීමේ අවශ්‍යතාවය
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කීර්තියට ඇති වූ අති දැවැන්ත කැළලක් වූයේ ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරු පදවියෙන් නීතිවිරෝධී ලෙස ඉවත් කිරීමයි. අධිකරණයේ ස්වාධීනතාවයට එල්ල වූ එවැනි ප‍්‍රහාරයක් නැවත ඇති නොවන බව සහ එවැනි ප‍්‍රහාරයකින් ආරක්ෂා වීමම සඳහා සුරක්ෂණයන් ඇති කරන බවට ශ‍්‍රී ලංකා ජනතාවට නැවත සහතික විය යුතුය. 
මේ සම්බන්ධයෙන් කළයුතු පළමු පියවර වන්නේ දැනට පදවියේ සිටින ඞී ෆැක්ටෝ අගවිනිසුරු මොහාන් පීරිස් ඉවත් කිරීමයි. ඔහු එසේ අස් නොවන්නේ නම් දෝෂාභියෝගයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය අර්ථයන් තුළ එසේ කළ යුතු වේ. ඔහුගේ කිළිටි වෘත්තීය ජීවිතය, ඔහු ව දෝෂාභියෝගයට ලක් කිරීම සඳහා පමණටත් වැඩි පදනමක් සපයයි. තවද මේ සමග විනිසුරුවරුන් පත්කිරීම, මාරුකිරීම සහ ඉවත්කිරීම සම්බන්ධ කි‍්‍රයාවලියේදී දේශපාලනමය අතපෙවීම් ඉවත්කිරීම සඳහා සියලූ පියවර ගත යුතුය. 17 වන සංශෝධනය වහා බලාත්මක කිරීම මෙයට දායක වනු ඇත. මේ හැරුණු විට, විනිසුරුවරුන් විසින් සිදුකරන බලය අයුතු ලෙස යොදාගැනීම් හා දූෂණයන් සම්බන්ධයෙන් මහජනයාට පැමිණිලි කළ හැකි ක‍්‍රම නිර්මාණය කළ යුතුය. තවද එබඳු පැමිණිලි විශ්වාසනීය ලෙස සහ  සීඝ‍්‍රයෙන් විමර්ශනය කර සුදුසු පියවර ගත යුතුය.  
සිවිල් සමාජය
පෙර පැවති ආණ්ඩුවේ සිරිතක් වූයේ සිවිල් සමාජයේ කි‍්‍රයාකාරකම් රටට පහරදීමක් සේ පෙන්වීමයි. ජනතාව දේශපාලනයට මැදිහත්වීම සීමාකිරීමට බොහෝ දේ කරන ලදී. එම ප්‍රොපගැන්ඩාව ඉවත්කිරීමට සහ සිවිල් සමාජයේ සියලූ ආයතනවලට ජාතියේ කි‍්‍රයාකාරිත්වයට දායක වීමට හැකි වන පරිදි දැඩි පරිශ‍්‍රමයන් ගත යුතුය. 
මෙතරම් දශක ගණනක් 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක වීමට ඉඩ දී තිබීම ශ‍්‍රී ලංකාවේ සිවිල් සමාජයට එක් වූ කැළලක් ලෙස පවතියි. මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මුලපටන්ම විරෝධය දැක්විය යුතුව තිබිණි. සිවිල් සමාජය එවැනි විරෝධයක් දැක්වීමට අසමත් වූයේ මන්ද යන්න ප‍්‍රවේශමෙන් අධ්‍යයනය කළ යුතු වන අතර, ලිබරල් ප‍්‍රජාතාන්තී‍්‍රය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක මූලික මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා සිවිල් සමාජයේ අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කළ යුතුය. මෙම සෘණාත්මක අත්දැකීම නැවත වරක් අත්විඳීමට ඉඩ නොතැබිය යුතුය. 
ජාතික ශක්තිය සඳහා අලූත් සමීකරණයක්: සුලූතරය සහ බහුතරය එක්ව නැගී සිටීම
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තර්ජනයට ලක්වූ සෑම තීරණාත්මක අවස්ථාවකදීම දමිල, මුස්ලිම් සහ සෙසු ආගමික සුලූතරයන් හෙවත් සුලූ ජාතික ප‍්‍රජාව සිංහල බෞද්ධ බහුතරය සමග එක්ව නැගී සිටියහ. මෙම මැතිවරණය එයට තවත් එක් නිදසුනකි. මෙම ප‍්‍රතිඵලය මගින්, ශ‍්‍රී ලංකාවේ මහත් දුක්ඛයන් සහ අහිමිවීම් නිර්මාණය කළ ප‍්‍රධාන ගැටලූවලින් සමහරක් විසඳීම සඳහා ජන සංජානනය යොදාගැනීමටත්, සුලූතරයට සහ බහුතරයට ස්වකීය නිර්මාණාත්මක හැකියාවන් භාවිතා කිරීමටත් හැකිවන සමීකරණයක් සපයයි. 
අවශ්‍ය වන්නේ සමාජයේ සියලූ කොටස් කතිකාවතට සම්බන්ධ වී, සාධාරණ සම්මුතියක ජීව ගුණයක් තුළ දේශයට පීඩා කරන සියලූ ගැටලූ නිරාකරණය කර ගත හැකි බව විශ්වාස කිරීමයි. නව ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ සන්ධානයද, සුලූ ජාතික පක්ෂ ඇතුළත්ව සියලූ දේශපාලන පක්ෂ ද එකිනෙකාට උපකාර කරගත හැකි මෙම නව දේශපාලන සහයෝගිතා සමීකරණය තුළ වැඩ කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. 
නැවත වරක් සිය දේශපාලනමය බුද්ධිමත්භාවය සහ ප‍්‍රඥාව විදහා දැක්වූ ශ‍්‍රී ලාංකේය ජනතාවට අපි සුබ පතන්නෙමු. එම බුද්ධිමත් භාවය සහ ප‍්‍රඥාව මේ රටෙන් කිසිදා නැති නොවේවායි ද පතන්නෙමු. අද සිදුවූ මෙම වෙනසේ ප‍්‍රතිඵලවල ප‍්‍රතිලාභය අනාගත පරම්පරාවන් ලබනු ඇතැයි අප විශ්වාස කරන අතර, අනාගතය පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂා නැවත කිසිදිනෙක පාවා නොදෙනු ඇතැයි ද අපි අපේක්ෂා කරමු.
Share on Google Plus

About janasansadaya

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 ලිපිය පිලිබඳ අදහස් :

Post a Comment